වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




බංකර් කුරුටු ගී ප්‍රදර්ශනය ජූනි 30

බංකර් කුරුටු ගී ප්‍රදර්ශනය ජූනි 30

හිටපු යුදහමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්

රණවිරුවන් විසින් යුද බිමේදී ලියා තැබුව කවි, ගී ඇතුළු නිර්මාණ ඇතුළත් බංකර් කුරුටු ගී නමින් ප්‍රදර්ශනයක් ලබන ජූනි 30 වැනිදා මැලේ වීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ප්‍රදර්ශනය ආර්ය පදනමේ 10 වැනි සංවත්සරයට සමගාමීව සිදු කෙරේ. රණවිරු අභිමානය කම්පනයෙන් යුතුව හා නිල ඇඳුමෙන් පිටතට පෙනෙන එඩිතර බව, ගාම්භීරත්වය හා තේජාන්විත රණවිරුවාගේ ඇතුළත ඔබ නොසිතූ ඉසව්වකට කැඳවාගෙන යන අයුරු මෙම ප්‍රදර්ශනයෙන් ගම්‍යමාන වෙයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් මෝදර රොක් හවුස් කඳවුරේදී පැවැත්විණි.

රණබිමේ යුද්ධයෙන් එහාට ගිය රණවිරුවාගේ අපූරු වූ හැඟීම් පිළිබඳ ජනතාවට තිරය විවෘත නොවූ හෙයින් ඔබට ප්‍රථම වරට මෙරට තුළදී මෙම සුවිශේෂී අවස්ථාව හිමි කර දී ඇත. මෙය විවෘත ප්‍රදර්ශනයකි. එයට සමාගමීව විල්සන් ගුණරත්නයන්ගේ චරිත අටක් නාට්‍යය එදින නොමිලේ ප්‍රදර්ශනය කරනු ඇත.


ලුහුබඳින මිනිසා

ශත්තික සත්කුමාර ලියූ නවතම කෘතිය පසුගිය දින එළිදකින ලදී. ඒ ලුහුබඳින මිනිසායි. ආරියරත්න විතාන පුවත්පත් ලිපි සහ විමර්ශන ඇසුරින් මෙම කෘතිය රචනකොට ඇත.

සරසවිය සම්මානලාභී එස්. ඒ. සෝමරත්න අභාවප්‍රාප්ත වෙයි

චිත්‍රපට අධ්‍යක්ෂ එස්. ඒ. සෝමරත්න අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 97 කි. වනසරා සිනමාපටය නිෂ්පාදනය කරමින් එය අධ්‍යක්ෂණය කළ සෝමරත්න එම චිත්‍රපටය උදෙසා තිර රචනයට සම්මාන දිනුවේය.

ඩිංගිරි මැණිකා චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනී විමලා වැනිෂියා සෝමරත්නගේ දයාබර බිරිය විය. ඇය මෙයට පෙර අභාවප්‍රාප්ත වූවාය.

එස්. ඒ. සෝමරත්න ඩිංගිරි මැණිකා, දෙයියන්ගේ රටේ, චණ්ඩාලි වැනි චිත්‍රපට නිපද වූ එස්. ද එස්. සෝමරත්නගේ සොහොයුරා විය. එමෙන්ම එම චිත්‍රපට නිෂ්පාදක කළමනාකරු එස්. ඒ. සෝමරත්නය.


මන්තාරා පවුලේ ස්තූතිය

ඉකුත්දා අප අතරින් වියෝ වූ නිෂ්පාදන කළමනාකරු මැල්කම් මන්තාරාගේ දයාබර පුතු ෂෙහාන් හයේෂ් මන්තාරා සිය පියාගේ අවසන් කටයුතු සඳහා වෙහෙස වුණු පිරිසට සරසවිය හරහා තුති පිදීමක් සිදු කරයි. ඒ අනුව ක්ෂේත්‍රයේ කලාකරුවන්ට, කාර්මික ශිල්පීන්ට, විදෙස්ගතව සිටින මිතුරන්ට මැල්කම් අසනීප වූ මොහොතේ ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට ෂෙහාන් පදිංචිව සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මිතුරන්ට, වත්තේගෙදර සහ බොරලැස්ගමුව, රත්තනපිටිය ගම්වාසීන්ට ඔහු විසින් ස්තූති කරනු ලබයි.


රවින්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ - 2

ජූනි 30 දා ලුම්බිණියේදී

මෑත කාලයේ අතිශයින් ජනාදරයට පාත්‍රව රට වටා වේදිකා ගත වූ 'බල්ලොත් එක්ක බෑ' වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙනා රවීන්ද්‍ර ආරියරත්න විසින් රචනා කළ නවතම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය වන 'බල්ලොත් එක්ක බෑ - 2' හි විශේෂ දර්ශන දෙකක් ජූනි 30 වැනි දින සවස 3.30 ට සහ 6.45 ට හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේ වේදිකා ගත කෙරේ.

ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස්, සුසංග කහඳවල ආරච්චි, රවීන්ද්‍ර ආරියරත්න රංගනයෙන් දායක වෙති.


රිදී තිරයේ සොඳුරු සිත්තම් 25 - 26

රිදී තිරයේ සොඳුරු සිත්තම් යන මැයෙන් සිනමා සාහිත්‍ය ප්‍රදර්ශනයක් මෙම මස 25 සහ 26 දිනයන්හි මරදාන ශාන්ත ජෝශප් විදුහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. නොමිලයේ නැරැඹිය හැකි මෙය ජනසන්නිවේදනය විෂයක් ලෙස හදාරන්නන් හට වඩාත් වැදගත් වනු ඇත. සිනමා සාහිත්‍ය ඉතිහාස සිංහල සිනමාවේ ගීත සාහිත්‍ය, නවකතා සහ කෙටිකතා ඇසුරෙන් බිහි වූ තිර පිටපත්, සිනමා ඉතිහාසයේ පළමු චිත්‍රපට, සිනමාව හා බැඳි එදා සහ අද මෙවලම් ආදී මාතෘකා යටතේ ප්‍රදර්ශනය දිග හැරෙනු ඇත. මේ සඳහා චිත්‍රපට දර්ශන ද ඇතුළත්ය.


වසන්තගේ Colombo එළිදුටුදා

වසන්ත පෙරේරා අද අපට සිටින දක්ෂ චිත්‍ර ශිල්පියෙකී.පසුගිය දින ඔහුගේ කොළඹ ගැන රුපාලංකාරයක් සිතුවම් දැක්ම කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදි පැවැත්විණි.

කොළඹ ඓතිහාසික ගොඩනැගිලි හා සෞන්දර්යාත්මක ස්ථාන ඔහු සොයා ගොස් සිතුවමට නගා සියලු කලාකාමීන්ට රසවිදින්නට ඉඩප්‍රස්ථාව සැලසුවේය.කොළඹ මැකියන බොහෝදේ තම අතිත පුරාවතට කෙලින්ම සම්බන්ධ කරගන්නට ගත්උත්සායක ප්‍රතිඵලයක් ලෙස මේ සිතුවම් දැක්ම නම් කල හැකිය.

ප්‍රවිණ චිත්‍ර ශිල්පිනි සිබිල් වෙත්තසිංහ මහත්මීය අතින් එදින සිතුවම් දැක්ම විවෘත විය. එයට සමගාමිව වසන්ත විසින් රචිත කොළඹ ග්‍රන්ථය ද ජනගත කෙරිණි.එහි කොළඹ නගරයේ ඓතිහාසික පසුබිමක් ගන්නා සිතුවම් ද ඇතුලත්වේ.වසන්තගේ තුන් වන ග්‍රන්ථය ලෙස කොළඹ එදින දොරට වැඩිනි.එදා කොළඹ අප දුටුවේ පැරණි සිතුවම් වලින්මය. අද වසන්ත ඇන්ද සිතුවම් අපට පසු කලකදි දකින්නට හැකිවන්නේ එලසින්ම විම විශේෂ සිදුවිමක්ද වේ.මේ වසන්තගේ කොළඹ ප්‍රදර්ශනය පිළිබද අප නේතු රුන්දු සිතුවම් ය.