වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




එයාගේ තාත්තා

එයාගේ තාත්තා

පියවරුන්ගේ අඩි පාරේ යන පුත්තු ඕනෑ තරම් ඉන්නවා. සංගීත ලෝකයේ තමයි එහෙම වැඩිපුරම ඒ වගේ පරම්පරාවක් ඉන්නේ. ඉන් බහුතරයක් හඳුන්වා දෙන්නේ අහවල් තාත්තගේ පුතා කියලයි. ඒත් මේ සම්ප්‍රදාය අනෙක් පැත්තට හැරවුණ දෙදෙනෙක් ඉන්නවා. සංගීත් වික්‍රමසිංහ සහ සනුක වික්‍රමසිංහ පිය පුතු යුවළයි ඒ. සනුක, සංගීත්ගේ ගීත ගයන්නේම නැති තරම්. ඔහු තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව කරළියට ආ අයෙක්. එනිසා මේ ඉන්නේ සංගිත්ගේ පුතා සනුක කියලා බොහෝ දෙනෙකු කියන්නේ නැතිලු. සනුකගේ තාත්තා ලෙසටලු සංගීත්ව හඳුන්වා දෙන්නේ.