|
2018 උසස් පෙළ සඳහා සැරසෙමු
අද ගී‍්‍රසියට යමු ග්‍රීක නාට්‍ය කලාවආරම්භය ග්‍රීකයන්ගේ ප්‍රධාන භෝගය මිදිය. සුරාවට හා සශ්‍රීකත්වයට අධිපති දෙවියා 'ඩයිනීසියස්' (දියෝනිසස්)ය. ම්දි ගෙඩි හට ගන්නා කාලයේ සරු අස්වැන්නක් ලබා දීම පිළිබඳව දෙවියන්ට ස්තූති කිරිමට ගෙලෙහි මිදි මල් මාලා පැළඳ මිදි වයින් බොමින් භක්තියෙන් මන මත්ව දියෝනිසස් දෙවොල වටා නැටූහ. මෙහිදී එක් පුද්ගලයෙක් 'මමයි දෙවියා' යනුවෙන් ප්‍රකාශ කරමින් දෙවියන්ගේ චරිතය රඟපෑවේය. එම අනුකරණාත්මක රංගය, ලොව ප්‍රථම රංගය වු අතර එම චරිතය රඟපෑ 'තෙස්පීස්' ලොව ප්‍රථම නළුවා ලෙස සැලකේ.
ග්‍රීක නාට්‍ය වර්ග
ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ ග්‍රීක නාට්‍යය හෙවත් ග්‍රීක කාව්‍ය වර්ග 4 ක් හඳුන්වා දෙයි. 1 ට්‍රැජඩි (ශෝකජනක) 2. කොමඩි ( හාස්‍යජනක) 3. එපික් (වීර කාව්‍ය) 4. සැටර්
Tragedi සඳහා උචිතම පරිවර්තිත සිංහල නාමය කුමක්ද? ඊපචඨඥඤඪ නාට්‍ය සඳහා බොහෙේ දෙනෙකු 'ශෝකාන්ත' යන නම භාවිත කරති. නමුත් මෙහි ගැටලුවක් ඇත. Tragedi නාට්‍ය ශෝකයකින් අවසන් වීම අනිවාර්ය නැත. එම නාට්‍යවල නාට්‍ය පුරාම ඇත්තේ ශෝක රසයකි. එම නිසා Tragedi නාට්‍ය 'ශෝකජනක' හෝ ශෝකාත්ම යන නම්වලින් හැඳින්විම උචිත වේ.
Tragedi (ශෝකජනක) ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයේ ට්‍රැජඩි නාට්‍ය නිර්වචනය කර ඇත්තේ පහත දැක්වෙන පරිද්දෙනි. 'යම් කිසි පරිමානයකින් යුක්ත වූද, පරිපූර්ණ වූද, යහපත් ක්‍රියාවක අනුකරණයක් වන අතර වෘතාන්ත ස්වරූපයෙන් නොව පාත්‍ර වර්ගයාගේ ක්‍රියාකාරිත්වය පදනම් කරගනු ලැබුවා වුද එක් එක් කොටසට උචිත පරිදි රමණීය භාෂා ප්‍රයෝග භාවිතයෙන් සාරවත් වූද 'කාරුණ්‍ය' සහ 'බස' පදනම් කරගෙන අපේක්ෂිත භාව විශෝධනය සිදුකරන්නා වූ නිර්මාණයක් වෙයි.'
ශෝක ජනකයේ ප්‍රභවය ග්‍රීක භාෂාවට අනුව 'ට්‍රැගොයි' යනුවෙන් හඳුන් වන්නේ එළුවාය. ඩයිනිසියස් දෙවියන්ට එළුවකු කපා පූජා කිරීමෙන් පසුව ඉදිරිපත් කළ ගායනයට ට්‍රැජඩි යන නම භාවිත වී ඇතිබව එක් මතයකි. තවත් මතයකට අනුව ඩිතිරැම්බ ගායනයෙන් ජය ගත් කවියාට එළුවකු තැගි කළ අතර එම ගායනා ආශ්‍රිතව ගොඩනැඟුණු නාට්‍යවලට ට්‍රැජඩි යන නම භාවිත කර ඇත. විශේෂ ලක්ෂණ * ග්‍රීක නාට්‍ය සඳහා කථා වස්තු සපයා ගන්නේ පුරාණෝත්ක්ති වලිනි. එහිදී හෝමර්ගේ 'ඉලියඩ් සහ ඔඩිසි' යන වීර කාව්‍ය ද්විත්වය ප්‍රමුඛ වේ. මෙම වීර කාව්‍යයන් ප්‍රේක්ෂකයා කලින් දන්නා නමුත් එම වීර කාව්‍යවලින් සකස් වූ නාට්‍ය නිර්මාණයන් නැරඹීමට යන්නේ හේතු දෙකක් නිසාවෙනි. 1. සිදුවන ආකාරය දැක බලා ගැනීමට 2. කවියා අතින් එය අලුත් ආකාරයකට සකස් වී ඇති අයුරු දැක බලා ගැනීමට ද ග්‍රීක ශෝකජනක නාට්‍යවලදී මිනීමැරුම් සහ ලේ හලන දර්ශන වේදිකාව මත නෙපෙන්වයි. ඒ සඳහා බලපාන්නට ඇතැයි සිතිය හැකි හේතු 2 කි. 1. ආගමික හේතු 2. රස වින්දනය උසස් කොට සැලකීම ඒ අනුව මරණය ඉදිරිපත් කළේ පණිවිඩකරුවෙකුගේ සංවාද ලෙසිනි. ඇන්ටිගනි නාට්‍යයේ ඇන්ටිගනි මිය ගොස් සිටි ආකාරය හීමෙන් හා යුරිඩිස් බිසව සිය දිවි හානි කර ගත් ආකාරය පණිවිඩකරුවෙකු පැමිණ වර්තා කරයි. ඕනෑම නාට්‍යයක හෝ කථාවක වීරයා වන්නේ ප්‍රධාන චරිතය නමුත් ග්‍රීක ට්‍රැජඩ් නාට්‍යවල ප්‍රධාන චරිතය හැම විටම 'ට්‍රැජඩි වීරයා' නොවේ. ටැජඩි වීරයා යනු සාමාන්‍ය මිනිසාට යා හැකි ඉලක්කයන් පුළුල් කරන මරණින් මතුව වුව ද ඇදහිය හැකි චරිතයකි. ට්‍රැජඩි වීරයාගේ චරිතය තුළ දක්නට ලැබෙන මූලික ලක්ෂණ කිහිපයකි. (ඇරිස්ටෝටල් කාව්‍ය ශ්‍රාස්ත්‍රය අනුව) 1. අතිශයින් යහපත් හෝ අතිශයින් දුෂ්ට නොවීම (මධ්‍යස්ථවීම) 2. සෞභාග්‍යයේ සිට දුර්භාග්‍යයට පත්වීම 3. භාග්‍ය පරිවර්තනයක් සිදු වීම (ප්‍රත්‍යාවර්තනය) 4. අත් වැරැද්දක් හෝ ප්‍රමාද දෝෂයක් නිසා බේදයට පත් වීම (හමර්තියා) 5. ප්‍රත්‍යාභිඥාණයක් ලැබීම * ග්‍රීක ට්‍රැජඩි නාට්‍යයක අවසාන අරමුණ 'කතාර්සිකරණයයි'. නැතහොත් භාව විශෝධනයයි. කරුණාව සහ භය පදනම් කරගෙන භාව විශෝධනය වන බව ඇරිස්ටෝටල් නාට්‍ය ශාස්්ත්‍රයේ පෙන්වා දී ඇත.
ග්‍රීක නාට්‍ය රංග ශෛලිය විශේෂ ලක්ෂණ * ග්‍රීක නාට්‍යවල පසුතලය බොහෝ විට රජ මැදුරකි. එය බොහෝ විට නාට්‍ය අවසන් වන තුරුම වෙනස් නොවුණි. ඒ ස්ථාන ඒකීයත්වය රැකිය යුතු නිසාවෙනි. නමුත් ඇතැම් නාට්‍යවල වෙනස් වන අවස්ථා ද දැකගන්නට ලැබේ. උදා - ඊස්කිලස්ගේ 'පර්සියන්වරු' නාට්‍යයේ මුලින්ම දක්නට ලැබෙන්නේ රජ මැදුරයි. අනතුරුව දාරියුස්ගේ සොහොන දැකගන්නට ලැබේ. පසුව නැවත පසුතලය රජ මැදුරට මාරු වේ. * ග්‍රීක වේදිකාවේ නළු නිළියන් 'ප්‍රොසිනියම්' නම් කොටස ද, ගායක කණ්ඩායම 'ඔකෙස්ට්‍රාව' නැමැති කොටස ද භාවිත කළහ. නමුත් අවස්ථාවට උචිත පරිදි මේ දෙපිරිස තම ස්ථාන මාරු කර ගත්හ. මෙයට අමතරව රඟපෑම සඳහා තවත් තුන්වෙනි තලයක් භාවිත කළහ. ඒ 'නේත්‍යාගාරයේ සමතල වහලයි'. උදා -යුරිපිඩිස්ගේ 'මීඩියා' නාට්‍යයේ මීඩියා තම දරුවන් මරා දමා අහසේ ගමන් ගන්නා බව පෙන් වන්නේ මෙහි සිටයි. * ග්‍රීක නාට්‍යවල දක්නට ලැබුණේ නාට්‍යධර්මි ශෛලයට අනුකූල කාව්‍යාත්මක බස් වහරකි. උදා - (ඇන්ටිගනි නාට්‍යය)
ඇන්ටිගනි - දැන් ඉතිං මා පිටත් වන්නෙමි
* ග්‍රීක නාට්‍යවල රඟපෑවේ නළුවන් සීමිත ප්‍රමාණයකි. එක් චරිතයක් මිය ගිය විට මිය ගිය චරිතය නිරූපණය කළ නළුවා වෙස් මුහුණක් දමාගෙන තවත් චරිතයක් රඟපායි. මිනිය පෙන්වීම සඳහා පඹයෙකු සාදවා එක්කුක්ලිමා (Ekkyklema) නැතහොත් චක්‍රමංචකයක තබා වේදිකාවට තල්ලු කර එවයි. එකුක්ලීමාව යනු රෝද සවි කළ මැස්සකි. උදා - ඇන්ටිගනි නාට්‍යයේ හීමන්ගේ මළමිනිය, යූරිඩිස් බිසවගේ මළමිනිය * දොඹකරවලින් චරිත බැස්සවිම ද ග්‍රීක නාට්‍ය රංග ශෛලියේ විශේෂ ලක්ෂණයකි. මෙය ඩියුක්ස් එක්ස් මැෂිනා (deus ex machina) නමින් හඳුන්වනු ලබයි. දෙවියන්ගේ පැමිණීම නිරූපණය කිරීම සඳහා මෙය භාවිතයට යොදා ගන්නා ලදී. * ස්ත්‍රී චරිත පිරිමින් විසින් නිරූපණය කිරීම ග්‍රීක නාට්‍ය රංග ශෛලියේ විශේෂ ලක්ෂණයකි. * ග්‍රීක නාට්‍යවල ඉතා විශාල ප්‍රේක්ෂකාගාරයක් දක්නට ලැබුණි. වේදිකාවේ සිටින අඩි හයක් උස නළුවෙක් අවසන් අසුන් පෙලේ සිටින ප්‍රේ්ක්ෂකයාට පෙනුණේ අඟලක උසිනි. ඊට ඉදිරි අසුන් පෙලේ සිටින ප්‍රේක්ෂකයාට එම නළුවා පෙනුණේ අඟල් 4 ක උසකිනි. මේ නිසා නළුවන් වෙස් මුහුණු පැළඳ සිටියහ. මෙම වෙස් මුහුණු ඇස්, කන්, නාස මතු වන ලෙස සකස් කර තිබිණි. එසේම 'කොතුර්නෝස්' නම් අඩි උස පාවහන් පැළඳූහ. මේවා මඟින් නළුවන්ගේ උස, ප්‍රතාපවත්බව සහ පෞරුෂය කැපී පෙනුණි. මෙයට අමතරව 'ඔක්කෝස්' නමින් මුහුලක් ද පැලඳුහ. * ග්‍රීක නාට්‍යවල විශාල පසුතලයක් දක්නට නොලැබිණි. පසුතලය නළුවන් හෝ ගායක කණ්ඩායම විසින් ගීතයෙන් හෝ දෙබසින් වර්ණනා කෙරුණි. නමුත් කැන්වස් මත අඳින ලද විශාල චිත්‍ර නාට්‍යයේ මුල සිට අග දක්වාම යුරිපිඩිස්ගේ කාලයේ සිටම භාවිතයට ගැනුණි. නමුත් මේවා අර්ථයක් ඇතිව භාවිතා නොකිරිණි. මේවා අර්ථයක් ඇතිව භාවිත කළේ සොෆොක්ලිස් විසිනි. * ග්‍රීක නාට්‍යවල වේෂ භූෂණය (රංගවස්ත්‍ර)භාවිතය සුවිශේෂ විය. දෙපා දක්වා වැටුණු දිගු කබා සියළුම චරිතවලට පොදු රංග වස්ත්‍රය විය. මෙයට අමතරව සියලුම චරිත සාටකයක් පැළඳූහ. පිරිමි චරිත මෙම සාටකය උරහිසේ දමා සිටි අතර ස්ත්‍රී චරිත මෙම සාටකයෙන් හිස වසාගෙන සිටියහ. * ග්‍රීක නාට්‍යවල සංකේතාත්මක රංග භාණ්ඩ භාවිතයක් සිදු විය.
උදා: රජු - රාජදණ්ඩ |