|
මෙවර සරසවිය ප්‍රතිචාර පිටුව වෙන්වන්නේ පාඨකයන් සරසවිය සම්මාන උලෙළ පිළිබඳ ලියා එවූ අදහස් සහ අත්දැකීම් වෙනුවෙනි.
සරසවි සම්මාන කුමරියට
සිනමා සුනිල දිය මත
ගමන නිමවා වළකන
ඇරඹුම ගැළූ දියවර
අංකුර පැන නගින
ගල්කිස්ස
33 වැනි සරසවිය සම්මාන උලෙළ සාර්ථක වේවා
1964 වසරේ ආරම්භ කළ 'සරසවිය' සම්මාන උලෙළ යළිත් මේ වසරේ පවත්වන්නට කටයුතු යෙදීම
පිළිබඳ මාගේ ස්තූතිය. කලා ලොවේ දස්කම්වලට පිදෙන මෙම සම්මානය කලාකරුවන් දිරි ගන්වන
මහඟු සම්මානයකි. මෙවර අභිමානවත් 33 වැනි සරසවිය සම්මාන උලෙළ සර්වප්රකාරයෙන් සාර්ථක
වේවායි පතමි. සෝමා එච් පතිරණ ‘පිය නිවස’ පන්සල පාර කහවත්ත
සිනමා ලොවට ආසිරි කැන්දන සරසවිය සම්මාන උලෙළ
සරසවිය වරම් ගෙනෙන
සම්මානයෙන් තරු කැට දිදුලන
උත්තම පූජා පිදුම් ලැබගෙන පී ධම්මික ප්‍රනාන්දු පාමංකඩ
සරසවිය සම්මාන උලෙළ සියැසින් දුටු සතුට සරසවිය සම්මාන උලෙළ සරසවිය පාඨක අපටත් ආරාධනා කළ සම්මාන උලෙළක් වීම ගැන පවසන්නේ හද පිරි සතුටකින්. ඒ අනුව මට සහභාගි වෙන්න ලැබුණේ 1994 වසරේ අප්‍රේල් දෙවැනිදා පවත්වන ලද 22 වැනි සරසවිය සම්මාන උලෙළටයි. එවකට සරසවිය ප්‍රධාන කතෘවරයා වූ ඒ. ඩී රංජිත් කුමාර මහතා පාඨක අප වෙනුවෙන් චිත්‍රපටයක් ගැන අදහස් දක්වන විවෘත තරගයක් පවත්වන්ට කටයුතු යෙදුවා.
මම ලිව්වේ 'සිසිල ගිනි ගනී' චිත්‍රපටය ගැනයි. සම්මාන උලෙළට දින කිහිපයකට පෙර ආරාධනා
පත්‍රයක් මට තැපෑලෙන් ලැබුණා. එදා මට දැනුණේ විශාල ප්‍රීතියක්. සම්මාන උලෙළට
සහභාගිවන විට කර්තෘ මණ්ඩලයේ තරුණ මාධ්‍යවේදිනියක විසින් මල් පොහොට්ටුවක් දී මා
පිළිගත්තා. එදා ඒ අභිමානවත් සරසවිය සම්මාන උලෙළ සියැසින් දැක ගන්නට අවස්ථාව ලැබීමේ
සතුට අදටත් එලෙසමයි. ඩඩ්ලි ගෝමස් කටුබැද්ද මොරටුව
ජීවිතයේ අලුත් දවසක් මම සරසවිය පත්තරය ආරම්භයේ පටන් පාඨකයෙක්. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ආඩම්බරයක්. සරසවියට පනස් තුනක් වෙනකොට මගේ වයස අවුරුදු හැත්තෑ එකක්. එදා තරුණයෙක් විදියට කියවූ සරසවිය පත්තරය අද කියවන මට හිතෙන්නේ මම තවමත් තරුණ බවයි. එදා සරසවිය සම්මාන උලෙළේ අසිරිය වගේම තාරකා යානයේ නැඟි යන නළු නිළියන් දකින්න රසික රසිකාවන් පොර කෑ අයුරු සිහිපත් කරන්නේ සතුටින්.
මේ අතර වූ මටත් සරසවිය සම්මාන උලෙළක අසිරිය විඳ ගන්න ලැබීම මා ලද භාග්‍යයක් ලෙසින්
මට දැනෙනවා. ඇත්තටම එදා මගේ ජීවිතයේ අලුත් දවසක්. එදා මට ආචාර්ය ලෙස්ටර් ජේම්ස්
පීරිස් මහතා සහ එම මැතිණිය සමඟින් ඡායාරූපයකට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ඒ
ඡායාරූපය සරසවිය පත්තරයේ පළ වූ දා ඒ සතුට දෙගුණ තෙගුණ වුණා. කුලසිරි ඕපනායක කඩවත
බලාපොරොත්තු මල්ඵල ගැන්වූ සරසවිය සම්මාන උලෙළ වසර අටකට පසුව සරසවිය සම්මාන උලෙළ යළිත් පැවැත්වීම පිළිබඳ මාගේ හෘදයංගම සතුට පිළිගන්වමි. 1964 වසරේ පටන් අභිමානවත් අයුරින් අපේ සිංහල සිනමාව වෙනුවෙන්ම වෙන්වූ මහා මංගල්‍යය 'සරසවිය සම්මාන උලෙළ'යි. එය විඳ ගැනීම සරසවිය පාඨකයකු වූ මාගේ බලාපොරොත්තු අතර විය.
ඒ අනුව 32 වැනි සරසවිය සම්මාන උලෙළට ආරාධනාවක් ලැබීම මට සුවිශේෂි වුයේ කලක පටන්
තිබූ බලාපොරොත්තුවක් මල් ඵල ගැන්වීමය. සරසවිය පුවත්පතෙන් කාලයක් දුටු ඒ තරු බැබළෙන
අයුරු සියැසින්ම දැක ගැනීමේ අවස්ථාව උදා විය. සැබැවින්ම විචිත්රවත්ය. අභිමානවත්
විය. ඒ සරසවිය සම්මාන උලෙළයි. මංජුල පෙරේරා කටුනේරිය
සරසවිය සම්මාන උලෙළට යනතෙක් සිහියක් තිබුණේ නැහැ සරසවිය සම්මාන උලෙළ සිනමාවට ලැදි අපගේ බලාපොරොත්තුවක්. හැම බ්‍රහස්පතින්දාවක්ම උදාවන තුරු ඉන්නේ 'සරසවිය' පත්තර අතට ගන්නයි. වසර අටක නිහැඬියාවකින් පසු 'සරසවිය සම්මාන උලෙළ' පවත්වන ආරංචිය වසරේ සතුටුදායකම ප්‍රවෘත්තිය වුණා කීවොත් වඩා නිවැරදියි. ඒ උත්කර්ශවත් අවස්ථාව දැක බලා ගන්න පාඨක අප සිටින්නේ නොඉවසිල්ලෙන්. ඒත් සමඟින් මගේ මතකය දිව යන්නේ අතීතයටයි. එදා අපි සරසවිය සම්මාන උලෙළලක් නරඹන්න ඇඟිලි ගැන්න හැටි ජීවිතයේ සුන්දර මතකයන්. මටත් සරසවිය සම්මාන උලෙළකට ආරාධනා පත්‍රයක් ලැබීම විශාල සතුටක් වුණා. ඇත්තටම සරසවිය සම්මාන උලෙළට සහභාගි වෙනකල් සිහියක් තිබුණේ නැහැ වගෙයි. ජීවිතේ ප්‍රථම වාතාවට සරසවිය සම්මාන උලෙළට සහභාගි වූ සුන්දර මතකය මගේ හිතේ සුරක්ෂිතව තියෙනවා. සරත් සේනාධීර කලඑළිය ජා-ඇල
සරස්වතියගේ පිහිට ලැබුණා වසර අටකට පසුව සරසවිය සම්මාන උලෙළ යළිත් පැවැත්වීම සරසවිය පුවත්පත ආරම්භයේ සිටම පාඨක අපට ප්‍රීතිමත් අවස්ථාවකි. 1963 වසරේ සිට රසබර කලා තොරතුරු අප වෙත සමීප කරමින් සරසවිය කළා වූ මෙහෙවර සේම 1964 වසරේ සිට සරසවිය සම්මාන උලෙළ පවත්වමින් සිනමාවේ විශිෂ්ඨයන් ඇගයීම සිනමා රසික අපටද සුවිශේෂි විය. එදා සිනමාවේ බැබලුන තරු සැබවින් දැක ගන්නට ලැබුණේ ද සරසවිය සම්මාන උලෙළ නිසාය.
දිගු නිහැඬියාවකට පසු සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම යුගයේ අවශ්‍යතාවකි. වර්තමානයේ
අලුත් නිර්මාණකරුවන් වෙත සරස්වතියගේ පිහිට ලැබුණා සේය. 33 වැනි සරසව්ය සම්මාන උලෙළ
සර්වප්රකාරයෙන් සාර්ථක වේවා. ප්‍රේමසේන පෙරේරා ඥානා කුමාරි මධුසුරංගි පෙරේරා
කිසිවකට සම කළ නොහැකි සරසවිය සම්මාන උලෙළ
එදා මෙදා තුර සරසවිය සම්මාන උලෙළ අපේ සිංහල සිනමාවේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කළ අයුරු
අදටත් අමතක නොවේ. මුල් යුගයේ සිනමා තරු දකින්නට රසික රසිකාවන් රොක් වූ අයුරුත්
සරසවිය සම්මාන උලෙළේ ගරු ගාම්භීරත්වයත් කිසිවකට සම කළ නොහැකිය. වර්තමානයේ නව පරපුරේ
කලාකරුවන්ටද එම අවස්ථාව උදාකර දීම කලාවේ උන්නතියට අතදීමකි. වසර අටක නිහැඬියාවකට පසු
පැවැත්වෙන මෙවර සම්මාන උලෙළෙන් පසු ඉදිරියට නොකඩවා සරසවිය සම්මාන උලෙළ පවත්වන්නට
ලැබේවා. වියානි ගුණවර්ධන ශීලා වැන්ඩර්ලන් වෙන්නප්පුව
දේශීය සිනමාවේ අනාගතය සරසවිය 53 වසරක් පුරා සරසවිය පුවත්පත අපේ රටේ කලා ක්ෂේත්රය වෙනුවෙන් වෙන් වූ එකම ජාතික පුවත්පත ලෙසින් කරන්නා වූ මෙහෙවර අනභිබවනීය යි. 1964 වසරේ සිට සරසවිය සම්මාන උලෙළෙන් සිනමා තරු ඇගයීම එහි සුවිශේෂිම අවස්ථාවයි. සරසවිය සම්මානයක් ලැබීම සිනමාකරුවෙකුගේ එකම හීනය බවට පත්ව එදා මෙදා තුර සිනමාකරුවන් සරසවිය සම්මානයෙන් අභිසෙස් කරවීම රසික අපගේ සිත් තුළද ඇති කළේ සුවිශාල සතුටකි. අද දිනයද එවැනි වූ සුන්දර දිනයකි. වසර ගණනාවක පසුව විශිෂ්ටයන් පිරිසක් සරසවිය සම්මානයෙන් පුද ලබනු ඇති.
සරසවිය සම්මාන උලෙළ සර්වප්රකාරයෙන් සාර්ථක වේවා. තිලකරත්න විල්වල මැණිකේ විල්වල තටාකය පාර කෑගල්ල |