|
සරසවිය චිත්‍රපට සතියේ අසිරිය
සරසවිය සිනමා සම්මාන උලෙළ පැවැත්වීමට පෙරාතුව ඊට තේරී පත් වූ චිත්‍රපට ඇතුළත් කොට
චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සම්ප්‍රදායකි. එහිදී ඒ ඒ චිත්‍රපට තිරගත වෙද්දී එයට
දායකත් අඟහරුවාදා තිරගත වූයේ බොරදිය පොකුණයි. බදාදා ඔබ නැතුව ඔබ එක්ක, බ්‍රහස්පතින්දා ඇඩ්ඩ්‍රස් නෑ සහ සිකුරාදා හෝගානා පොකුණ යන චිත්‍රපටයන් තිරගත කෙරිණ. එහිදී සිනමා ලෝලීන්ගේ උනන්දුව අප හිතුවාටත් වඩා ඉහළ තැනක පැවතිණ. අඟහරුවාදා දින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස පැමිණියේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා සහ සරසවිය සම්මානලාභී ජ්‍යෙෂ්ඨ රංගනවේදිනී ජීවරාණි කුරුකුලසූරිය මහත්මියයි. බදාදා චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා සහ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය ප්‍රධාන ආරාධිතයෝ වූහ. බදාදා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනමාධ්‍ය හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ ජ්‍යෙෂ්ඨ රංගනවේදිනී ශෝභනී අමරසිංහ මහත්මිය සහභාගි වූහ. අවසන් දින එනම් සිකුරාදා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ සරසවිය සම්මානනීය රංගනවේදිනී නීටා ප්‍රනාන්දු මහත්මිය ප්‍රධාන ආරාධිතයෝ වූහ. සරසවිය සම්ප්‍රදායට අනුව කලා ශිල්පීන්ට පුෂ්පෝපහාර දැක් වූයේ නව පරපුරේ රංගන ශිල්පිනියන් විසිනි. ඒ අනුව පිළිවෙළින් ශනුද්‍රි ප්‍රියසාද්, තිළිණි අමල්කා, දිලිනි අත්තනායක සහ තේජා නදීශානි ඒ සඳහා එකතු වූහ. ඔබ නැතුව ඔබ එක්ක තිරගත වූ දා
සරසවිය සිනමා සතියේ තෙවැනි සහ සිවුවැනි දිනයන්හි අසිරිය මෙසේ දිස්විය
|