වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සුරංගනී ගෙනා මනෝහරන් මියයයි

සුරංගනී ගෙනා මනෝහරන් මියයයි

සුරංගනීට මාළු ගෙනාවා ගීතය ගයමින් ඉමහත් ජනප්‍රියතාවයක් ලද ඒ. ඊ. මනෝහරන් සිය නාමයේ මතකය ඉතිරි කොට ඉකුත් 22 වැනිදා සදහටම අප අතරින් සමු ගත්තේය. නළුවකු වශයෙන් ද කැපී පෙනුණ චරිතයක් වූ හෙතෙම දිගු කලක සිට ඉන්දියාවේ පදිංචිව සිටියේය. බගවන්තලාවේ උපත ලැබූ මමෝහරන් ජෝ දේව් ආනන්දගේ පාසනිලා ලාංකේය දමිල සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් රංගනයට පිවිසියේය. ටයිටස් තොටවත්තයන්ගේ මරුවා සමඟ වාසේ ඔහු රඟපෑ එකම සිංහල චිත්‍රපටයයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි, මලයාලම්, තෙළිඟු, පෘතුගීසි යන භාෂා හතෙන්ම මමෝහරන් ගී ගැයුවේය. තී ඇතුළු මෙරට තැනූ දමිල සිනමාපට රැසක රඟපෑ මනෝහරන් දමිල, තෙළිඟු, මලයාලම් සිනමාපට ගණනාවකම විවිධ චරිත මවන ලදී. ඔහුගේ සුරංගනී ගීතය ඉන්දියාව පුරා අතිශය ජනප්‍රිය ගීතයක් විය. අද ද එය ඉන්දියාවේ ජනප්‍රිය අතර දෙමළ, මලයාලම්, තෙළිඟු හා හින්දි බසින් ද ගැයිණි.

මියයන විට වයස අවුරුදු හැත්තෑ තුනක් වූ මනෝහරන් පොප් චක්‍රවර්තී, සිලෝන් මමෝහරන්, සුරංගනී මමෝහරන් වැනි විරුදාවලී ද ලබා සිටියේය.


නුවන්ගේ සරසවි බැල්මෙන් සතර සවියට 29 දා ජනගත වෙයි

සරසවිය නියෝජ්‍ය කර්තෘ, ප්‍රවිණ කලා විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් රචිත සරසවි බැල්මෙන් සතර සවියට නම් වු අභිනව ශාස්ත්‍රිය විචාර ග්‍රන්ථය මේ මස (ජනවාරි)29 වැනිදා සඳුදා පස්වරු3.00ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි ජනගත කෙරේ.පන්සිළු කලා කේන්ද්‍රය මඟින් මේ උලෙළ සංව්ධානය කෙරේ.මෙහි මුලසුන පූජ්‍ය මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමියෝ හොබවති. විශේෂ දෙසුම් ප්‍රවිණ සාහිත්‍යවේදි කරුණාරත්න අමරසිංහ ,ප්‍රවිණ රූපණවේදින් දෙපළක් වන සනත් ගුණතිලක හා ජැක්සන් ඇන්තනි පවත්වති.ප්‍රතිභාපුර්ණ සංඟිතවේදී දිනේෂ් සුභසිංහගේ වාදනයෙන් ද උලෙළ හැඩවේ.පූරක දායකත්වය නව පරපූරේ ප්‍රතිභාන්විත සන්නිවේදකයකු වු සම්පත් සල්පිටිකෝරාලගෙනි.මංජුල ලියනඅරච්චිගේ නිර්මාණශිලිත්වයෙන් ඹඹඹ.දභඹචදදචරචදචණඪබඩඬභථචපච.තඬ නමින් ආචාර්ය නුවන් නයනජිත් කුමාරගේ වෙබ්අඩවිය මෙදින ජනගත වීමට නියමිතය.මේ ග්‍රන්ථයෙහි මූඛ්‍ය නිබන්ධය සකල කලාවට අධිපතිනිය ලෙස පෙරදිග ජනයා විශ්වාස කරන සරස්වති දෙවඟන යනු කවුරුන්ද?ඇගේ සතර සවිය සංකල්පය,වචනයේ පරිසමාප්ත අරුතෙන්ම කලාව යනු කුමක්ද?කලාකරුවා යනු කවුරුන්ද? යන ගැටලු ශාස්ත්‍රීය ලෙස විග්‍රහ කෙරේ.ඒ හැරුණුවිට බෞද්ධ දර්ශනය, හින්දු සමය, සාහිත්‍ය, සිනමාව, වේදිකා නාට්‍ය, ඉතිහාසය, ජන සන්නිවේදනය හා විශිෂ්ට ගණයේ කලාකරුවන් පිළිබඳව විචාර නිබන්ධන මේ ග්‍රන්ථයේ ඇතුළත්වේ.මෙය සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදකි.


දම්මිත් ඇරැයුමෙන් ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂකයන් දෙදෙනෙක් මාර්තුවේ

දම්මිත් ෆොන්සේකාගේ ඇරැයුමින් විදෙස් චිත්‍රපට සංරක්ෂක විශේෂඥයින් දෙදෙනකු එළඹෙන මාර්තුවේදී මෙරටට පැමිණීමට නියමිතය. ඒ බෙල්ජියමේ සියාස් ආයතනයේ ඩේවිඩ් වෝලීස් හා මික් නියුහම්ය. මේ දෙදෙනා ලාංකික සිනමාපට සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රමෝපායන් සකසනු ඇත. ඔවුන් මාර්තු 11 - 16 දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. දැනට පවතින චිත්‍රපට සංරක්ෂණය ක්‍රමවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව දම්මිත් සරසවිය හා පැවසීය. මෙම දිනයන්හී තෙදිනක් පුරා එම විශ්ලේෂකයන් චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය.


අයිවෝ වෙනුවන් ගී ප්‍රසංගයක්

දශක ගනනාවක් ගීතයෙන් රසවත් කළ ප්‍රවිණ ගායන ශිල්පි අයියෝ ඩෙනිස් වෙනුවෙන් ගීත උපහාර උළෙලක් පවත්වයි.ජනවාරි 26 වෙනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලීය රංග ශාලාවේදි පැවැත්වේ.'දැනට රෝගි තත්වයෙන් පසු වන බැවින් ඔහුගේ ප්‍රතිකාර සදහා මෙම ප්‍රසංගය පැවත්විමට කටයුතු යොදා තිබේ.ලංකා ශාන්ත හා සංගීතවේ දි නදික ගුරුගේ,ගායන ශිල්පි දමයන්ත කුරුප්පු ප්‍රසංගය සංවිධානය කරයි. සුරේශ් මාලියද්දගේ සංගිත නාද රටාවන්ට ආචාර්ය වික්ටර් රත්නායක,අමරසිරි පිරිස්,ටි.එම්.ජයරත්න,එඩ්වඩ් ජයකොඩි,කිර්ති පැස්කුවල්,දිපිකා ප්‍රියදර්ශනි පිරිස්,නදික ගුරුගේ,නිරෝෂා විරාජිනි,ඉන්දිකා උපමාලි එදින ගිතවත්වේ.


සීතා බිෂොප් රඟහලට

චන්දන වික්‍රමසිංහයන්ගේ 'සීතා' මුද්‍රා නාටකය මේ මස 27 සවස 7.00 ට කොළඹ බිෂොප් රඟහලේදී වේදිකා ගතවේ.

ඉන්දු ශ්‍රී ලංකා පදනම හා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව චන්දන වික්‍රමසිංහ රංගායතනය මඟින් මෙය සංවිධානය කර ඇත. එහි රංගන දායකත්වය, නර්තන අධ්‍යක්ෂණය හා පිටපත චන්දන වික්‍රමසිංහයන් විසින් සිදු කර ඇති අතර ගී පද රචනය රත්න ශ්‍රී විජේසිංහගෙනි. විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ගීත ගායනයෙන් එක් වෙයි.


චීන සිනමා උලෙළ බ්‍රහස්පතින්දා

චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් සංවිධානය කරන ලද චීන සිනමා උලෙළ එළඹෙන පෙබරවාරි මස පළමුවැනිදායින් ආරම්භ වේ. එදින සිට 06 වැනිදා දක්වා එම සිනමා උලෙළ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. තෙවැනි වතාවටත් සංවිධානය වු මෙම චීන සිනමා උලෙළ සමාරම්භයේදී චීන සහ හොංකොං රටවල්හි ජනප්‍රිය නළු නිළියන් සහභාගිවීමට නියමිතය.

උලෙළේ චිත්‍රපට තිරගත වන පිළිවෙළ මෙසේය.

පෙබරවාරි 1 වැනිදා සවස 6.30 කෝල්ඩ් වෝර්

පෙබරවාරි 2 වැනිදා සවස 6.30 ට ද මාස්ටර්

පෙබරවාරි 3 වැනිදා සවස 2.30 ට අ ටේල් ඔෆ් ත්‍රී සිටීස්

එදින සවස 6.30 ට මංකි කිංග් ධ්ධ්

පෙබරවාරි 04 වැනිදා සවස

සේව් මිස්ටර් වූ එදින සවස 6.30 ටික් ටොක්

පෙබරවාරි 05 සවස 6.30 ට ද ඩෙඩ් එන්ඩ්

පෙබරවාරි 06 සවස 6.30 ට මොජින් ද ලාස්ට් ලෙජන්ඩ්


අමෝරා වර්ණ සංයෝජනයේ

හෙක්ටර් කුමාරසිරි අධ්‍යක්ෂණය කළ අමෝරා සිනමාපටයේ සංගීතය, ශබ්ද ප්‍රයෝග සහ වර්ණ සංයෝජන කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතියි. ලිංග විපර්යාසයකට ලක් වූ තරුණියක වටා ගෙතුණ කතා පුවතක් රැගත් අනෝරා සිනමාපටයේ මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි, නිමන්ත හේෂාන්, විජේරත්න වරකාගොඩ, මේනකා මධුවන්ති, චිත්‍රා වරකාගොඩ, හෙක්ටර් බෙත්මගේ, දයාදේව එදිරිසිංහ, දයා වයමන්, ගිහාන් ප්‍රනාන්දු, එම්. ජී. ධනුෂ්ක, දමයන්ති ෆොන්සේකා, ෆර්නි රෝෂිනි, ආචාර්ය අංජලි මිශ්‍රා, දිනේෂ් මුදලිගේ, උපුල් ගුණවර්ධන, ශිරානි ගමගේ චරිත මවති. ගීත රචනා මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ ශිරාණි ගමගේ ගෙනි. සංගීත අධ්‍යක්ෂණය කථිකාචාර්ය නිමන්ත හේෂාන්ගෙනි. කපිල සුදේශ් කැමරා අධ්‍යක්ෂවරයාය. අජිත් රාමනායකගේ සංස්කරණයකි. ශබ්ද පරිපාලනයෙන් ප්‍රියන්ත කළුආරච්චි එක් වෙයි. පුබුදු වනිගසේකරගේ සහාය අධ්‍යක්ෂණයකි. දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් එක් විය. අංග රචනය සහ කලා අධ්‍යක්ෂණය සිරිනාථ වික්‍රමසිංහගෙනි. ඒ. යූ. එම්. චිත්‍රපට වෙනුවෙන් ක්‍රිස් වික්‍රමසිංහ අනෝරා නිෂ්පාදනය කර තිබේ. දොන් ප්‍රේමදාස, සරත් පොඩි නිලමේ, පුලස්ති බෙත්මගේ, ප්‍රියන්ත කළුආරච්චි, සුනිල් දිසානායක සහාය නිෂ්පාදනයෙන් එක් වූහ.