වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය හින්දා බ්ර්‍ථට ඩබල් සීල්

සරසවිය හින්දා JPට ඩබල් සීල්

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන උපාලි බණ්ඩාර වීරසේකරට සාම විනිසුරු පදවියක් ලැබුණා කියන පුවත අප ඉකුත් සතියක සරසවියේ පළ කළා. එහි සඳහන් වෙලා තිබුණේ සාම විනිසුරු පට්ටම ලැබුණට තවමත් උපාලි එම තනතුරට සීල් එකක් කපලා නෑ කියලා. එය පළ වූ සතියේ නෙවෙයි ඊළඟ සතියේ උපාලි රාජකාරි නිම වී ගෙදරට එද්දී මේසෙ උඩ සීල් දෙකක් තියෙනවලු. ළඟ තිබුණු කොළයකට එම සීල් එක ගහල බැලුවලු. මෙන්න බොලේ වැඩක්. සාම විනිසුරු පදවිය සහිත තමන්ගේ නම ඇතුළත් මුද්‍රණයක් ඒ කොළයේ සටහන් වුණාලු. උපාලිට පුදුමයි.

'මේ ඒයි මෙහෙට ආව නම්'

උපාලි ප්‍රිය බිරියව අමතලා. ඇය වහ වහා එතැනට දුවගෙන ආවලු.

කවුද මේ සීල් ගෙනාවේ.

උපාලි විමසීමක් කරලා.

එකක් අර අහවල් හාමුදුරුවෝ එවලා. අනෙක ඔයාගේ යාළුවෙක් එවලා. ඒ අයට අර සරසවියේ නිව්ස් එක කියවන්න ලැබිලනේ.

ඉතින්?

සරසවිය අනේ. ඒකේ ගියේ ඔයාට තවම සීල් එකක් කපලා නැහැ කියලා. ඉතින් ඒක කියවලා තමයි මේ සීල් හදලා ඔයාට එවලා තියෙන්නේ.

මල හත්තිලව්වයි.

උපාලිට එහෙම කියවුණාලු.