වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබත් මමත් ඇයත්

ඔබත් මමත් ඇයත්

සිහිනය පුරාම සිහි වුණා

මේ ඇස් කතාව තේරුණා

ළසෝ ගිනි නිවා දැමූ

සඳමයි සදා පැතූ

හිමි වෙයි කියා සිතූ

එ නමුදු දුරින් විසූ

දෛවය සතු වූ

ලෙස හිමි වූ

ඔබ මම ඇය මැදි වූ . . .

මෙම ගීතය ඔබට ඇසෙන්න පටන් ගත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන 'ඔබත් මමත් ඇයත්' ටෙලි නාට්‍ය මාලාව සමඟින්. 'ඔබත් මමත් ඇයත්' ටෙලි නාට්‍ය මාලාව ඉන්දියාවේ හින්දි බසින් නිර්මාණය කෙරුණු ඕඥරඩචඤඩ හි සිංහල හඬකවා කෙරෙන විකාශය යි. ඕඥරඩචඤඩ යන්නෙහි සිංහල අර්ථය අසීමාන්තික යන්නයි.

ප්‍රේමණීය ත්‍රාසජනක ටෙලි නාට්‍ය මාලාවක් වන ඕඥරඩචඤඩ ඉන්දියාවේ දී මුලින්ම විකාශය කෙරුණේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දීයි. එය දෙමළ බසින් හඬකවා ර්චචරච නමින් ද තෙළිඟු බසින් හඬකවා ව්භමමභ ව්චඬභ ව්චජඩජඩචම නමින් ද විකාශය කෙරුණු අතර මලයාලම් බසින් හඬකවා ර්‍ථපඥථචථ නමින් විකාශය කිරීම ඇරඹිණි.

'ඔබත් මමත් ඇයත්' කතාව දිග හැරෙන්නේ, අර්ජුන් ශර්මා, මායා මල්හෝත්‍රා සහ සාන්ජි මාථූර් නම් චරිත ත්‍රිත්වය වටා ය. මෝස්තර සඟරාවක හිමිකාරිණිය වන මායා සුන්දර කාර්යසූර ව්‍යාපාරික තරුණියක්. ඇයගේ පියා දරදඬු දරුණු පුද්ගලයකු වන අතර මායා වෙසෙන්නේ, කිසිම දෙයක් පිළිබඳ නොසිතන මත්පැනට ඇබ්බැහි වූ මව සමඟිනි. අර්ජුන් ශර්මා ජීවිතය ගැන බරපතළක් නොසිත කෙළි දෙළෙන් ගත කරන කඩවසම් තරුණයෙක්. සාන්ජ් මාථුර් අර්ජුන්ගේ කුඩා කල පටන් මිතුරිය යි. ඇය ඔහුට ආදරය කළ ද ඔහු ඇය හොඳම මිතුරිය ලෙසින් පිළිගන්නා නිසා එය සඟවා ගෙන සිටි යි.

අර්ජුන්හට මායාගේ සඟරාවේ ඡායාරූප ශිල්පියකු ලෙසින් රැකියාවක් හිමි වන අතර ඔහු වරෙක විදුලි සෝපානයකු සිදුවන අනතුරකින් මායා බේරා ගත්තා සේම තවත් වරෙක ඇයගේ පියා විසින් කෙරෙන තර්ජනයකින්ද බේරා ගනියි. ක්‍රම ක්‍රමයෙන් මායාගේ හිතේ අර්ජුන් කෙරෙහි ආදරයක් ඇති වේ. ඇය අර්ජුන්හට විවාහ යෝජනාවක්ද කරයි. මේ අතර අර්ජුන් ද මායා වෙත ආදරයෙන් බැඳේ. දෙදෙනා විවාහයට සූදානම් වන අතරම මායා අර්ජුන් සහ සාන්ජි තම පියා වන අශ්වින් තමන්ගේ සහ මවගේ ජීවිතවලින් ඉවත් කිරීමට යොදා ගනියි. මේ අතර අශ්වින්, සාන්ජි සහ අර්ජුන්ගේ කුඩම්මා වන්දනා හට මායා මානසික රෝගියකු බව පවසමින් අර්ජුන් සහ මායාගේ විවාහය නතර කිරීමට වෑයම් දරයි. මේ නිසා මායා අශ්වින් සම්බන්ධයෙන් දැඩි තීරණයකට පැමිණේ.

'ඔබත් මමත් ඇයත්' කතාව ඉදිරියට ගලා යන්නේ මෙලෙසිනි. 'ඔබත් මමත් ඇයත්' හි මායා ලෙසින් ජෙනිෆර් වින්ගෙට් රංගනයෙන් දායක වන අතර අර්ජුන් ශර්මාගේ චරිතයට පණ පොවන්නේ කුෂාල් තන්දන්ය.

ජෙනිෆර් සහ කුෂාල් ඕඥරඩචඤඩ හි රංගනය වෙනුවෙන් සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය සහ නළුවා ලෙසින් සම්මානයට පාත්‍රවී ඇත. මෙහි සාන්ජිගේ චරිතයට පණ පොවන්නේ අනෙරි වජානි විසිනි. ඕඥරඩචඤඩ රූගත කිරීම් සිදුකර තිබෙන්නේ, මුම්බායි සහ මොරිෂස්හිදී ය.

දෙරණ ඩ්‍රීම් ස්‌ටාර්ස්‌ තරඟය ඔස්සේ බිහි වු පූර්ණ සචින්ත විසින් 'ඔබත් මමත් ඇයත්' හි තේමා ගීතය ගායනා කරනු ලබයි. සංගීතය නිමේෂ් කුලසිංහ විසිනි. "සිහිනය පුරාම සිහි වුණා" පද රචනය ෂෙහාන් ගලහිටියාව ගේය. පරිවර්තනය හි දෙබස් අජිත් මෙන්ඩිස් හා සෙව්මිණි මෙන්ඩිස් විසිනි. ඉෂාර වික්‍රමසිංහ, චේතනා කැඩගොඩ, අනුරාධා පෙරේරා, චින්තක නායනානන්ද, මනුල රන්දික, කෝකිල පවන්, චිරන්ත රන්වල, චම්පා දෙලංකාවල, මධුභාෂිණි කිරිඇල්ල ඇතුළු පිරිසක් මෙහි හඬකැවීමෙන් දායක වී ඇත.