වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




එඩ්වඩ් ජයකොඩි මාරම්බරී 100

එඩ්වඩ් ජයකොඩි මාරම්බරී 100


 

අකුරු මැකී නෑ

අකුරු මැකී නෑ - කොළ ගැල වී නෑ
බොඳ වී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්

මේ ඊරි බිම සීරි
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී

අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමු
බාල වියට පා නඟමු


ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - ආචාර්ය රෝහණ විරසිංහ



අන්න බලන්

අන්න බලන් බෙර හඩින් උදම් වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩ ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්

අනන්ත වූ බර හිසින් දරා ගෙන
වෙස් තට්ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස්
රනේ රුවට නළලත දිළිසේ

අවුල් හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කණට වෙනින් කිසිවක් නෑසේ


ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ



කරදිය ගැඹරේ

කරදිය ගැමරේ තුන් යම ගෙවුණේ
නුඹ ගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළු ගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ

දුම්රොටු අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ


ගී පද - ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


මාරම්බරී

මාරම්බරී කෝල වී
පෑ මුවේ මන්දහාසේ
මනලෝල වේ
උන්මාද වී
මා හදා සැම දා
පුණ්‍යවන්තී

සිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනු ඒ පිපාසා
මාරම්බරී!

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දෙවා චන්ද්‍රයා සේ
මාරම්බරී!


ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


නිල් නුවන්

නිල නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීල වළා තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ - පෙළහර
දකිනු රිසින්
මගෙ හිත ගොළු වෙලා

ළැම හසුන් රැඟුම් පා මන මත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ - ඔබමය
මගේ හිතත්
ඔබ ළඟ නැවතිලා

ගීපද - අමරසේන කංකානම්ගේ
සංගීතය - ආචාර්ය රෝහණ විරසිංහ



පලංචියේ


පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට

විරසක වි රුපුන් ලෙස යුද වදින්නද
කුලුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිඳ දමන්නද
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුණේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැති වේ ද හෙට මට සකි සඳුනේ
ගී පද - වසන්ත කුමාර කොබවක

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
යුග ගැයුම - සුනිල් එදිරිසිංහ



ගං ඉවුරේ

ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුලින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි
ආදර ගී විය ජය මංගල ගී
කුරුලු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ
පේ‍්‍රමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගෙයි

සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පලන් ජීවිත ගමනේ
දෝර ගලා
දෝර ගලා කරදර ආවත්
ඉඳිමු එදා මෙන් වෙනස් නොවී


ගී පද - කුසුම් පීරිස්
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


රුපු නොද බින්දු


රුපු නොද සින්දු - කිතු ගොස රැන්දූ
ජය දද බැන්දූ - වෙමි කෙසරින්දු

සෙන්පතියන් හා කඩු දුනු මානා
සුන් කරලන්නෙමි රුපු බල සේනා
පෙම්බර දෙරණට සිරිසෙත ගේනා
මං අග රජ වෙමි අණසක පානා

පිහිටද ලබමින් හැම දෙවියන්ගේ
රට දැය සමයයි නිති සුරකින්නේ
සෙනෙහස ලබමින් පුරවැසියන්නේ
දස රජ දහමෙනි රට කරවන්නේ

පද රචනය - ආචාර්ය සෝමරත්න දිසානායක
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ



ගඟ තවම තරුණයි

ගඟ තවම තරුණයි
ජල තරඟ හිනැහෙයි
ගං දෑල බඩ
අපි කී කතා
ගඟ රැළි පවා මුමුණයි

සඳ තවම නිසලයි
කොඳ මල් නිදා නොනිදයි
රෑ අහස යට - අපි කී කතා
තරු වැල් හෙමින් මුමුණයි

හද සොවින් සසැලෙයි
හැඟුමන් ඔබේ නිහඬයි
ගං දෑල මල් පාගා තලා
ඔබ නික්මුණා මතකයි

ගී පද - නිලාර් එන්. කාසිම්
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

එඩ්වඩ් ජයකොඩිමේ කොයි යන්නේ

මේ කොයි යන්නේ
රයිගම් යන්නේ
කවදද එන්නේ
නැත අප දන්නේ

උඩින් ගියොත් සිරස බිඳෙයි
බිමින් ගියොත් තිඹොල් ඇනෙයි

කුරිරු ගොර සපුන් ගහණයි වනන්තරේ
වල්මත් නොවී යන ගමනක් හෙමින් සැරේ
සතුන් පනී දෙබරු අනී
සොර මුළු සේසත පැහැර ගනී

බාර හාර වී පුදපෙත් නොකළාට
අටවිසි බුදුන්ගේ සරණයි නුඹලාට
ගමන දුරයි මඟ කටුකයි
පා යුග පැකිළෙයි බලාගෙනයි


ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
යුග ගැයුම - විශාරද ශ්‍රියා කාරියවසම්



කැරකෙන රෝදේ

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ

කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ

කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා වුණොත් අප මහ මඟ තනි වේ
අම්මා මඟ ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ


ගී පද - සිරිල් සමරකෝන්
සංගීතය - කළණි පෙරේරා



නෙතු දැහැන් බිඳී

නෙතු දැහැන් බිඳී හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ගනඳුරෙන් මිදී තරු රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී සිහිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

හසඟනන් පිරී පෙති පියුම් හැරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී


ගී පද - සරත් ආනන්ද ඩිරෙක්ස්
සංගීතය - කළණි පෙරේරා



සිරි යහනේ


සිරියහනේ ලණු ඉහිරී සුසුසම් හෙළන රෑ
මකුළු දැලින් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

සඳෙන් සඳට මුවාවෙලා කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පිං
මාල වළලු නොතිත් අයට අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

ගී පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - එච්. එම්. ජයවර්ධන



එක යායේ

එක යායේ කකා වැටි එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කළ ආරස්සා
නාස් ලනුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා
නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති

වළට වැටුණු එකා යකා
වළටම ඇද ගනු මිසකා
වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී
ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකී

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ත්‍රිත්ව ගැයුම - සුනිල් එදිරිසිංහ සහ බන්දුල විජේවීර


සිකුරු තරුව

සිකුරු තරුව රැයේ
අඳුර මකන අගේ
සඳට අහස හිමි වන පෝදා
ලොව හඳටම නතු වෙනවා
තරුව ද අමතක වෙනවා

අහස ඉමේ තුරු මුදුනේ - මල් හිනැහෙනවා
නොපැතූ සැනේ පෙති ඉහිරී - බිමට වැටෙනවා
අහසට පිපී මල් සේ - පොළොවට පර මල් හිමි වේ
පිපි මල් පර මල් වෙනවා
ඒ මල් දුක සඟවනවා

සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
දිළිඳු මගේ හද අරණේ එළිය නිවෙනවා
ඔබ නෙත් සඳ පහනේ සඳළුතලේ සඳ සැඟවේ
ඔබ යළි සඳවත වෙනවා
මිහිරිව ඔබ රිදවනවා


ගී පද - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
යුග ගැයුම - විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්




දවසින් දවසට

දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩු වෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්
වියැකී යනවා ඔබ මනසේ

පුරපස අවපස වෙනසක් වුව ද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැඳේවිද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත
එක දවසකි ඉතිරිව ඇත්තේ

සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා

ගී පද - කේ. ඩි. කේ. ධර්මවර්ධන
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ



බැරි බර හින්දයි

බැර බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තණියව ඔබ මිණිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ

කොළින් කොළට අතු ඉති ඵල දැරුවත්
හ වැඩිපුර ගෙඩි බිම හෙලුවා
හිසෙත් හිතෙත් බර කොතරම් තිබුණත්
ඔබට එකයි කාගෙත් දරුවා

වැරහැලි ඇඳලා සැප නැත දැකලා
රුව දුටුවම හදවත ඇල්වෙයි
ඔබ බුදු වන්නේ ගහ කොළ යට නොව
ගිහි ගෙයි ගින්දර ලිප මුල්ලේ

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක



කටු අකුලේ

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ
කටු අකුලේ මල් ඇහැරේ

තුඩින් තුඩේ රැව් නැඟේ
කුරුළු ගී ගායනා
කුළින් කුළේ වැතිරෙතේ
සුදු වළා පා වෙනා

ළමයින් සුවඳයි කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ රන් මිණි පහනයි

අනාථ දෑසේ කෙම්බිම ඔබමයි
මිලාන ලෝකේ හසරැළි උයනයි

ගී පද - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - ආනන්ද ගමගේ
යුග ගැයුම - ටිලානි අමරසිංහ