වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඔන්න ඔහොමයි වුණේ

ඔන්න ඔහොමයි වුණේ

ජනප්‍රිය නිවේදිකාවක මෙන්ම ගායිකාවක ද වන කුමාරි පෙරේරා පසුගිය දිනෙක සරසවියට පැමිණ සිටියා. ඇගේ අතේ සේයාරුවක් ද තිබුණා. එහි සනිටුහන්ව තිබුණේ ඇය කලාභූෂණ සම්මානය ලබාගත් මොහොතේ සේයාරුවක්. එය සරසවියේ පළ කර ගැනීමයි ඇයට අවශ්‍ය වුණේ. අවශ්‍ය තොරතුරු අපට ලබාදීලා ඇය පිටත්ව ගියා. මෙන්න කුමාරි තකහනියක්ම හවස කෝල් කළා.

මල්ලි අර ෆොටෝ එක පත්තරේට ගන්න එපා.

ඒ මොකෝ?

අප විමසීමක් කළා.

ගෙදර ගිය වෙලාවේ ඉඳලා පුතා මට ගෝරනාඩු කරන්න පටන් ගත්තනෙ. ඉවරයක් නෑ රණ්ඩුව. හැමදාම මගේ ෆොටෝම පත්තරවල යනවලු. එයා ඉන්න ෆොටෝ එකක් කවුරුවත් දාලා දෙන්නේ නැතිලු. අනේ මල්ලි මං කලාභුෂණ ගත්ත ෆොටෝ එක ඕන නැහැ. මගේ පුතා ඉන්න ෆොටෝ එක විතරක් දාලා දෙන්නකෝ. සමාවෙන්න ඕනෑ කරදර කරනවට.

කුමාරි බොහොම සංයමයෙන් එහෙම ඉල්ලීමක් කළා. ඉතින් එවන් වූ අයකු කරන ඉල්ලීමක් කොහොම අහක දාන්නද.