වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




‘සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ’ මැයි 03 වැනිදා

දෙකෙන් එකක්

එමා වොට්සන් හොලිවුඩයේ ජනප්‍රිය වුණේ ඩ්චපපර ර්‍ථධබබඥප චිත්‍රපට මාලාවේ රැමයිනිගේ චරිතය සමඟින්. පසුගිය කාලයේ ඕඥචභබර චදඤ බඩඥ ඕඥචඵබ චිත්‍රපටයේ බෙලෙගේ චරිතයත් ලොවපුරා කා අතරත් කතාබහට ලක් වුණා. මෙවර ඔස්කාර් සම්මාන උලෙළට අමතක නොවන සිදුවීමක් ගෙන ආ ඹ්ච ඹ්ච ඹ්චදඤ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මුලින්ම ආරාධනා ලැබිලා තියෙන්නෙත් එමා වොට්සන්ටයි. නමුත් ඇය ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරලා.

හැබැයි දැන් නම් ඇය ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම ගැන ටිකක් දුකෙන් කාලය ගත කරනවා කියලා ආරංචියි. එමා වොට්සන්ගේ ප්‍රතික්ෂේප කිරීම සමඟින් ඹ්ච ඹ්ච ඹ්චදඤ හි මියා නම් ප්‍රධාන නිළි චරිතය ලැබුණේ එමා ස්ටෝන්ටයි.

හිතේ තියෙන දුක නිසාම එමා වොට්සන් ඹ්ච ඹ්ච ඹ්චදඤ ප්‍රතික්ෂේප කරන්න හේතුව පසුගිය දවසක හෙළි කළා. ඒ ඕඥචභබර චදඤ බඩඥ ඕඥචඵබ චිත්‍රපටය නිසා. එමාට මේ චිත්‍රපට දෙකටම ආරාධනා ලැබිලා තියෙන්නේ එකම කාලයක. එකවර නිර්මාණ දෙකකට දායක වීමෙන් තම රංගනයේ සාර්ථකත්වයට බාධාවක් වේදෝ කියා සිතුණු නිසා ඇය චිත්‍රපට දෙකෙන් එකක් භාර ගන්න තීරණය කරලා.


ජැනට්ගේ අලුත් කතාව

ජනප්‍රිය පොප් ගායිකා ජැනට් ජැක්සන් මෙලොව උතුම්ම පදවිය වූ මව් පදවිය ලැබුවේ දියණියකට උපත ලබා දෙමින්. පසුගිය ජනවාරි 03 වැනිදා පුංචි ඊසා උපත ලබන විට ඇයගේ අම්මා ජැනට් 50 වැනි වියට පා තබා සිටීම විශේෂත්වයක් වුණා. බොහෝ දෙනා අවදානම් බව පැවසුවත් ජැනට් බොහොම සෞඛ්‍ය සම්පන්නව නිරෝගී දියණියක බිහි කළා.

පුංචි දියණියගේ සුරතල් ජැනට් සහ ඇයගේ සැමියා කටාර් ජාතික කෝටිපති ව්‍යාපාරිකයා වන අලි මනාගේ ලෝකයද සුන්දර කළා. ඒත් ඉතින් මේ සතුට මාස කිහිපයකට සීමා වෙලා තියෙන බව තමයි හොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.

හොලිවුඩයේ සම්ප්‍රදායට වගේ ජැනට් සහ අලි මනා වෙන් වෙන්න තීරණය කරලා. කාර්යබහුලත්වය සමඟින් තවදුරටත් දෙදෙනාට එක්ව සිටීමට නොහැකි තත්ත්වයක් උදා වී තියෙන බවයි ඔවුන්ගේ හිතවතුන් පවසන්නේ. ඒ කොහොම වුණත් දියණිය ඊසා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් දෙදෙනාගෙන්ම නොඅඩුව ඉටු කරන්නත් දෙදෙනා පොරොන්දු වෙලා. පුංචි ඊසාගේ අයිතිය ලැබෙන්නේ ජැනට්හට බවත් හොලිවුඩයෙන් ආරංචි වෙනවා.


එල්ටන් ජෝන් වේදිකාවේ නැහැ

බ්‍රිතාන්‍ය ජාතික ගායක එල්ටන් ජෝන් ඉදිරියට පවත්වන්නට සූදානම් කළ ප්‍රසංග පෙළක්ම අවලංගු කරලා. මේ විදියට මාස කිහිපයක් දක්වාම ප්‍රසංග අවලංගු කරන්න හේතුව ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය යි. ලබන මැයි මස 05 වැනිදා සිට ලබන ජූනි මාසය දක්වාම ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ ගී ගයන්නේ නැහැ.

බැක්ටීරියා ආසාදනයක් නිසා මාස කිහිපයක් ගත වන තෙක් විවේක ගැනීමට ලද වෛද්‍ය නියමයන්ට අනුව ලබන ජූනි මාසය දක්වා යොදා ගෙන තිබූ සියලු ප්‍රසංග ඔහු විසින් අවලංගු කරනු ලැබුවා. මේ පුවත සමඟින් කනස්සල්ලට පත් ලොව පුරා සිටින ඔහුගේ රසික රසිකාවන් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සුබ පැතුම් එක්කරමින් සිටිනවා.