වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




හතරදෙනෙක් එකතුවෙලා අලුත් කතාවකට මුල පුරලා

හතරදෙනෙක් එකතුවෙලා අලුත් කතාවකට මුල පුරලා

සිනමාවේ යොවුන් නළු නිළියන් සිව් දෙනෙක්, දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, උමාලි තිලකරත්න සහ ජෙහාන් අප්පුහාමි පසුගිය දවසක හැන්දෑක සිනමාව ගැන අපූරු කතාබහක යෙදුණා. ඒ ළඟදී තිරගත වන තිසර ඉඹුලානගේ නිනො ලයිව් චිත්‍රපටය කෙන්ද්‍ර කරගෙන. මේ අපූරු කතාබහ අපි සරසවිය පාඨකයන්ට ගෙන එන්න හිතුවා. නිකම්ම නොවේ. අලුත් අත්දැකීම් එක්ක. එනම් මෙම මුළු සංවාදයම ඔබට www.sarasaviya.lk වෙබ් අඩවියේ නැතිනම් සරසවිය ෆේස් බුක් පිටුවෙන් නරඹන්නටත් පුළුවන් විධියට. ඉංග්‍රීසි උප ශීර්ෂත් එයට යොදා තියෙනවා.

මගේ ටර්නිං පොයින්ට් එක “නිනෝ ලයිව්”..කියන්න දෙයක් නෑ..මොකද “නිනෝ ලයිව්” නිසා මට ගොඩක් දේවල් හම්බ වෙලා තියෙනව.. “ෆ්‍රැන්ජිපානි හම්බුණේ,විසා “නිනෝ ලයිව්” බලල තිබ්බ නිසා.. “අහසින් වැටුණා”කියල ටෙලි ඩ්‍රාමා එකක් ලැබුණා,ඒක හම්බ වුණෙත් “නිනෝ ලයිව්” බලල..මුලින්ම මගේ “නිනෝ ලයිව්” මේ ෆීල්ඩ් එකේ මිනිස්සු බලනව,ට්‍රේලර් එක බලනව..ආනන්ද අබේනායක් මගෙන් ඇහුව “දසුන් කොහෙද හිටියෙ මෙච්චර කල්”...ඒ මගෙ මුල්ම කාලෙ “අහසින් වැටුණා”කරද්දි..

සමනළී- ඔයා කියන්නෙ “මෝටර් බයිසිකල්” කොහොමද?

උමාලි- අවුල් නෑ..

(දසුන්,ජෙහාන් හිනාවෙයි)

උමාලි-(හිනාවෙමින්)..අවුල් නෑ..මං ඒකට ආස කාරණා කීපයක් තියෙනව..ම්..පළවෙනි කාරණය තමයි ඔය දෙන්න ඒකෙ ඉන්න එක..හේතුව අපි එක පරම්පරාවක..ඉතින් මං ආසයි..මගෙ පරම්පරාවේ වැඩ දකින්න..ඒ කට්ටියගෙ දක්ෂතා එළියට එනව දකින්න..ඔය දෙන්න (දසුන් සහ සමනළී) ඒකට ලොකු සාධාරණයක් ඉටු කරල තිබුණ..ඒ වගෙම තමයි සමීර අයියා(චිත්‍රපට අධ්‍යක්ෂක) ඒ ගත්ත උත්සාහය...මොකද..තරුණ පරම්පරාව නියෝජනය වෙන නිර්මාණයක්..ඔය වගේ දෙයක් එළීයට එන පළවෙනි වතාව..

ජෙහාන් - ඇත්තටම..මම මේකෙදි සමීරට රෙස්පෙක්ට් කරනව..ඒ කියන්නෙ චිත්‍රපට කරුවෙක් විදියට,තරුණ සිනමාකරුවෙක් විදියට..එයා ගත්ත බැටන් එක..ඒක ලේසි නෑ..මම ඇත්තටම දස්සට සහ ශා ට(සමනළීට) ඒකෙදි රෙස්පෙක්ට් කරන්නෙ අපේ පරම්පරාව නියෝජනය කිරීම හා ඒක ඇතුලෙදි,වෙන කල්ට් එකක්,වෙන සංස්කෘතියක් ඇතුලෙ අපිට හුවමාරු වෙන්න පුළුවන්..කියල පෙන්නපු එකට..අපි දන්නවනෙ අපි කවුද කියල

උමාලි-හරි සරල ප්ලොට් එකක්..හරි සරල කථාවක් තියෙන්නෙ ඒක ඇතුළේ දසුන්- ඔව් අනිවාර්යනේම ඒක ටර්නින් පොයින්ට් එකක් කියල මං කියන්නෙ..මොනව කිව්වත් “මෝටර් බයිසිකල්”වගෙ ෆිල්ම් එකක් මිනිස්සු බලල නෑ..

උමාලි-ඔව් ඒක හරි..

සමනළී- දැන් ෆ්‍රැන්ජිපානි ගත්තත් ඒකත් එහෙමයි..

දසුන්- ඔව් දෙකම එකයි..

සමනළී- ඒ රිලේෂන්ෂිප් එහෙම ගත්තම..ඒවයෙ තියෙන සියුම් චූටි චූටි තැන්..චූටි චූටි කෑලි අල්ලල තියෙන විදිය

ජෙහාන්-(දසුන් පෙන්වමින්) අපි චූටි චූටි කැලි වලට තමා හිටියෙ..

සියල්ලෝම සිනාසෙයි.

ජෙහාන්- ඒකෙදි ඇත්තටම කියන්න ඕනි ..ඒකෙ පෙන්වන්නෙ සුළුතරයනෙ..ඒ සුළුතරය වෙනුවෙන් පෙනී ඉන්නව කියන එක ලේසි නැහැ..එතකොට ඒකෙදි බහුතරයෙන් එන චෝදනාව තමයි..පහුගිය කාලෙ,ෆිල්ම් එකට කලින් අපි භුක්ති වින්දෙ..බහුතරයෙන් චෝදනාවක් එද්දි හැබැයි සුළුතරයෙන් ඒකට එන්නෙ වටිනා කමක්..ඒකෙදි දස්සා..විශේෂයෙන් විසාකේස (චිත්‍රපට අධ්‍යක්ෂක)සහ ඒකෙ රඟපාපු සියලුම ශිල්පීන් සුවිශේෂයි..

සමනළී-ඒක විශේෂයෙන් හරි එඩිතර මූවි එකක් මං කියන්නෙ..ඒකත් එක්ක හැදෙන කථා බහ,ඒ අවකාශය වැදගත්..මොකද එහෙම හිඩැසක් තිබුණ..

දසුන්- ඔව්..උමාලි ඔයා හිතන්නෙ අපි දෙන්නද සෙට් වෙන්නෙ(සමනළී පෙන්වමින්)..එහෙම නැත්නම් අපි දෙන්නද (ජෙහාන්ව පෙන්වමින්) සෙට් වෙන්නෙ..

උමාලි- මං හිතන්නෙ ඔය දෙන්න තමයි මැච් වෙන්නෙ..(දසුන් සහ ජෙහාන්ව පෙන්වයි)

සියලුම දෙනා සිනහවෙයි..

උමාලි-ඇත්තටම ඔය දෙන්නගෙ ඒ කෙමිස්ට්‍රි එක,රඟපෑම..සුපර්බ්..

සමනළී-හැබැයි “නිනෝ ලයිව්” බැලුවම ඒකෙ අනිත් පැත්තත් හිතුණ..ඔය දෙන්නත් (දසුන් සහ උමාලි) මැච් වෙනව කියල..

දසුන්-“මෝටර් බයිසිකල්” කරද්දි ශානියි මායි හොඳට දන්නව..අපි දෙන්න හොඳ යාළුවො..ෆ්‍රැන්ජිපානි කරද්දිත් ජෙහානුයි මායි හොඳ යාළුවො..හැබැයි “නිනෝ ලයිව්” කරනකොට උමාලිව දන්නෙ නෑ..මට තිසර(චිත්‍රපට අධ්‍යක්ෂක) මෙයාව හඳුන්වල දෙන්නෙ..මේ ..මොකක්ද..ම්.. ඊට ඉස්සෙල්ල කරල තිබුණු ෆීල්ම් එක..මොකක්ද අර නටන්නෙ..

සමනළී- ආ හරි හරි මං දන්නව..”ආසයි මං පියාඹන්න”

උමාලි-මං උඩරට නර්තනය කරල තියෙනව..ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නත් එපැයැ..(හිනාවෙමින්)..ඒ ෆිල්ම් එක 2008 ආවෙ..හැබැයි මං “නිනෝ ලයිව්”එකේ කරපු චරිතෙ කරන්න ඉස්සෙල්ලම කථා කරේ අක්කිට..(සමනළීට)

දසුන්-මුලින්ම හිටියෙ අපි..කපල් එක(සමනළී සහ දසුන්)..ඊට පස්සෙ මෙයා රට ගියා..”නිනෝ ලයිව්” තමයි මචං අපි සෙට් එකේ පලවෙනි වැඩේ..ඒකෙන් පස්සෙ තමා කට්ටියට හිතුණෙ අම්මට උඩු ෆීල්ම් කරන්න පුළුවන්නෙ කියල..

උමාලි- ඔව් ..ඔව්..

ජෙහාන්-ඒක හරි දස්සා..

සමනළී- ඇයි ඒ පළවෙනි වැඩේ මං නැත්තේ..(දුකෙන්..නෝක්කාඩුවෙන් මෙන්)

උමාලි-හරි හරි ඊළඟ ෆිල්ම් ඒකෙ බලමු(හිනා වෙමින්)

දසුන්-ෆිල්ම් එක එන්න පරක්කු වුණා..ඒක වෙනම කාරණයක්..ඒක ප්‍රශ්නයක් නෑනෙ..ඒක කවද හරි එනව..ෆිල්ම් කරල තිබුණට පාඩුවක් වෙන්නෙ නෑ..බය වෙන්න ඕනි නෑ කවද හරි එනව..(සිනාසෙමින්)

උමාලි-මේ ඔය දෙන්න දන්නෙ නැති තව දෙයක් තියෙනව..මට ෆ්‍රැන්ජිපානි එකට ආරාධනයක් ලැබුණ..ඒක මට ලැබෙන්නෙ “නිනෝ ලයිව්” නිසා..

ජෙහාන්-ආහ්..ඒක මං දැන් දන්නෙ..

සමනළී-ආ..ෆ්‍රැන්ජිපානි එකේ යශෝ(යශෝදා රසඳුනී) කරන කැරැක්ටර් එකට?

උමාලි-ඔව්

දසුන්-මචං..”නිනෝ ලයිව්” බලල තිබුණ විසා(විසාකේස) ඕස්ට්‍රේලියාවෙදි..

උමාලි-හැබැයි ෆ්‍රැන්ජිපානි කරන කොට මං ලංකාවෙ නෑ..

දසුන්-අපරාදෙ නේද?

උමාලි-නෑ යශෝ ඒක හොඳට කරල තිබුණ..

දසුන්-ඔව් ඔව්..අපරාදෙ කිව්වෙ ඒකයි..

සියලුදෙනා එයට හිනාවෙයි.

සමනළී-මං ඉතා මෑතකදි තමයි “නිනෝ ලයිව්” බැලුවෙ...ගිය අවුරුද්දෙ “රෙඩ්”(රෙඩ් ෆෙස්ටිවල්)එකේ පෙන්නනකොට

දසුන්-ඒ කාලෙ මං පට්ට ආසාවෙන් හිටියෙ ශානිත් එක්ක රඟපාන්න..තිසර කිව්ව ශානි ඉන්නෙ කියල..”ආහ් ෂා ශානිද ඉන්නෙ..ආහ්”..කියල තමයි මං කිව්වෙ..

සමනළී-ඇයි ඇයි?(සමනළී සිනාසෙමින් දසුන්ගේ කන මිරිකයි)..ආහ් ඒකෙ කිසිං සීන් එකක් තිබ්බ..

උමාලි-ඈහ්?

දසුන්-ඔව් ඔව් කිසිං සීන් එකක් තිබුණ..

ජෙහාන්-ඔයා නිසා ඒක දාල නෑ..(හිනා වෙමින්)

දසුන්- ශානි කැමති වුණෙත් නෑ..

සමනළී-මම කැමති වුනේ නෑ..හැබැයි පස්සෙ “හා” කියන්න හිටියෙ..

සියලුදෙනාම හිනාවෙයි.

සමනළී-නෑ..පොඩියිනේ..අනේ අපි..එහෙම තීරණයක් ගන්න එකපාරට බෑනේ..(හිනාවෙයි)

උමාලි-ඔයා බලන්න ඇති මේ මොකක්ද කියල..හිහ් හී..

සමනළී-ඔව්.. “නිනෝ ලයිව්” ස්ක්‍රිප්ට් එකේ තිබුණු එකයි..පස්සෙ ස්ක්‍රීන් එකේ බලද්දි තිබුණු එකයි..ඇත්තටම ඒක වෙනමම ලෝකයක්..ඒ කියන්නෙ ඒ වගේ එකක්..අපේ එවුන්ගෙන් එන්නම ඕනි..ඒක ඉතිං මුගෙන්ම තමයි(තිසරගෙන්) එන්න ඕනි..

ජෙහාන්-හරි..දැන් මෙහෙම හිතන්නකෝ..ඔයා නිළියක් විදියට(සමනළීට)..ඔයත් නිළියක් විදියට(උමාලිට)..මං මේ අහන්නෙ මෙලෝ මඟුලක් දන්නැතුව හරිද?..දැන් ඔයා ඇක්ට් කරන්න හිටපු එක මෙයා ඇක්ට් කරනව..ඔයාට(සමනළීට) ඊර්ෂ්‍යාවක් වගේ එකක් හිතුණෙ නැද්ද?

සමනළී-නෑ..

උමාලි-නෑ නෑ ..හොඳම උදාහරණය තමයි..ඉන්න මං කියන්නම්..ශා(සමනළී) එහෙම හිතන කෙනෙක් නෙවෙයි..

ජෙහාන්-වෙන්න පුළුවන්නෙ?

උමාලි-නෑ නෑ නෑ..මොකද මට පළවෙනියටම කුසලතා සම්මානයක් හම්බ වෙනව “පූජාසනය” කියල ඩ්‍රාමා එකක “සඳලි” කියන කැරැක්ටර් එකට..එතෙන්දි පළවෙනියටම මගෙ නම්බර් එක හොයාගෙන මලෙ ඇක්ටින් ගැන මට කථා කරල..සතුට ප්‍රකාශ කරල,මාව අගය කරන්නෙ සමනළී ෆොන්සේකා..

දසුන්- යේහ්..

උමාලි-මං “නිනෝ ලයිව්” ඇක්ට් කරන්නෙ ඊට පස්සෙ..හැබැයි අක්කිට මේ වැඩේට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දුක අපි දෙන්නට බෙදා ගන්න හම්බ වෙලා තියෙනව..

සමනළී-ඔව්..අනිත් එක මං ඉරිසියා කරන්නෙ මොකටද..මං ඔක්කොම අතහැරල ගියේ..

ජෙහාන්-නෑ නෑ අවුලක් ගන්න එපා..මං එහෙම හිතුවෙ නෑ

උමාලි-නෑ නෑ ඔයා ඒක අහපු එක වැදගත්..

දසුන්-නෑ ඉරිසියාව නෙවෙයි..මොනව වුණත් කැරැක්ටර් එකක්නේ..කියල හිතෙනවනෙ

සමනළී-ඔව්..අයියෝ මං මොකක්ද මේ කරගත්තේ,ඔක්කොම දාලද මං ආවෙ වගේ එකක් තමයි ආවෙ මට..ඒ කියන්නෙ අපි කට්ටිය එකතු වෙලා කරන වැඩ වල තියෙනවනෙ වෙන අන්ඩර්ස්ටෑන්ඩින් එකක්..මං දන්නෙ නෑ අපිට කලින් පරම්පරාවෙ ඒක තිබුණද කියල..ඒ කියන්නෙ අපි ඇක්ටින් වලදි,ඒ කියන්නෙ වැඩ වලදි විතරක් නෙවෙයිනෙ හමබ වෙන්නෙ..අපි වෙන වෙන විදි වලටත් සම්බන්ධයිනෙ..අපි පාටි දානව,ට්‍රිප් යනව,වෙන වෙන වැඩ කරනව සමාජය ඇතුලෙ..ඒකත් එක්කත් පොඩි ගැම්මක් තියෙනව නේද අපේ..

දසුන්-මට තේරෙන්නෙ නෑ..මොකද අපිට ඉස්සර ගැන කථා කරන්න බෑනෙ..අපි දන්නෙ නෑනෙ ගාමිණි ෆොන්සේකාගෙ කාලෙ ,අපි ඇත්තටම ඒක දන්නෙ නෑ..සමහරවිට ශා (සමනළී) දන්නව ඇති..මං දන්නෙ නෑ ඇත්තටම..

උමාලි-ඇත්තටම මටත් මේකෙ ලොකුවට හැසිරෙන්න අවස්ථාව හම්බවෙලා නැහැ..ඒක හංද මාත් ලොකුවට දන්නෙ නෑ..හැබැයි අපි ගැන කථා කරන කොට ඒක දැනෙනව

ජෙහාන්-ඒක ඇත්ත..

සමනළී-අපි කරන්නෙ වැඩ පොඩ්ඩක් වුණාට ..අපි ඒ වැඩ මාර විදිහට බෙදා ගන්නව..ඒක මාර විදිහට ලයිව් කියල මං කියන්නෙ..

ජෙහාන්-හරි..මට හිතෙන්නෙ ශා (සමනළි)..වෙන කෑල්ලක් කිව්වෙ..වෙන කෑල්ලක් කිව්වෙ..අපි අපේ රඟපෑමට එහා ගිය වෙන ආශ්‍රයක් එක්ක අපි ගැවසෙනව..එතකොට නළුවො සහ නිළියො විදිහට..එහෙම කියන්නෙ අපිව එළියෙන් බලන්නෙ ඒ විදියටනෙ..දස්ස නළුවා..ශා(සමනළී) නිළිය..මං කියන්නෙ අපි කොහොමද එළියට මේක..

දසුන් මැදින් පනියි.

දසුන්-මේන්ටේන් කරන්නෙ?

ජෙහාන් සිනාසෙයි.

උමාලි-ප්‍රතිරූපය රැක ගන්නෙද?

ජෙහාන්-ඔව් අපි එහෙම කියමු..කොහොමද ඒක මේන්ටේන් කරන්නෙ?

දසුන්- ලංකාව වගෙ රටක..

ජෙහාන්- ඔව් ලංකාව වගෙ රටක..

උමාලි-හැබැයි ලංකාවෙ විතරක් නෙවෙයි..මම ජපානෙ ගිහිල්ල මට අවස්ථාව හම්බුණා එහේ වැඩ කරන්න..ෆිල්ම් වල,ටෙලිඩ්‍රාමා වල..හැබැයි එහෙ වැඩ කරද්දි එහේ තියෙනව සිස්ටම් එකක්..හැම කෙනෙක්ටම ඔඩිෂන් එකකට යන්න තියෙනව..ඒ හරහා තමයි ඒ ගොල්ලන්ට අවස්ථාව හම්බ වෙන්නෙ..ඒ වගේම මැනේජර් කෙනෙක් ඉන්නව..එතෙන්දි මං වෙනුවෙන් ඉදිරිපත් වෙන්න,මං වෙනුවෙන් වැඩ ටික කරන්න,ගණන් හිලව්,දින ගැන වගේ දේවල් කථා කරන්න,අපිට පහසු විදිහට ඒ දේවල් හරි ගස්සල දෙන එක එයා කරනව..හැබැයි ලංකාවෙ අපිට තාම එහෙම සිස්ටම් එකක් නෑ..නමුත් මේක ඇතුලෙ ලංකාවෙ අපි හැඩ ගැහිල තියෙනව වෙනම ක්‍රමේකට..අපිම අපිව නියෝජනය කරගන්නව..

ජෙහාන්-අපිම අපි වෙනුවෙන් කථා කර ගන්නව

උමාලි-ඔව් අපි අපි වෙනුවෙන් කථා කර ගන්නව..

දසුන්-ඒ කියන්නෙ අපි වෙනුවෙන් අපි..(සිනාසෙයි)

සමනළී-මෙහෙමයි..මේ රස්සාවෙ විදිහට අපිට ඉමේජ් එකක් හැදෙනව..ඒක අතුරු ඵලයක් විදියට තමයි මම දකින්නෙ..හැබැයි වැඩේ තියෙන්නෙ වෙන තැනක..ඉතින් ඒ වැඩේ නොකර ඉමේජ් එක රැක රැක හිටියොත් ඒ වැඩේ වෙන්නෙත් නෑ..ඉතිං ඔය දෙකම කරගෙන යන්න පුළුවන් නම් හොඳයි..රංගන ශිල්පියෙක් වුනොත් පොඩ්ඩක් ස්පොයිල් වෙන්න ඕනිත් කියලයි මං කියන්නෙ..

උමාලි-තරමක් මුරණ්ඩු වෙන්න ඕනි..

සමනළී-නෑ..ස්පොයිල් වෙන්න ඕනි..ඒ කියන්නෙ කොහොමද අපි කැරැක්ටර්ස් තේරුම් ගන්නෙ..නිකං බබෙක් වගේ ඉඳල..

උමාලි- ඔව් ඔව් ඒ කථාව හරි..

ජෙහාන්-ඔව් අපිට හම්බවෙන සමහර චරිත තියෙනව තනිකර ගෙවල් ඇතුලෙ..අර කිව්ව වගේ අපි මේන්ටේන් කරන්න ඕනි අපේ ජීවිතය..

දසුන්-ගෙවල් ඇතුලෙ ඉඳන් රඟපාන්න බෑ..

සමනළී-මොනව මේන්ටේන් කරත් වැඩක් නෑ..අප්ඩේට් වෙන් නැත්තං

දසුන්-අන්න හරි..

ජෙහාන්-ඔව් ලයිෆ් එක අප්ඩේට් වෙන්නැත්තං වැඩක් නෑ..එතෙන්දි අපිට මිනිස්සු අතරට යන්න වෙනව..මිනිස්සුත් එක්ක ගැවසෙන්න වෙනව..

උමාලි-මිනිස්සුන්ගෙ හැඟීම් හඳුන ගන්න..බෙදා ගන්න වෙනව

ජෙහාන්-ඔව් අපි හිතමු මාලන් බ්‍රැන්ඩො..එයා වීදියට බැස්සනෙ..අපි ගමු චැප්ලින්..මිනිස්සුන්ව දැක දැකනෙ එයාලගෙ ආර්ට් පීස් එළියට ආවෙ..එතකොට එයාල මේන්ටේන් කරේ ආර්ට් පීස්..

සමනළී-අල්තාරෙ නෙවෙයි..(හිනාවෙමින්)..

ටර්නින් පොයින්ට් එක-

සමනළී-අපි ගොඩාක් වැඩ කරල නැති හිංද ඉතින් හැම වැඩක්ම ටර්නිං පොයින්ට් එකක් තමයි..

දසුන්-අපි ආස ඉතිං ෆිල්ම් කරන්නනෙ..ෆිල්ම් කරන ආසාවක්නෙ අපිට තියෙන්නෙ

සමනළී-ඔව්.. “ආකාස කුසුම්” තමයි ඉතිං..ඒ වගේ ප්‍රඩක්ෂන් එකක වැඩ කරන එක,ප්‍රසන්න විතානගේත් එක්ක වැඩ කරන්න හම්බ වෙච්ච එක..එතකොට නිම්මි,මාලිනී ෆොන්සේකා මේ ඔක්කොමත් එක්ක වැඩ කරන්න ලැබුණු එක..වැඩි හරියක් නිම්මි එක්ක මට තිබුණේ..මේක ටර්නිං පොයින්ට් එකක්..ඒ කියන්නෙ ප්‍රොෆෙසනලි මේක ගැන,වෘත්තීමය විදියට මං මේකට අනුගත වුණා.මං මේක තේරුම් ගත්ත..තේරුම් ගන්න පුළුවන් වුණා..මට එහෙම ඉඩක් ලැබුණ ඒකත් එක්ක..ඉතිං “ආකාස කුසුම්”තමයි මගේ ටර්නිං පොයින්ට් එක..

දසුන්-ජෙහාන්ගෙ මොකක්ද ටර්නිං පොයින්ට් එක

සමනළී-රැවුලෙ පොයින්ට් එක තමා..

සියල්ලෝම සිනා සෙයි..

ජෙහාන්- මගෙ ඇත්තටම ටර්නිං පොයින්ට් ගොඩයි.. “මචං”එකේ මං දවස් හයක් ෂූටිං..අති දැවැන්ත සිනමා කෘතියක්..හැබැයි එඩිට් වෙලා එද්දි මම නෑ..හැබැයි ඒක හිත රිදෙන්න කාරණාවක් නෙවෙයි..දවස් හයක් ෂූට් එකේ හිටියනෙ මං..

දසුන්-ඒක ටර්නිං පොයින්ට් එකක් නෙවෙයි..ටර්න් වෙලා ගිහිල්ල..

සියල්ලෝම හිනා වෙයි.

ජෙහාන්-නෑ නෑ ඒ එක්ස්පීරියන්ස් එක වටිනව..උබර්තෝත් (චිත්‍රපට අධ්‍යක්ෂක) එක්ක වැඩ කරපු එක..

දසුන්-උඹ නිකන් හිතන්නෙ උඹේ ටර්නිං පොයින්ට් එක මොකක් කියලද? ෆිල්ම් ඇතුලෙ

ජෙහාන්-ෆිල්ම් ඇතුලෙ..ආහ් මචං මං අරක කිව්වෙ ඒක වෙන එක්ස්පීරියන්ස් එකක් නිසා..

දසුන්-ඔව් ඔව්..

ජෙහාන්-ම්..ෆ්‍රැන්ජිපානි..විසාකේසගෙ “සයපෙති කුසුම”...එතකොට ඒක සිනමා කෘතියක් සහ ඒක ඇතුලෙ මනුස්ස ජීවිත සුළුතරයක් වෙනුවෙන් කථා කරන චිත්‍රපටයක් වීම සහ ඒක ඇතුළෙ මම මනුෂ්‍යයෙක් විදිහට,ආර්ටිස්ට් කෙනෙක් විදිහට..කවුරු වෙනුවෙන්ද මං පෙනී සිටිය යුතු කියන එක ගැන ලොකු අභියෝගයක් තිබුණු චිත්‍රපටියක්..ඉතිං ඒකෙදි ඒ වෙච්ච මහන්සිය සහ ඒ කැපකිරීමත් ඇතුලෙ මගේ ජීවිතේ මං හිතන්නෙ මගේ හැරවුම් ලක්ෂ්‍ය තමයි ඒක..

දසුන්-හැපී..?

ජෙහාන්-ඔව් මං සතුටින් ඉන්නෙ ඒ සම්බන්ධව..දස්සා?

දසුන්-මගේ ටර්නිං පොයින්ට් එක “නිනෝ ලයිව්”..කියන්න දෙයක් නෑ..මොකද “නිනෝ ලයිව්” නිසා මට ගොඩක් දේවල් හම්බ වෙලා තියෙනව.. “ෆ්‍රැන්ජිපානි හම්බුණේ,විසා “නිනෝ ලයිව්” බලල තිබ්බ නිසා.. “අහසින් වැටුණා”කියල ටෙලි ඩ්‍රාමා එකක් ලැබුණා,ඒක හම්බ වුණෙත් “නිනෝ ලයිව්” බලල..මුලින්ම මගේ “නිනෝ ලයිව්” මේ ෆීල්ඩ් එකේ මිනිස්සු බලනව,ට්‍රේලර් එක බලනව..ආනන්ද අබේනායක් මගෙන් ඇහුව “දසුන් කොහෙද හිටියෙ මෙච්චර කල්”...ඒ මගෙ මුල්ම කාලෙ “අහසින් වැටුණා”කරද්දි..

සමනළී-ඒකට අවෝර්ඩ් එකකුත් හම්බුණා නේද දසුන්?

දසුන්-ඔව් අවෝර්ඩ් එකකුත් හම්බුණා..මං කියන්නෙ,මට කෙලින්ම කියන්න පුළුවන් මගේ ටර්නිං පොයින්ට් එක “නිනෝ ලයිව්”

සමනළී-චූටි? (උමාලිට)

උමාලි-මෙහෙමයි..මම කියන්නෙත් “නිනෝ ලයිව්” කියල..තාම ඒක රිලීස් වෙලා නැති වුණාට,ඇක්ටින් කියන එක ගැන මටම දැණුනු,..සහ මෙහෙමයි හුඟක් වෙලාවට අපි ඇක්ට් කරන්න ගියාම අපිවම අපිට අභියෝගයක් කර ගන්නවනෙ..අපි අපිව මරණව,වෙන කැරැක්ටර් එකකට යන්න..එතෙන්දි මම මටම අභියෝග කරගත්ත පළවෙනි රෝල් එක..ඒ කැරැක්ටර් එක තමයි “රුචී”..ඒ වගෙම මට චාන්ස් එකක් හම්බ වෙනව ඒකෙ සිංදුවක් කියන්න...ඒකත් වෙන්නෙ හරි අමුතු විදියට..

ඒ කියන්නෙ සිංදුවක් කියන්න නෙවෙයි මම යන්නෙ ස්ටූඩියෝ එකට..පොඩි කෑලි ටිකක් “හම්” කරල එන්න..ඒ වුණාට මට ඒකෙ කෑල්ලක් කියන්න කිව්වම මං ඒක කියන්නෙ සංඛ දිනෙත් කියන විදියට නෙවෙයි..සංඛ තමයි ඒකෙ මියුසික් කරේ..මටම ඕනි විදිහකට මං කියනව..ඒ පාර සංඛ ආව ගිටාර් එක ගැහුව,අපි කියමු කිව්ව වෙන වර්ෂන් එකක්,අන්තිමේදි ෆීමේල් වර්ෂන් එකයි,මේල් වර්ෂන් එකයි දෙකක් තියෙනව..ඒ සින්දුවත් ෆිල්ම් එකේ තියෙනව..මං ආසාවෙන් ඉන්නව ඒ සින්දුවත් කියන්න..ඉතිං “නිනෝ ලයිව්” තමයි ඒ පන්නරය මට දුන්නෙ.කැරැක්ටර් එකක් කරන්න,අභියෝග කරන්න,මේක ගැන හොයන්න,ඇක්ටින් කියන්නේ මොකක්ද කියන එක ගැන තව දුරටත් හිතන්න..මට චාන්ස් එක හම්බුණේ “නිනෝ ලයිව්” නිසා..

නිමි..