වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

මම වගේ නම් නියමයි

සෝනක්ෂි සිංහා ගැන පසුගිය කාලයේ කතාබහ වුණේ Akira, Force 2 වැනි චිත්‍රපට සමඟින්. මේ දිනවල ඇයගේ නවතම චිත්‍රපටය Noor තිරගත වෙනවා. හාස්‍ය ගෙන එන මේ චිත්‍රපටයේ නූර් රෝයි චෞද්‍රි නමින් ඇය පණ පොවන චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා කියලා ආරංචියි.

ඒත් සෝනක්ෂි නම් කියන්නේ හැමෝම සතුටු කරන්න බැහැ කියලායි. ඇය විශ්වාස කරන්නේ ඇය කරන දේ නිවැරදියි කියලා. ඒ නිසා හැමෝටම සතුටු වෙන දේවල් කරන්න බැහැලු. හැමෝම සතුට ලැබෙන විදියට වැඩ කළ කාලයකුත් තිබුණු බව සෝනක්ෂි කියනවා. "එහෙම කළත් ඒක එපා වෙන දවසකුත් එනවා" ඇය පවසනවා.

ඒ දවස සෝනක්ෂිට කලින්ම උදා වෙලා. ඉතිං දැන් ඇය තමන්ට හිතෙන තමන්ගේ හිතට සතුටක් දැනෙන දේ විතරයි කරන්නේ. ඒ ප්‍රවිශ්ඨය සෝනක්ෂිට ඉදිරියට එන්න පිටිවහලක් වෙලා.

"ඔයා මම වගේ නම් නියමයි.

ඔයා මම වගේ නෙවෙයි නම් ඒත් කමක් නැහැ.

මම වැඩ කරන්නේ මට ඕනි විදියට"

සෝනක්ෂි කියන්නේ එහෙමයි.


නරක ආරංචිය

ප්‍රියංකා චොප්රා දැන් හොලිවුඩයේ ඉතා ජනප්‍රිය තරුවක් වෙලා. පසුගිය කාලයේ දිගින් දිගටම සම්මානත් ඇයට හිමි වුණා. හොලිවුඩයේ බොහොමයක් සඟරා මුල්කවර ඇයගේ රුවින් හැඩවෙනවා කියලත් ආරංචියි. හොලිවුඩයේ නම් ඇය හැම සතියෙම දකින්නත් ලැබෙනවා. ඒ Quantico කතා මාලාව සමඟින්.

ඊළඟට හැමෝම බලාගෙන ඉන්නේ Baywatch චිත්‍රපටය එන තෙක්. හැබැයි බොලිවුඩ් රසික රසිකාවන්ට නම් කියන්න ප්‍රියංකා ගැන කියන්න තියෙන්නේ අසුබ ආරංචියක්. මොකක්ද දන්නවාද ඇය නැවතත් බොලිවුඩ් නිර්මාණකින් හමු වෙන්න ලබන අවුරුද්ද වෙනකල් බලාගෙන ඉන්න වෙනවා.

Pink චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අනිරුධා රෝයි චෞද්‍රි අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකින්. ලබන ජූනි මාසයේදී මේ චිත්‍රපටය රූගත කරන්න නියමිතයි. හැබැයි මේ අවුරුද්දේ ප්‍රියංකා නිෂ්පාදනය කළ චිත්‍රපටයක් නම් තිරගත වෙනවා. Sarvann නම් වූ එය ප්‍රිංකාගේ නිෂ්පාදන ආයතනය වන පර්පල් පෙබල්ස් පික්චර්ස් ආයතනයේ නිෂ්පාදනයක්.


අමිතාබ්ට සර්කාර් එපා වෙලා

අමිතාබ්ට සර්කාර් එපා වෙලා කියලා බොලිවුඩයෙන් ආරංචි වුණා.

මේ නිසා අම්තාබ් චිත්‍රපට අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා සමඟින් පැය ගණනක් සාකච්ඡා කරලා තර්ක කරලා Sarkar 3 චිත්‍රපටයේ පෙනුම වෙනස් කරන්න තීරණය කරලා. මේ නිසා Sarkar 3 චිත්‍රපටයේ කලින් රූගත කර තිබූ ඇතැම් දර්ශන නැවතත් රූගත කරන්න නියමිතයි.

සාමාන්‍යයෙන් චිත්‍රපටයක රූගත කිරීම් අවසන් වූ පසුව යළිත් ඒවා වෙනස් විදියට රූගත කෙරෙනවා අඩුයි. නමුත් මෙතැනදී අමිතාබ් හට කුමන හෝ අඩුපාඩුවක් කලින්ම අවබෝධ වුණු බවක් තමයි පෙනෙන්නේ. තිරගත කරලා පසුව විවේචනයට ලක් වෙනවාට වඩා කලින්ම වරද හදා ගන්න ඕනි කියලා ඔහුට හිතෙන්න ඇති.

අමිතාබ් එහි සුභාෂ් නාග්‍රෙ හෙවත් සර්කාර්ගේ චරිතයට පණ පොවනවා. මෙම තෙවැනි දිගහැරුමේ අමිතාබ් සමඟින් ජැකී ශ්රොෆ්, මනෝජ් බජ්පායි, අමිත් ෂා, යමී ගෞතම්, රෝනිත් රෝයි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. Sarkar චිත්‍රපට මාලාව ගෙන එන්නේ, දේශපාලන කතා තේමාවක්.


තාත්තා කැමතිම නිළිය

බොලිවුඩයේ වේවා, හොලිවුඩයේ වේවා අපේ සිංහල සිනමාවේ හෝ වේවා සැසඳීම් සහ තරගකාරීත්වය නළු නිළියන් අතරේ සාමාන්‍ය දෙයක්. ඒත් ඉතින් බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිට එයාගේ පවුල ඇතුලෙම ඒ වගේ තත්ත්වයක් උදා වෙලා. එහෙම දෙයක් සිද්ධ වෙයි කියලා ශිල්පා හීනෙකින් වත් හිතුවේ නැහැලු.

පසුගිය දවසක ශිල්පා ඇයගේ සැමියා රාජ් කුන්ද්‍රා සහ පුංචි පුතා වියාන් කුන්ද්‍රා සමඟින් නිවාඩුවක් ගත කරන්න විදෙස් රටකට යන්න සූදානම් වෙලා ගුවන්තොටුපලට ගියා. දීපිකා පදුකෝන් පෙනී සිටින ජංගම දුරකථන ප්‍රචාරණ දැන්වීමක් එහි තිබුණා. මේ දැන්වීම දැකපු ගමන් වියාන් "මේ ඉන්නේ දීපිකා පදුකෝන්. මගේ තාත්තාගේ ප්‍රියතම නිළිය" යැයි මහ හයියෙන් කෑගහලා කිව්වා.

2008 වසරේදී Dostana චිත්‍රපටයෙන් පසුව ශිල්පා දායක වුණේ 2014 වසරේදී Dhishkyaoon චිත්‍රපටයට විතරයි. හැමදාම සෞඛ්‍ය සම්පන්න බව ගැන හිතන ඇය පසුගිය දවසක සෞඛ්‍ය සම්පන්න ඉවුම් පිහුම් ගැන ඇයගේ Youtube නාලිකාවට එකතු කළා.


ලුලියාගේ ප්‍රේම කතාව

සල්මන් ඛාන්ගේ පෙම්වතිය ලෙසින් ලුලියා වන්තූර් බොලිවුඩයේ ජනප්‍රිය චරිතයක් වෙලා. මේ දෙදෙනාගේ විවාහය වෙනකෙත් කවුරුත් බලාගෙන හිටියත් තවමත් එවැන්නක සුභ ආරංචියක් දෙදෙනාගෙන් එක් අයෙකුවත් ගෙන ආවේ නැහැ. ලුලියා රුමේනියානු ජාතිකයෙක් වුණත් වැඩි කාලයක් ඉන්දියාවේ ගත කළ බව තමයි කියන්නේ.

නිළියක වගේම නිරූපිකාවක ලෙසිනුත් කටයුතු කරන ලුලියා පසුගිය දවසක ගීතයක් ගායනා කළා. ඒ ඩුබායිහි පැවති උත්සවයකදී. එහිදී ඇය තෝරා ගත්තේ සල්මන්ගේ Bodyguard චිත්‍රපටයේ "තේරී මේරි ප්‍රේම් කහානි" ගීතය යි. එය ඇය ගැයූ අන්දම අන්තර්ජාලයටත් එකතු කරලා. එය දකින හැමෝම කියන්නේ දැන් ඇයට හොඳීන් හින්දි ගීත ගයන්නත් හැකි බව ඔප්පු කළා කියලායි.


රිතික් ආඩම්බරයෙන්

රිතික් මේ දවස්වල හරිම ආඩම්බරයෙන් ඉන්නවා කියලා ආරංචියි. වෙන මොකක් වත් නෙවෙයි තමන්ගේ අම්මා නිසා. රිතික්ගේ අම්මා පිංකි රෝෂන් පොඩි කාලයේ පටන්ම වතුරට බය කෙනෙක්. දැන් අයගේ වයස අවුරුදු 63ක්. මේ දක්වා කවදාවත් ඇය පිහිනන්නවත් උත්සාහ කරලා නැහැ.

අවුරුදු 63ක් බයෙන් හිටපු මේ අම්මා පසුගිය දවසක ගැඹුරු ඉන්දියන් සාගරයට පැනලා. වතුරට තියෙන බය නැතිවෙන්න තමයි එහෙම කරලා තියෙන්නේ. මේ නිසා රිතික්ට ලොකු සතුටක් වගේම අම්මා ගැන ආඩම්බරයකුත් ඇති වෙලා.