වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




‘සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ’ මැයි 03 වැනිදා

‘සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ’ මැයි 03 වැනිදා

මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඇගයීමටද ජනප්‍රියත්වයටද පාත්‍ර වූ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය උදෙසා ප්‍රවීණ තිර රචක සෝමවීර සේනානායක ලියූ තිර රචනය මුද්‍රිත ග්‍රන්ථයක් බවට වීමත්, ටෙලි නාට්‍ය කලාවට විශිෂ්ට සේවයක් ඉටු කළ, පළිඟු මැණිකේ අධ්‍යක්ෂ ධම්ම ජාගොඩ කලාකරුවාණන් අනුස්මරණය කිරීමත් නිමිති කොටගෙන විශේෂ උත්සවයක් මැයි 03 වැනිදා පස්වරු 3.30ට කොළඹ 07 පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වෙයි.

'සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ' යනුවෙන් හැඳීන්වෙන මෙම උත්සවය සංවිධානය කරනුයේ පළිඟු මැණිකේ තිර රචනය ග්‍රන්ථයක් ලෙස පළ කරන සරසවි ප්‍රකාශන සමාගමේ අනුග්‍රහයෙන්, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය විසිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවයට පැවැත් වේ.

වසර 33ට පෙර පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන චරිතයට පණ පොවමින් ප්‍රසාදයට පත් ශ්‍රියන්ත මෙන්ඩිස් 'සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ' උත්සව සභාව මෙහෙයවීම ද විජේපාල චරිතය රඟපා පැසසුම් ලද සම්මානනීය කලාකරු ජැක්සන් ඇන්තනි ප්‍රධාන දේශනය පැවැත්වීමද මෙහි විශේෂත්වයකි. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන සහ පළිඟු මැණිකේ තිර රචක ප්‍රවීණ ලේඛක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සෝමවීර සේනානායක විසින්ද විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතය. උත්සව සභාවේ පිළිසඳරේ යෙදෙන කලාකරුවන් අතරේ රෝහණ බැද්දගේ, මැණිකේ අත්තනායක, සිරිල් වික්‍රමගේ, රම්‍යා වනිගසේකර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අනුර බණ්ඩාර රාජගුරු සහ දයා තෙන්නකෝන් ආදිහු වෙති.


සිත නිවන කතා දිනපතා

දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කළ සිත නිවන කතා මාලාව මැයි මස 02 වැනිදා සිට සතියේ සෑම දිනකම රාත්‍රි 8.30 ට ජාතික නාළිකාවේ විකාශය වේ. 2003 වසර ඇරැඹි සිත නිවන කතා මාලාවේ තෝරා ගත් කතාංග කිහිපයක් මෙලෙස විකාශය වේ.


ඉන්දීය නාට්‍ය වැඩමුළුවක් සහ කලාකරුවන් වෙනුවෙන් බැංකුවක්

සිංහල සංස්කෘතික ආයතනයේ නාට්‍ය අනු මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රවීණ නාට්‍යෙව්දීන් මෙහෙයවන 'නාට්‍ය හා රංගනය' ප්‍රායෝගික වැඩමුළුවකට සහභාගි වීමට මෙරට කලාකරුවන්ට අවස්ථාව උදා වී ඇත. පාසල් සහ පෙර පාසල් ගුරුවරුන්, ආධුනික සහ ප්‍රවීණ නාට්‍යකරුවන් ඇතුළුව ඒ සඳහා උනන්දුවක් ඇති 50 දෙනෙකුට එම අවස්ථාව හිමි වේ.

මීට අමතරව කලාකරු බැංකුවක් ද ස්ථාපිත කර මෙරට සියලු කලා ක්ෂේත්‍ර නියෝජනය කරන කලාකරුවන් එක්තැන් කොට ඉදිරියේදී ද දෙස් විදෙස් පුහුණු අවස්ථා ලබාදී වෘත්තීය ගරුත්වය ඇතිකර විවිධ ප්‍රතිලාභ ලබාදීමට වැඩ පිලිවෙළක් දියත් කිරීමට ද නියමිතය. මෙහිදී කලාකරුවන්ගේ නාම ලේඛනයට නම ඇතුළත් කර හැඳුනුම්පතක් ලබා දීමටද කටයුතු යොදා ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2687979 දුරකථන අංකයෙන් හෝ සිංහල සංස්කෘතික ආයතනය, අංක 375, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙන් ලබාගත හැකිය.


මාර හොරු කුරුණෑගලට

ඉතාලි ජාතික නාට්‍යකරු දාරියෝ ෆෝගේ 'The good that a burglar can bring'නිර්මාණය ඇසුරින් අනුර විතානාච්චි පරිවර්තනය කර වේදිකාවට ගෙන ආ 'මාර හොරු' වේදිකා නාට්‍යය මැයි 05 වැනිදා කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී වේදිකා ගත කෙරේ.

'මාර හොරු' වේදිකා නාට්‍යයේ සාරංග දිසාසේකර, නයනා කුමාරි, ජෙහාන් ශ්‍රීකාන්ත හෂිනිකා කරලියද්ද, සුනෙත් ශාන්තප්‍රිය රංගනයෙන් දායක වෙති. මෙය සංවිධානය කරන්නේ ඇතුගල්පුර හස්ථි කලා සංසදය විසිනි.

හැබැයි දැන් නම් ඇය ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම ගැන ටිකක් දුකෙන් කාලය ගත කරනවා කියලා ආරංචියි. එමා වොට්සන්ගේ ප්‍රතික්ෂේප කිරීම සමඟින් ඹ්ච ඹ්ච ඹ්චදඤ හි මියා නම් ප්‍රධාන නිළි චරිතය ලැබුණේ එමා ස්ටෝන්ටයි.

හිතේ තියෙන දුක නිසාම එමා වොට්සන් ඹ්ච ඹ්ච ඹ්චදඤ ප්‍රතික්ෂේප කරන්න හේතුව පසුගිය දවසක හෙළි කළා. ඒ ඕඥචභබර චදඤ බඩඥ ඕඥචඵබ චිත්‍රපටය නිසා. එමාට මේ චිත්‍රපට දෙකටම ආරාධනා ලැබිලා තියෙන්නේ එකම කාලයක. එකවර නිර්මාණ දෙකකට දායක වීමෙන් තම රංගනයේ සාර්ථකත්වයට බාධාවක් වේදෝ කියා සිතුණු නිසා ඇය චිත්‍රපට දෙකෙන් එකක් භාර ගන්න තීරණය කරලා.