වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සංග්‍රාම යාත්‍රිකයකු වූ ගායක වෛද්‍යතුමා

ජනපි‍්‍රය නළු අමිත්ත වීරසිංහ චරිත කතා රචනයට

සංග්‍රාම යාත්‍රිකයකු වූ ගායක වෛද්‍යතුමා

වෛද්‍ය ආනන්ද ගුණසේකර චරිත කතාව හෙට එළිදකියි

ජීවිතය බින්දුවෙන් පටන් ගෙන ඉහළ පරිපාලකවරයකු වූවාටම නොවේ. දේශපාලන අතපෙවිම් රැල්ලට අඩුවෙන්මත් අන්තිමටමත් ගොදුරු වූ සුව සේවාවේ සිටි ඔහු එහි ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකි. දොස්තර කෙනෙකි. ගායකයෙකි. ඒ තුන් කට්ටුවටම එක්තැන් වූ අද අපේ කතා නායකවරයා පසුගියදා විශ්‍රාම ලැබුවේ රජයේ වෛද්‍ය පරිපාලනයෙන් පමණය. ඒ වෛද්‍යවරයා සහ ගායන ශිල්පියා වෙනසක් නැතිව අදටත් එලෙසමය. ආනන්ද ගුණසේකර චරිතාපදානයේ එන - නොඑන වෛද්‍ය ආනන්දගේ මුරණ්ඩු ජනතාවාදී තීන්දු තීරණ, වැඩසටහන් ගණනාවක් අමිත්තගේ ඇසින් කෘතියෙන් මතුව එයි. මේ එයින් ඇබිත්තකි.

සුදු ඇඳ ඇතිරිලි. ඒවා එලූ එක පෙළටලූ ඇඳන් සමූහය. එක උසට පෙළට දිවෙන ඒ කිරි මැටි පාට යකඩ ඇඳන් පෙළ. ඒ පෙළෙහි මැද්දෑවට වන්නට ඇඳක සැතපෙන අසාධ්‍ය ලෙඩෙක්. ඒ ළඟම දැවටෙන්නේ ගොලු ගැටයෙක්. එහෙත් මේ ඔවුනොවුන් සිහිනෙකින්වත් පැතූ මොහොතක් නම් නොවේ.

අකලට ලෙඩ ඇඳට වැටුණු පියාගේ සුදුමැලි පාට දිහෑ එක එල්ලේ බලන්නට මේ පුත්තරයාට දහිරියක් නැත. එහෙත් පියාගෙන් මඳකටවත් දුරස් වන්නටත් ඔහුට හිතක් නොවේ. තොරතෝංචියක් නැතිව ඒ පියා විමසන්නේ එකම එක කතාවකි.

'පුතා දවසක උඹ දොස්තර කෙනෙක් වෙන්නම ඕනේ'

ඉඳින් දොස්තරකමක් තබා මොන මළඉලව් ඇකඩමියාවක්වත් ලොකුවට ඔළුවේ නොවූ ඉලන්දාරියා දෙලොවක් අතරය. ඔහු සිහින මැව්වේම අප්පච්චිගේ විදියටය. දුහුවිල්ලක් තරම්වත් ජීවිතයේ බරක් නොගත් ඔහුගේ සැහැල්ලුවටය. අතිවිඳි අසීමිත නිදහසටය. ඒ මදහසට මිසෙක දුකට කඳුළට මෙතරම් උරුම කරුමකම් කියූ අන් දවසක් මේ කොලු ගැටයාගේ මතකයේ නොවේ.

එදා ඇඳ ඉහපත තරම්වත් උස නොවූ ඒ ඉලන්දාරියාගේ ඉලන්දාරිකමේ අදටත් දන්නෝ දනිතිය. ඉඳින් මේ ඔහුගේ තවත් ඕපා දූපයක් නොවනු ඇත.

ඕපාදූපයක් තරම් ඇසිල්ලකින් ඇති වී නැති වී යන්නක් ද නොවෙයි. හෙතෙම බින්දුවෙන්ම පටන් ගෙන පරිපාලන සේවයේ ඉස්මත්තටම ගොඩ වැදුනෙකි. තවත් එන්නෝ එමට. නමුත් ඔහු වැන්නකු හෙළි පෙහෙළි කර දුන් මඟහසර දොනෝ දාහක් නූතන ඉසිවර විද්‍යාර්ථීන්ට අත්වැලක්ම කරදෙනු පිණිස 'සංග්‍රාම යාත්‍රිකයා හෙවත් ඊඩ්ඡ් ධ්ර්ර්‍ථඹ්ඡ්ර්ඡ්ව්ඊඡ්අ' ලියූ බවකි අමිත්ත වීරසිංහගේ හේතු පාඨ දැක්වීම්වලින් ඇඟවෙන්නේ.

නළුකම මඳ විරාමයකලා අමිත්ත ලියූ වෛද්‍ය ආනන්ද ගුණසේකරගේ චරිතාපදානය සිංහල ඉංගිලිසි දෙබසින් හෙට (28) සවස කල එළි දකින්නටත් නියමිතයි. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ 'තරංගනී සිනමා ශාලාවේදීය.

ජීවිතය බින්දුවෙන් පටන් ගෙන ඉහළ පරිපාලකවරයකු වූවාටම නොවේ. දේශපාලන අතපෙවිම් රැල්ලට අඩුවෙන්මත් අන්තිමටමත් ගොදුරු වූ සුව සේවාවේ සිටි ඔහු එහි ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකි. දොස්තර කෙනෙකි. ගායකයෙකි. ඒ තුන් කට්ටුවටම එක්තැන් වූ අද අපේ කතා නායකවරයා පසුගියදා විශ්‍රාම ලැබුවේ රජයේ වෛද්‍ය පරිපාලනයෙන් පමණය. ඒ වෛද්‍යවරයා සහ ගායන ශිල්පියා වෙනසක් නැතිව අදටත් එලෙසමය. ආනන්ද ගුණසේකර චරිතාපදානයේ එන - නොඑන වෛද්‍ය ආනන්දගේ මුරණ්ඩු ජනතාවාදී තීන්දු තීරණ, වැඩසටහන් ගණනාවක් අමිත්තගේ ඇසින් කෘතියෙන් මතුව එයි. මේ එයින් ඇබිත්තකි.

'රුධිර පාරවිලයන සේවාවේ දිනක් වෙනස්ම කටයුත්තක් සංවිධානය කෙරිණ. ඊට ආරාධිත අමුත්තාව පැමිණෙන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. කලා උළෙලක් වූ එහි කුසලතා විදහාලූ පිරිස් දකින මහාචාර්යවරයා ඇස් උඩ ඉන්දවාගෙන එදෙස බලා සිටියේ ඇසි පියවත් නොහෙළන තරමේ උද්යෝගයකිනි. ඒ වේදිකාවේ හෙදි සොයුරියන් සමඟ සුව සේවා රියදුරු මහතුන් පෙම් ගී ගැයූහ. විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරියන්ටත් ඒ වේදිකාවේ අදාළ වූයේ එකම මනුස්සකමක් මිසක නිලතල පදවි තානාන්තර නොවීය. ඒ කිසිම උස් මිටිකමක් නොවූ ඒ එකම වේදිකාව කාටත් එක හා සමානම විය. ඉඳින් ඒ උලෙළට සැපැමිණි මහාචාර්ය කාලෝ ෆොන්සේකා උළෙලේ අගිස්සට වන්නට එක්තරා උදාන වැකියක් හඬ නඟා කීවේය.

'මං 1956 ඉඳන් සමාසමාජ පක්ෂයේ සිටියා වුණත් සමසමාජයක් දෑසින් දුටුවේ අද, මේ වේදිකාවේදියි'

ජාතික රුධිර පාරවිලයන සේවාවේ ප්‍රධානීව ඒ වේදිකාව තනන්නට උර දුන් ආනන්ද වෛද්‍ය සිසුවකුව සිටි අවදියටත් අමිත්තගේ පෑන් තුඩ එබිකම් කරයි. ඒ අනුව වෛද්‍ය පීඨයේ තෙවැනි වසර සිසු සිසුවියන්ට එම පීඨයේ විවේකාගාරයේ තැටි වාදන යන්ත්‍රයට සමීප විය හැක්කේ එක කොන්දේසියක් පිටය. ඒ එයින් ඉංගිලිසි ගී මිහිර විඳගන්නේ නම් පමණය. එහෙත් දිනක් එයින් පණ්ඩිත් අමරදේවයන්ගේ සහ ආචාර්ය වික්ටර් රත්නායකගේ ගී විකාශය වන්නට විය. කොයි කවුරුත් ඒ වෙනස දෙස කර උස්සා බැලීමේදී එතැන උන්නේ හීන්දෑරි උස ඉලන්දාරියෙකි. ඒ වෙනින් කවුරුවත් නොව ආනන්ද ගුණසේකරය. 'මං ඒවාට කැමතියි' ඔහු කිවේ එපමණමය. ඉදින් එතැන් පටන් එතෙක් කර පින්නාගෙන ගෙනා හණමිටි අදහස් මිටිය ද කැඩී බිඳී ගිය බවක් ආනන්ද සබැඳි මේ කෘතියේ එන ඒකාධිපති, මුරණ්ඩුකම් රොත්තෙන් තවෙකකි.

'මේ පහන් රැය සීතලයි . . .'

ආනන්දත් නොසිතූ විරූ තරමේ ප්‍රසිද්ධියක් ඒ ගීය ආනන්ද කරා ගෙන එන්නට විය. එතැන් පටන් ගායන ලෝකේ ආනන්දගේ නම රැන්දූ 'සඳ වළාකුලක සැඟ වී . . .' ආදී ගී මිහිර රසිකයකු ලෙස විඳගත් ආචාර්ය වික්ටර් රත්නායක ආනන්දගේ ප්‍රියතම ගායන ශිල්පීන් කිහිප දෙනා අතරින් කෙනෙකි. දිනක් ආනන්දව කැඳ වූ වික්ටර් රත්නායක ආනන්දට දුන් මේ කෘතියේ එන ඔවදන අදටත් නැඟී එන ගායන පරපුරේ කාට කාටත් එදා මෙන් අදටත් වටීය. ආනන්දම අපට මෙසේ ද කීය.

සෞඛ්‍ය සේවාවට මුවා වී ගෙන කරන දේශපාලන වැඩවලට මං කැමැති වුණේ නැහැ. මං ඒවාට නොගිහින් මඟ හැරිය වාර එමටයි. ඒත් මං එහෙම වුණත් ඒව ඉහළට නඟින ඉනිමං විදියට දැක්ක හුඟක් උදවිය සිටියා. එහෙව් ආනන්ද ගුණසේකර කොන්ද කෙළින් තියන් ගත්ත සමහර තීන්දු තීරණවලට යුද්ධ ප්‍රකාශ කළ දේශපාලනඥයන් සිටියා. එහෙම දේශපාලනඥයෙක් දවසක් මට ඇහෙන්නම කිව්වා ට්‍රාන්සර් එකක්වත් කරලා දෙන්න බැරිනම් අපිට තියෙන දේශපාලන බලයෙන් ඇති වැඩේ මොකක්ද කියලා. ඉතින් ආනන්ද ගුණසේකර වැඩක් නැති මිනිහෙක් විදියට දැක්කේ ඒ අතළොස්ස වෙන්නැති.