වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්

කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්

දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් පෝලන්තයට පහර දුන් අවස්ථාවේදී සිදු වී ඇති සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් අමෙරිකානු ජාතික කිවිඳීයක සහ නවකතා රචිකාවක වන ඩයිනි ඇකර්මන් විසින් රචිත The Zookeeper's Wife කෘතිය ඇසුරෙන් The Zookeeper's Wife චිත්‍රපටය නිර්මාණය වී ඇත. මෙහි තිරරචනය සිදු කර තිබෙන්නේ ඇන්ජෙලා වර්ක්මන් විසිනි. මෙහි අධ්‍යක්ෂණය ද කාන්තාවක විසින් සිදුකර තිබීමයි. ඒ අනුව මෙහි විශේෂත්වය කාන්තාවන් තිදෙනෙකු විසින් මීට දශක කිහිපයකට පෙර විසූ වීර කාන්තාවක පිළිබඳ පුවතක් රිදී තිරයට ගෙන ඒමයි.

ඇන්ටෝනිනා සෙබින්ස්කා සහ ජැන් සැබින්ස්කි වර්සෝ සත්වෝද්‍යානයක් පවත්වාගෙන යන අඹු සැමි යුවළකි. පෝලන්තයේ වර්සෝහි පිහිටි එය 1930 දශකයේදී යුරෝපයේ විශාලතම සත්වෝද්‍යාන අතරින් එකක් ලෙසින් නම් දැරීය. 1939දී දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය පෝලන්තයට ප්‍රහාර එල්ල කරන්නේ මේ අතරතුරදීය.

එවිට ඉතාමත් සුන්දර ස්ථානයක්ව පැවැති මෙම සත්වෝද්‍යානයටද උදා වන්නේ නරක කල දසාවකි. ජර්මානුවන් එහි වෙසෙන සතුන් අතරින් තෝරා ගත් වර්ග කිහිපයක් හැර අනෙකුත් සතුන් ඝාතනය කරන්නට තීරණය කරයි. බිහිසුණු දෙවන ලෝක සංග්‍රාමය හමුවේ සත්ත්ව - මිනිස් දෙකොට්ඨාසයටම අන්ත අසරණව බිහිසුණු තත්ත්වයට මුහුණ දීමට සිදු වේ. ජර්මානු නාසි හමුදාව පෝලන්තයේ වෙසෙන යුදෙව්වන් සොයමින් ඝාතනය කරන විටදී එක්දරු මවක සහ ආදරණීය බිරියක වන ඇන්ටෝනිනා නාසි හමුදාවට එරෙහි වෙමින් සිය ගණනක යුදෙව්වන්ගේ පණ බේරා ගැනීමේ උත්සාහයක යෙදේ. ඒ වෙනුවෙන් ඇය යොදා ගන්නේ විනාශයට පත්ව යමින් තිබෙන සත්වෝද්‍යානය යි. එහි සත්ත්ව කූඩුවල සැඟවෙමින් එම යුදෙව්වන්හට තම ප්‍රාණය බේරා ගැනීමට ඇන්ටෝනිනා තම දිවි පරදුවට තබමින් උපකාර කරන්නීය.

දෙවන ලෝක යුද සමයේ ජර්මනිය විසින් පෝලන්තයට පහර දුන් අවස්ථාවේදී සිදු වී ඇති සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් අමෙරිකානු ජාතික කිවිඳීයක සහ නවකතා රචිකාවක වන ඩයිනි ඇකර්මන් විසින් රචිත The Zookeeper's Wife කෘතිය ඇසුරෙන් The Zookeeper's Wife චිත්‍රපටය මෙලෙසින් නිර්මාණය වී ඇත. මෙහි තිරරචනය සිදු කර තිබෙන්නේ ඇන්ජෙලා වර්ක්මන් විසිනි. මෙහි විශේෂත්වය නම් අධ්‍යක්ෂණය ද කාන්තාවක විසින් සිදුකර තිබීමයි. ඒ අනුව කාන්තාවන් තිදෙනෙකු විසින් මීට දශක කිහිපයකට පෙර විසූ වීර කාන්තාවක පිළිබඳ පුවතක් රිදී තිරයට ගෙන ඒමයි. සම්මානනීය නවසීලන්ත ජාතික අධ්‍යක්ෂිකා නිකී කාරෝ විසින් The Zookeeper's Wife අධ්‍යක්ෂණය කළ අතර ජෙෆ් ඇබර්ලේ, ජෙමී පැට්‍රිකොෆ්, ජුලියා බිලැක්මන් ඇතුණ පිරිසකගේ නිෂ්පාදනයකි.

ඔස්කාර් සහ බ්‍රිතාන්‍ය සම්මානනීය අමෙරිකානු නිළි ජෙසිකා කැස්ටියන් විසින් මෙහි ඇන්ටොනිනාගේ චරිතයට පණ පොවන අතර බල්ගේරියානු නළු ජෝන් හෙල්ඩන්බර්ග් විසින් ඇයගේ සැමියාගේ චරිතය නිරූපණය කරයි. පසුගිය මාර්තු 08 වැනිදා මෙහි මංගල දර්ශනය පැවැත්වුණේ පෝලන්තයේ අගනගරය වන වර්සෝහි මෙම සිදුවීම සිදු වූ ස්ථානයේදීය. අනතුරුව මාර්තු 31 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේදීත් අප්‍රේල් 21 වැනිදා බ්‍රිතාන්‍යයේදීත් බ්‍රිතාන්‍යෙය්දීත් තිරගත කිරීම ආරම්භ කෙරිණි.

අමෙරිකානු ඩොලර් මිලියන 20ක වියදමෙන් නිර්මාණය කළ ‍‍The Zookeeper's Wife චිත්‍රපටය දැනට අමෙරිකානු ඩොලර් මිලියන 13.8ක ආදායමක් උපයා ගන්නට සමත් වී ඇත. The Zookeeper's Wife ප්‍රතිචාර දෙස බැලීමේදී IMDB  දර්ශකයේ ලකුණු 7.3/10ක් ලබාගෙන ඇති අතර විචාරක ඇගයීම් සමඟින් රොටෙන්ටොමැටෝස් වෙබ් අඩවියේ ලකුණු සියයට 58ක් හිමි වී ඇත. බොහොම අගනා අරමුණක් ඇතිව මෙම නිර්මාණය කළ ද සත්‍ය තොරතුරු රාශියක් තිබෙන එහි කතාව ජීවමානව ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයෙන් නිර්මාණය කිරීමට අපොහොසත් වී ඇති බව රොටෙන්ටොමැටෝස්හි ප්‍රමුඛ විචාරය පවසයි.

නිව්යෝර්ක් ඔබ්සර්වර්හි විචාරක රෙක්ස් රීඩ් පවසන්නේ මෙම චිත්‍රපටය නොවැදගත් කම්මැලි නිර්මාණයක් නොවන බවයි. ද නිව් රිපබ්ලික්හි විචාරක ජැකොබ් සොල්ගේ අදහස මෙහි දරුණු බව පෙන්වීම සේම අලුත් විදියට දිවි ගලවා ගන්නා අයුරු පවසන බවයි. රීල් වීව්ස්හි විචාරක ජේම්ස් බෙරාඩ්නෙලි පවසන්නේ ‍The Zookeeper's Wife චිත්‍රපටය දකින්නේ, කෙනෙකුගේ මතකයේ මෙය රැඳෙන්නේ හොඳ කතාවක් කීමට තිබූ අවස්ථාවක් මඟ හැරීමක් ලෙසින් බවයි.