වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

SMBRP 19

අශාන් සඳරුවන්

අශාන් සඳරුවන් නර්තනයට උපන් හපනෙකි. ඒ හැකියාව එදා රත්නපුරයෙදි අප ඉදිරියේ ගෙනහැර පෑවා. ඒ නර්තන හැකියාව සිනමාවටද එකතුකරගෙන. ඒ ඔස්සේ දිගු ගමනක් යාමටයි අශාන් අපේක්ෂා කරන්නෙ. ඔහුගේ වයස අවුරුදු විසි එකයි. පදිංචිය ඇලපාත දකුණ රත්නපුර. ජැක්සන් ඇන්තනි, සත්‍යජිත් මාඉටිපේ වගේ නිර්මාණකරුවන්ගෙ සිනමාපටවලට දායකවීමට අශාන් බලාපොරොත්තුවෙන් සිටිනවා.


SMBRP 20

ප්‍රියන්ත රත්නායක

ප්‍රියන්ත රත්නායකගේ වයස අවුරුදු හැටහතරයි. ඔහුගේ පදිංචිය රත්නපුර ඇලපාත. ප්‍රියන්ත නාට්‍ය හා රංග කලා හිටපු ගුරු උපදේශක. ඔහු නිළිය දැරූ කාලය අතරතුර සෑහෙන්න පිරිසකට උදව් කරල තියෙනවා. ඒ වගේම සිනමාපටයක හොඳ චරිතයක් කරන්න කැමැත්තෙන් ඉන්නවලු. ප්‍රසන්න විතානගේ, වසන්ත ඔබේසේකර, අශෝක හඳගම වගේ අධ්‍යක්ෂවරු යටතේ රඟපාන්න බලාපොරොත්තුවෙන් සිටින වග ඔහු කිව්වා.


SMBRP 21

සුගත් කුමාරතුංග

සුගත් කුමාරතුංගට නම් තවමත් රංගන අත්දැකීම් හිමිවී නැහැ. ආදරණීය කතාවක් රැගත් සිනමාපටයක් ඔස්සේ පළමු රංගනය කරන්නයි ඔහුගේ අදහස. රෝයි ද සිල්වා යටතේ සුගත් රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා. වයස අවුරුදු තිස්හතක් වූ ඔහුගේ පදිංචිය බලංගොඩ.


SMBRP 22

රොෂාන් දමිත් කුමාර

රොෂාන් දමිත් කුමාර කලා ක්ෂේත්‍රයට සබඳකම් කියන අයෙකි. ඔහු කලා අධ්‍යක්ෂවරයකු ලෙසට නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඒ වගේම සකිසඳ සුවාරිස්, සබඳ බබානිස් ආදී ටෙලි සිතුවම්හි රංගනයෙන් දායකවීමටද ඔහු හැකියාව ලැබුණා. රොෂාන්ගේ ගම රත්නපුර වේවැල්වත්ත, වයස අවුරුදු විසිපහයි. ඕනෑම අධ්‍යක්ෂවරයකු යටතේ රඟපාන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා.

සටහන් -