වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු දහයකින් එඩ්නා ඉස්කෝලෙට ඇවිත්

අවුරුදු දහයකින් එඩ්නා ඉස්කෝලෙට ඇවිත්

හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේදී සිනමාවට එක්වූ එඩ්නා සුගතපාල අද වන විට රංගනයෙන් ඉවත්වෙලා කියලා වැඩිදෙනෙකු හිතාගෙන ඉන්නවා. ඇය ඡ්‍යොතිර්වේදිනියක ලෙසින්ද කටයුතු කරන හින්දා ඇතැම්විට එහෙම මතයක් ගොඩනැගිලා ඇති. එහෙත් එහෙම නැහැ. එදාවගේම අදත් එඩ්නා රංගනයට ආසයි. ප්‍රියයි. ඇය පසුගිය දිනෙක සිනමාපටයක රංගනයේ යෙදුනා. ඒකෙ නම ඉස්කෝලෙට මං ආවා. දුර්ලභ රෝගයකට ගොදුරු වූ ඉහළ පැළැන්තියක මවකගේ චරිතයක් තමයි එඩ්නා රඟපෑවෙ. දන්නවද ඇය කොපමණ කාලෙකට පස්සෙ මේ නිර්මාණයකට දායකවුණේ කියලා. හරියටම කිව්වොත් වසර දහයකින්. එඩ්නා ඉස්කෝලෙට මං ආවා සිනමාපටයට දායකවෙලා තියෙන්නෙ බොහොම කැමැත්තෙන්. ඒ වෙනස්ම චරිතයක් නිසා සහ එය ළමා සිනමාපටයක් නිසා. ඉස්කෝලෙට මං ආවා සිනමාපටයෙහි කතා සංකල්පය සහ නිෂ්පාදනය සඳුන් දොළමුල්ලගෙන්.