වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ගිරා ඒ ගැන දුකෙන්

ගිරා ඒ ගැන දුකෙන්

ගිරිරාජ් කෞශල්‍ය එක් සිදුවීමක් නිසා ඉන්නෙ තරමක් කනස්සල්ලෙන්. නිතරම හිනාවෙලා සිටින ගිරා කනස්සලුවුණ කාරණය මොකක්ද කියලා අප සොයාබැලුවා. ගිරිරාජ්, ප්‍රියන්ත, සමඟ විවිධ වැඩසටහන් වලට රටවටා යනවා. ඒවා බොහෝවිට සංවිධානය කරන්නෙ පෞද්ගලික ආයතන. එම වැඩසටහන්වලදී ගිරයි, ප්‍රියන්තයි පුංචි පුංචි හාස්‍යෝත්පාදක වැඩසටහන් කරනවා. ප්‍රසිද්ධ මාධ්‍යයක නොවන නිසා ටිකක් සැර විහිළුත් අවස්ථානුකූලව ඔවුන් කියනවා. මේවා ගිරාට නොදැනෙන්න ඇතැම් අය ජංගම දුරකථන මඟින් පටිගත කරලා අන්තර්ජාලයට ඇතුළත් කරනවලු. තව සමහරු ඒවා ඩබ් කරලා තමයි අන්තර්ජාලයට දාලා තියෙන්නෙ. මේ හේතුවෙන් ගිරාගෙ කීර්ති නාමයට හොඳ නැතිලු. ඒ හින්දා ඔහු ඉල්ලීමක් කරනවා එම වැඩසටහන් පටිගතකොට අන්තර්ජාලයට ඇතුළත් කරන්න එපා කියලා.