වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

අදිතිගේ සිනමා වසන්තය

මලයාලම් චිත්‍රපටයකින් සිනමාවට පිවිසි අදිති රාඕ හිදාරි ජනප්‍රිය වුණේ බොලිවුඩයෙන්. Delhi 6, Yeh Saali Zindagi, Murder 3, Fitoor වැනි නිර්මාණවලට ඇය දායක වුණා. පසුගිය කාලයේ ඇයගේ සිනමා ජීවිතයට වසන්ත කාලය ඇවිත් බව දැන ගන්නට ලැබුණා. ඒ සුප්‍රකට ඉන්දීය සිනමාකරු මනිරත්නම්ගේ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීම නිසා. Kaatru Veliyidai නම් වන එහි ඇය කාර්ති සමඟින් ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවනවා.

Kaatru Veliyidai ලබන අප්‍රේල් මාසයේ 07 වැනිදා තිරගත වෙන්න නියමිතයි. Kaatru Veliyidai චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබීම ගැන අදිති ඉන්නේ හරිම සතුටින්. ඇය පවසන්නේ මේ අවස්ථාව තම සිනමා ජීවිතයේ ප්‍රබෝධමත්ම අවස්ථාව බවයි. "ඇත්තටම එය විටමින් රැසක් ගත්තා වගේ" අදිති පවසනවා.

"මනිරත්නම් සර්ගේ චිත්‍රපටයකට දායක වෙන එක මගේ ජීවිතයේ හීනයක් වෙලා තිබුණේ. මං දුටු ඒ හීනය දැන් සැබෑ වෙලා" ඇය පවසන්නේ දැඩි සතුටකින්. 2006 වසරේ සිනමාවට පිවිසි අදිති මීට පෙර එක් දමළ චිත්‍රපටයකට දායක වී තිබුණා.

Kaatru Veliyidai චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ඒ. ආර් රහ්මාන් විසින්. රහ්මාන්ගේ සිනමා ආගමනය සිදු වුණෙත් මනිරත්නම් ගේ අධණච චිත්‍රපටයෙන්. ඔහුද මේ ප්‍රවීණ සිනමාකරුවා තම සිනමා දිවියට ආලෝකයක් වූ බව පවසනවා.


මව්වරුන්ගේ තරගය

ශ්‍රී දේවි 80 දශකයේ බොලිවුඩයේ රැජනක්. රවීනා 90 දශකයේදී බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගත් නිළියක්. මේ දෙදෙනාම සැබෑ ජීවිතයේ මව් පදවිය ලැබීම සමඟින් සිනමාවෙන් තරමක් දුරස් වුණා. නමුත් මේ දෙදෙනාම පසුගිය කාලයේ මාතෘත්වය ගැන කියන චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා.

ශ්‍රී දේවි රංගනයෙන් දායක වන MOM චිත්‍රපටය ලබන ජූලි මාසයේදී තිරගත වෙන්න නියමිතයි. රවී උද්‍යාවර් අධ්‍යක්ෂණය කරන එහි ශ්‍රී දේවි සමඟින් අක්ෂේ ඛන්නා සහ නවුසුදීන් සිද්දික් රංගනයෙන් දායක වෙනවා. රවීනා දායක වුණේ, අස්තාර් සයිඩ් අධ්‍යක්ෂණය කළ Maatr – The Mother  චිත්‍රපටයට.

බොහෝ දෙනා පවසන්නේ මේ චිත්‍රපට දෙකේ ශ්‍රී දේවි පණ පොවන මධුරි චරිතයත් රවීනා පණ පොවන විද්‍යා චෞහාන්ගේ චරිතයක් එක සමාන බවයි. චිත්‍රපට ද්විත්වයේම නම අම්මා නම් වන අතර කතා තේමා ගත හොත් මවක විසින් යම් දෙයක් අරබයා කරන්නා වූ සටනක් ගැන කියවෙනවා.

හැබැයි ශ්‍රී දේවි නම් පණ පොවන්නේ කුඩම්මාගේ චරිතයකට. MOM චිත්‍රපටයේ කියන්නේ කුඩම්මා කෙනෙකු හා දියණියක අතර කතාවක්. ඒ වගේම මේ චිත්‍රපට දෙකේ පෝස්ටර් දෙකක් ටිකක් සමාන බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ඒ පෝස්ටර්වල අම්මා යන වදන භාෂා රැසකින් මුද්‍රණය වී තිබීම ඒ සමානත්වය යි.


අංක එකේ බදු ගෙවන්නා

සල්මන් ඛාන් අක්ෂේ කුමාර් සහ රිතික් රෝෂන්ට ඉහළින් ගිහින් කියලා ආරංචියි. ඒ වෙන මොන හේතුවකටවත් නෙවෙයි. ආදායම් බදු ගෙවීමෙන්. ඔන්න දැන් බොලිවුඩයේ වැඩියෙන්ම ආදායම් බදු ගෙවන්නේ සල්මන් කියලයි කියන්නේ.

පසුගිය අවුරුද්දේ ඔහුගේ බදු ගෙවීම සියයට 206කින් වැඩි වෙලා. බොලිවුඩයේ සුපිරිතම නළුවන් දස දෙනා පසුගිය 2015 මාර්තු මාසයේ සිට 2016 මාර්තු දක්වා ගෙවූ බදු මුදල් අනුව තමයි මෙය හොයාගෙන තියෙන්නේ.

හැබැයි කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්, බිග් බී අමිතාබ් සහ ඓශ්වර්යාගේ බදු ගෙවීම් ගැන නම් ප්‍රසිද්ධියට පත් කරලා නැහැ. එයට හේතුව ඔවුන්ගේ නම් පැනමා පත්‍රිකාවල සටහන් වී තිබීම බවයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.


සෝනක්ෂිගේ හොලිවුඩ් සංචාරය

සෝනක්ෂි සිංහා පසුගිය 2016 වසරේදී කාගේත් කතා බවට ලක් වුණු චරිත ද්විත්වයකට පණ් පෙව්වා. ඒ Akira සහ Force 2 චිත්‍රපටවල. ඒ වගේම මේ වසර ආරම්භය සමඟින් ඇය වැඩියෙන්ම විදෙස් සංචාරවල යෙදෙමින් තමයි සිටියේ. ඒ සල්මන් සමඟින් Da Bang සංචාරයට දායක වීමෙන්. Da Bang හොලිවුඩ් සංචාරය නිසා ඇයත් හොලිවුඩයේ ආකර්ශනයට ලක් වෙලා කියලයි බොහෝ දෙනා පවසන්නේ.

ඒත් ඇය හොලිවුඩයට එතරම් කැමැති නැති වගක් තමයි පෙනෙන්නේ. "හොලිවුඩ් යනවාට වඩා මට බොලිවුඩයේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. මාව ආකර්ෂණයට ලක් වෙලා හොලිවුඩයෙන් ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන හිතලා බලන්න ඕනි. හැබැයි මම පස්සෙන් යන්නේ නැහැ " සෝනක්ෂි පවසනවා.

ඊට වඩා ඇය Da Bang සංචාරයට ලොකු කැමැත්තක් දක්වනවා. විදෙස් සංචාරවලදි සජීව වේදිකාවේ අගය ගොඩක් වැඩි බව ඇගේ අදහසයි.


කාටුන් ආලියා

ආලියා භාත් කාටුන් එකක් වෙලා. හැබැයි චිත්‍රපටයක නම් නෙවෙයි. දැන් ඇයගේ රුව සහිත පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය වෙලා. එය නිර්මාණය කර තිබෙන්නේ, Moon Frog  ආයතය විසින්. ඒතඪච Bhatt: Star Life නම් වූ මේ පරිගණක ක්‍රීඩාව පසුගිය 21 වැනිදා අන්තර්ජාලයට මුදා හැරිම සිදු කළා.

මේ ගැන මුලින්ම තොරතුරු මාධ්‍යයට හෙලි කරලා තිබුණේ වරුන් ධවාන්. තම ට්විටර් පිටුවට එක් කළ පින්තූර සමඟින් එහි ඔහු ආලියා ගැන ලොකු වර්ණනාවකුත් කරලා තිබුණා. පසුගිය වසරේදී චිත්‍රපට හතරකට දායක වුණත් මේ වසරේදී ආලියා දායක වූණේ Badrinath Ki Dulhania චිත්‍රපටයට පමණයි. බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ ඇය පොඩි විවේකයක් ගන්න සූදානම් වන බවයි .