වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

සිනමා සක්විති සැමරුම

රසික හදවත් සදා මතකයේ තබා නික්ම ගිය මහා සිනමාවේදියා සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ 81 වැනි ජන්ම දිනය සිහිපත් කරමි. අදත් ඔබේ විශිෂ්ට සිනමා නිර්මාණ ඉතා ආසාවෙන් නරඹමි.

ගාමිණි මහවෙලගේ

පිළියන්දල


කණ්ඩායම් සංගීතයට නව ජීවයක්

කණ්ඩායම් සංගීතය එදා 60 - 70 දශකවල නව ආරක රසාස්වාදයක් ලබා දුන් කලාවකි. එය අපට මුලින්ම සමීපකර දීමේ ගෞරවය වෙළඳසේවයට පුදමි. නමුත් ක්‍රම ක්‍රමයෙන් අපෙන් දුරස් වී ගිය කණ්ඩායම් සංගීතයට පසුගියදා වෙළෙඳ සේවය විසින් සංවිධානය කළ 'ගයන ගැයුම්' ප්‍රසංගයෙන් නව ජීවයක් ලැබුණි. එලෙසින් පැරණි කණ්ඩායම් ගී ශිල්පීන් නැවත එක්කර ඒ මිහිරි අතීත සුන්දරත්වය ගෙන ඒම වෙනුවෙන් වෙළෙඳ සේවයට තුති.

අජිත් ජෝතිය කරසිංහ

මත්තේගොඩ


අනුජ්ගේ ද්විත්ව රංගනය

සිනමාවෙන් කලා ලොවට පිවිසි අනුජ් රණසිංහ 'භව තරණ' හි ද්විත්ව චරිතයකින් ක්ෂේත්‍රයට පිවිසීම ගැන සුබ පැතුම්. 'භව තරණ' ටෙලි නිර්මාණයෙහි ගෝත්‍රික සටන්කාමියෙක් ලෙසින්ද වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු ලෙසින්ද මතක හිටින රංගනයක යෙදේ. අනුජ් ඔබේ කලා දිවියට සුබ පැතුම්.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


උසස් රස වින්දනයක් උදෙසා

ජාතික රූපවාහිනි නාලිකාව මඟින් දැන් කලාත්මක බටහිර චිත්‍රපට විකාශය කරනුයේ ඉතා අල්ප වශයෙනි. බොහෝ කලකට පෙර 'ශනිදා සිනෙ රූ' වැනි වැඩසටහන් ඉමඟින් ප්‍රේක්ෂකයන්ට උසස් බටහිර චිත්‍රපට නැරඹීමේ අවස්ථාව හිමි වී තිබුණි. නැවතත් එවැනි වැඩසටහන් ආරම්භ කරන්නේ නම් එය උසස් චිත්‍රපට රස විඳීමට කැමැති ප්‍රේක්ෂකයන්ට කරන්නා වූ මහත් උපකාරයකි.

රුවින්ද කොල්ලුරේ

හයිලෙවල් පාර

මීගොඩ


මව් සෙනෙහේ අගය කියූ දමිතා

ටීවී දෙරණ තිළිණ කරන 'මව සහ දියණිය' වැඩසටහනට පැමිණ දමිතා අබේරත්න විවෘතව කළ කතාබහ දියණියන්ට ඉතාමත් ආදර්ශවත් ය. මව් සෙනෙහස ඉහළින්ම අගයන ඔබට ජයෙන් ජය.

නීටා මාසලීන්

කරලණිය

වරාගොඩ


ආලෝකෝ උදපාදි

මේ දිනවල තිරගත කෙරෙන 'ආලෝකෝ උදපාදි' චිත්‍රපටය ඉතාමත් අලංකාරවත් චිත්‍රපටයකි. එය අධ්‍යක්ෂණය කළ චත්‍ර වීරමන්ටත් නිෂ්පාදක තුසිත විජේසේනටත් නන් අයුරින් සහය දැක් වු අනෙකුත් සියලු ශිල්පීන්ටත් අපගේ භක්ති ප්‍රණාමය.

සරත් රණසිංහ

කපුගොඩ

මාලිඳ


ජයප්‍රිය තරුව ඔබයි රන්ජන්

ස්ලිම් නීල්සන් උලෙළ පිටපිටම ජනප්‍රිය කිරුළු පැළඳී රන්ජන් රාමනායකට අපෙන් සුබ පැතුම්.

සුගත් ගමගේ

කල්මුණේ පාර

අම්පාර


සම්මානනීය ඔබ දෙපළට සුබ පැතුම්

ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උලෙළේදී සම්මානනීය වූ රන්ජන් රාමනායක සහ නිළි රැජන මාලිනි ෆොන්සේකාට සුබ පැතුම්.

ශ්‍රියාණි ජයසිංහ

ඉඹුල්ගොඩ අබේසිංහ

අලව්ව


ඔබේ ළෙන්ගතුකම අගෙයි

සනත් නන්දසිරි ගාන්ධර්වයාණෙනි ඔබේ ගීත රසවිඳීමෙන් අපට ලැබෙන්නේ ඉමහත් රසාස්වාදයකි. එසේම ඔබේ නිහමානීකමද ළෙන්ගතුකමද ඉමහත්ය.

චිත්‍ර ශිල්පී එච්. සී වසන්ත කුමාර

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේ

මග්ගොන


ප්‍රධාන නළුවන් විශිෂ්ටයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරෙන 'මුතුමලී' ටෙලි නාට්‍ය කදිමය. එය ආසාවෙන් නරඹමි. ප්‍රධාන චරිත දෙක වෙනුවෙන් ජනක් ප්‍රේමලාල් සහ ගිහාන් ප්‍රනාන්දු නළු දෙපළ තෝරා ගැනීම ඉතා විශිෂ්ටය.

දිනේෂ් ගුණසේකර

නූපේ

මාතර


ජාතික රූපවාහිනියට සුබ පැතුම්

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, රෝහණ බැද්දගේ, මැණිකේ අත්තනායක, සිරිල් වික්‍රමගේ, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධි වික්‍රම, සුනිල් හෙට්ටිආරච්චි, අනුර බණ්ඩාර රාජගුරු ඇතුළු ප්‍රවීණයන් රැසක් රංගනයෙන් දායක වන 'පළිඟු මැණිකේ' ටෙලි නාට්‍යය නැවතත් අප වෙත ළං කළ ජාතික රූපවාහිනියට මගේ උණුසුම් සුබ පැතුම්.

යූ. ජී පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය


මං නැති දා

හිරු ටීවි ඔස්සේ විකාශය වන 'මං නැති දා' ඉතාමත් වටිනා වැඩසටහනක් බව සඳහන් කළ හැකිය. තමන්ට සිදු වූ ආසාධාරණයන් සහ හිතේ තද කරගෙන සිටින පිළිකුල් ජීවිතය නිදහසේ විවෘතකර අප සමාජයට පණිවුඩයක් ගෙන දෙන වැඩසටහනකි. එය මෙහෙයවන චාන්දනි සෙනෙවිරත්නටත් අපගේ හද පිරි සුබ පැතුම්. 'මං නැති දා' වැඩසටහන ඉදිරියට ගෙන යාමට ලැබේවායි පතමි.

පාලක සමන් පෙරේරා

අල්විස් ටවුම

හැඳල


දවසක් ඒවි ප්‍රසංගයට තුති මල් මිටක්

විජිත මල්ලිකා 60 - 70 දශකයේ ප්‍රේක්ෂක හදවත්වලට සමීප වු රංගන ශිල්පිනියකි. විසිපත් වසරකට පසු ඇයගේ දියණිය ප්‍රියා අත්තනායක විසින් පැවැත් වූ 'දවසක් ඒවි' ප්‍රසංගයට තුති මල් මිටක්. එදා විජිත මල්ලිකාවන් පණ පෙවූ 'හඳපාන', 'ධීවරයෝ', 'සුළි සුළං', 'රෑන ගිරව්' චිත්‍රපට අප මතකයේ සදා රැඳේ.

දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව


රටම සිනහ සයුරේ ගිල්වා සමුගෙන ගිය ඔබ

ඇනටන් ජූඩ් කලාකරුවාණෙනි ඔබ අපෙන් සමු ගෙන වසර 5ක් ගත වුවද එදා මෙන් අදත් ඔබේ මකය හදවතේ රැඳී ඇත. කලා ලොව වර්ණවත් කළ ඔබ රටම සිනහ සයුරේ ගිල්වා සමුගෙන ගියද ඔබේ දායකත්වය ලද ඒ සොඳුරු නිර්මාණ අදටත් වටිනා සම්පත්ය.

වැලිකලගේ සිරිපාල

කීරත්තිඩිය

මතුගම


ප්‍රසන්න විතානගේට

ආසියානු මානව හිමිකම් කොට්ඨාශයේ 34 වැනි සැසිවාරයේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල


දහ අට වංගුව

කුමා අත්තනායක ගයන 'දහ අට වංගුව' ගීතය කන්ද උඩරට සිට පහත මහියංගනය දක්වා ඇති සොබා සිරිය ගෙන එන ගීතයකි. කුමා ඔබේ හඬ ස්වරය සමඟ එන එම ගීතය බොහෝ දෙනාගේ සිත් ගත් ගීතයකි. මාධ්‍ය තුළ එයට ලොකු ඉඩත් නොලැබීම මෙන්ම දිවා රෑ වැඩි වාර ගණනක් වාදනය වන එකම ගීත ලැයිස්තු නිසා ඔබ වැනි දක්ෂයන්ට සිදු වන්නේ අසාධාරණයකි.

සමන් ගාල්ලගේ

කැටපල


හේමාල් - උද්දික කලා ලොව දිනේවා

වර්තමාන සිංහල සිනමාවේ හා ටෙලි තිරයේ විවිධ රංග භූමිකාවන් ඔස්සේ ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කළ හේමාල් රණසිංහ සහ උද්දික ප්‍රේමරත්නගේ කලා දිවියට අපේ සුබ පැතුම්.

සුනිල් විජේසිංහ

ඕවිටිගල

මතුගම


ඉතිහාස කතා ප්‍රතිනිර්මාණයේ දක්ෂයා

සී රජ ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ඉතාම මනරම් ටෙලි නිර්මාණකි. සැබැවින්ම ඔහු ඉතිහාස කතා ප්‍රතිනිර්මාණයේ දක්ෂයෙකි.

ක්‍රිෂාන්ති

දළුවකොටුව


බොළඳ නොවූ ටෙලිය

'භව තරණ' බොළඳ ආදරයෙන් තොර වූ ටෙලි නිර්මාණයකි.

ආරියදාස පිංදෙණිය

බටවල

පාදුක්ක


පි‍්‍රයංකරට තුති

ප්‍රියංකර පෙරේරා සිය පියා වන විරහ ගීතයේ මිහිර අපට ලබාදුන් ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ ගීත ඉතාමත් ළයාන්විත අයුරින් ගැයීම සතුටක්.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව