වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු පහක් හිතන්නත් බෑ

අවුරුදු පහක් හිතන්නත් බෑ

ඇන්ටන් ජූඩ් නමැති සොඳුරු කලාකරුවා අප අතරින් වියෝවී මේ වසරට වසර පහක් සපිරෙනවා. ඔහු හා බැඳුණු සිදුවීම්, හමුවීම් අපටනම් අද ඊයේ වගේ මතකයි. සරසවියේ යම් කාර්යයකට ජූඩ්ට කතා කළාම ඔහු එකපයින් හා කියනවා. එහෙම කලාකරුවන් හිටියෙ අතලොස්සයි. ඒ වගේම ජූඩ් සරසවිය වෙනුවෙන් රටවටා තිබුණු දැයට කිරුළ ප්‍රසංග ගණනාවකටම එකතු වුණා. ජූඩ් කියන්නෙ හොඳ රසවතෙක්. පැරැණි චිත්‍රපට පිළිබඳ ඔහුට මනා දැනුමක් තියෙනවා. හිස් වචන ජූඩ් කතා කළේ නැහැ. එවන් වූ කලාකරුවකු අහිමි වීම කලාලොවට දරාග නොහැකි පාඩුවක් වුණා. ජූඩ් නැති හිදැස තවමත් එහෙම්මමයි. ජූඩ් නැතිවෙලා වසර පහක් ගතවුණාද කියලා අපට හිතාගන්නවත් බැහැ.