වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




කබීර්ගේ අලුත් කැමැත්ත

කබීර්ගේ අලුත් කැමැත්ත

Ek Tha Tiger, Bajrangi Bhaijaan වගේ ඉහළ ආදායම් ලද චිත්‍රපට සමඟින් කවුරුත් බොලිවුඩ් අධ්‍යක්ෂ කබීර් ඛාන් ගැන කතා කරන්න පටන් ගත්තා. මේ දවස්වල කබීර් සල්මන් ඛාන් සමඟින් Tubelight  චිත්‍රපටයේ වැඩකටයුතු කරනවා. දැන් එහි නිෂ්පාදනයේ අවසන් අදියරේ කටයුතු කෙරෙමින් පවතිනවා.

Tubelight  චිත්‍රපටයයෙන් පසුව කබීර් තවත් චිත්‍රපටයකට සූදානම් වෙන්න මූලික පියවර දැනටමත් තියලා අවසන්. මේ අලුත් චිත්‍රපටයට තවම නමක් නම් යෝජනා කරලා නැහැ. නිෂ්පාදනය කරන්නේ සජිත් නදියද්වාලා විසින්. ප්‍රධාන නළුවා රිතික් රෝෂන්. රිතික් සහ කබීර් එක්ව නිර්මාණයක් කරන පළමු අවස්ථාව මෙය වෙනවා.

මේ චිත්‍රපටය ක්‍රියාදාම ජවනිකා රැගත් ප්‍රේමණීය චිත්‍රපටයක්. හැබැයි තවම මේ වෙනුවෙන් නිළියක් නම් තෝරාගෙන නැහැ. චිත්‍රපටයේ පිරිවැයත් කබීර් අධ්‍යක්ෂණය කළ අනෙක් චිත්‍රපටවලට වඩා වැඩියි. මේ දවස්වල රිතික් සහ කබීර් මේ චිත්‍රපටය ගැන කතා කරන්න වැඩි වේලාවක් වෙන් කරලා කියලත් ආරංචියි.

මේ චිත්‍රපටයෙන් පසුව රිතික් සිය පියා රාකේෂ් රෝෂන්ගේ Krrish 4 චිත්‍රපටයට දායක වෙන්න සූදානම්. සයිෆ් අලි ඛාන්ගේ දියණිය සාරා අලී ඛාන් සිනමාවට පිවිසෙන කරන් මල්හෝත්‍රාගේ චිත්‍රපටයට රිතික් දායක වෙන කතාව බොරුවක් කියලත් බොලිවුඩ් ආරංචි ගෙන එනවා.


රන්වීර්ගේ හොලිවුඩ් සිහිනය

රන්වීර් සිං මේ දවස්වල හොලිවුඩ් නිර්මාණයකට දායක වෙනවා කියලා ආරචියි. ඒ විතරක් නෙවෙයි හොලිවුඩයෙන් ඔහුට තවත් බොහෝ ආරාධනා ලැබි තියෙන බවත් තම ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණා. එහි එක් රසිකයකුගේ ප්‍රශ්නයක් වුණේ රන්වීර් හොලිවුඩයට කැමැති නැතිද? යන්නයි.

"කැමැති නැතුව නොවෙයි. ඊට වඩා කරන්න වැඩ ගොඩක් මට මුම්බායිවල තියෙනවා. රන්වීර් පවසනවා. මේ දවස්වල ස්විට්සර්ලන්තයේ නිවාඩුවක් ගත කරන රන්වීර් තම හොලිවුඩ් බලාපොරොත්තුව ගැන මෙහෙම සටහනක් තියලා. "මම කවදා හරි හොලිවුඩ් චිත්‍රපටයක් හදනවා. ඒක රූගත කරන්නේ ලොස්ඇන්ජලීස්වල".


ගජබා 2

2015 වසරේදී තිරගත වූ වීර කතා තේමාවක් රැගත් Baahubali (බාහුබාලි) චිත්‍රපටය ඉන්දීය සිනමා ඉතිහාසයේ මෙතක් ඉහළම වියදමක් දරා නිම කළ චිත්‍රපටය යි. ඒ වගේම බාහුබාලි දින නවයත් තුළදී ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවමින් දකුණු ඉන්දියාවේ ඉහළ ආදායම් ලද චිත්‍රපටය බවටත් පත් වුණා.

එස්. එස් රාජාමෝලි විසින් අධ්‍යක්ෂණය කළ බාහුබාලි චිත්‍රපටයේ තෙළිඟු සිනමාවේ ජනප්‍රිය ප්‍රකාශ්, රානා දන්ගුබාති, අනුෂ්කා ෂෙට්ටි, තමන්නා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වුණා. Baahubali: The Conclusion  නමින් එහි දෙවැන්න ගැන මේ දිනවල කතාබහ වෙනවා. බාහුබාලි යන්නෙහි අර්ථය ශක්තිමත් අත යන්නයි. එනම් ගජබාහුය. අධ්‍යක්ෂ රාජාමෝලි පවසන්නේ, පළමු චිත්‍රපටයෙන් කතාවට ප්‍රවිශ්ටයන් ගෙන චරිත හඳුන්වාදීම සිදු කළ බවයි. කතාවේ හරය තිබෙන්නේ දෙවැනි කොටසේ බව ඔහු පවසනවා.

මේ චිත්‍රපටය හදන එකෙන් අපි හැමෝම ලොකු ආශ්වාදයක් ලබනවා. පළමු චිත්‍රපටයෙන් පසු නවකතා පොතක් සහ කාටුන රැසක් නිර්මාණය වුණා. මට හොඳීන් කතා කියන්න පුළුවන්. හැබැයි අධ්‍යක්ෂණය නම් කොහොමද දන්නේ නැහැ. රාජා මෝලි පවසනවා.


විද්‍යා වෙනුවෙන් වෙන් වූ චරිතය

විද්‍යා බාලන් පසුගිය අවුරුද්දේ චිත්‍රපට තුනකට දායක වුණා. ඒ අතරින් Kahaani 2: Durga Rani Singh චිත්‍රපටයේ රංගනය ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නිළියටත් නිර්දේශ වුණා. මේ දවස්වල ඇය ශ්‍රීජිත් මුඛර්ජිගේ Begum Jaan චිත්‍රපටයට දායක වෙලා ඉන්නේ. එහි ඇයගේ චරිතය සුවිශේෂ එකක්.

විද්‍යා නම් පවසන්නේ එය තමගේ රංගන ජීවිතයේත් වඩාත් වැදගත් චරිත නිරූපණයක් බවයි. එහි ඇය බෙගම් ජාන් නම් ගණිකා මඩමක පාලිකාවගේ චරිතයට පණ පොවනවා.

ශ්‍රීජිත් මුලින්ම මේ චිත්‍රපටයේ පිටපත රැගෙන ආවේ විද්‍යා විවේකයට වෙන් කල කාලයකදීයි. ඒ නිසා ඔහු එය පසෙකින් තබා Rajkahini චිත්‍රපටය නිර්මාණය කළා. වසරකට පසුව යළිත් ඇය වෙත කළ ආරාධනාව බොහොම ආසාවෙන් පිළිගෙන තිබුණා. ඒ වගේම විද්‍යාත් මේ චරිත නිරූපණය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තියෙනවා.


බොලිවුඩයේ ගුටි කෙළියක්

පසුගිය දවසක බොලිවුඩයෙන් රණ්ඩුවක් ගැන ආරංචි වුණා. කාන්තාවන් දෙදෙනෙක් අතර තමයි මේ රණ්ඩුව ඇති වුණේ. වෙන කවුරුත් නෙවෙයි රිතික් රෝෂන්ගේ කලින් බිරිය සුසෑන් සහ අර්ජුන් රාම්පාල්ගේ බිරිය මෙහ්ර් ජෙසියා මේ විදියට රණ්ඩු වුණේ බොලිවුඩ් නළු ෆර්දීන් ඛාන්ගේ නිවෙසේ පැවති උත්සවයකදීයි.

දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවකුත් වුණ බවයි තතු දත් අය පවසන්නේ. හැබැයි මේ දෙන්නාගේ රණ්ඩුව අතරේ අර්ජුන් නම් ඉඳලා තියෙන්නේ ඩීජේ සංගීතයට නටමින්. සුසෑන් රිතික් දික්කසාදයට අර්ජුන් සහ සුසෑන් අතර හිතවත් කම හේතුවක් වුණා කියලත් කතාවක් පැතිරුණා. වසර කිහිපයකට පසුව ආයෙමත් මේ කතාව ඇදිලා ඇවිත් සුසෑන් සහ මෙහ්ර් අතර ආරවුල තවත් වැඩි වෙලා.