වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




Rhythm of Clarence 21 දා

Rhythm of Clarence 21 දා

ශී‍්‍ර ලාංකේය චූල ජන සංස්කෘතිය සේම, නාගරික ඉහළ ජන ස්ථරයන්ට ද ආමන්ත්‍රණය කළ නව සංගීත ආරක් සහ පොප් සංගීතය මෙරටට හඳුන්වා දුන්, සැබෑ ඇගයුමකට සාධාරණ ප්‍රණාමයකට ලක් නොවු මහා සංගීතඥයෙකු වූ “ක්ලැරන්ස් විජේවර්ධනයන්ට ” ජන සම්මත ජන ප්‍රණාම උපහාර පිදීමේ දැවැන්ත සංගීත පර සංසංගයක් Unfogettable Melodies of Clarence Live in Concert නමින් මේ මස 21 දා සවස 6.30ට කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්වේ.

මේ සංගීත ප්‍රසංගය ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දයාබර බිරිඳ“ශීලා විජේවර්ධන සහ ඔවුන්ගේ දියණියගේ ” සාදර සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර “ක්ලැරන්ස් උපහාරය ” පිළිගැනීමට ඔවුන් දෙපළ එදින පැමිණෙයි. V Care ජාත්‍යන්තර පදනම සහ BestLife  ආයතනයත් ඉදිරිපත් වී කෙරෙන මේ කාර්යය සිදුකරන්නේ ඒ දරුවාට සහ බිරිඳ ශීලා විජේවර්ධනට අපට කළ හැකි ලොකුම සාධාරණය ක්ලැරන්ස්ගේ වත්කමෙහි ආර්ථික වටිනාකමක් ඔවුන්ට ලබා දීම සහ එම ගීත සංරක්ෂණය කර අනාගතයේ දී ද රස විඳීමට සැලැස්වීමයි. Unforgettable Melodies of Clarence ප්‍රසංගය ඉතාමත් සත්භාවයෙන් යුතුව ක්ලැරන්ස්ට හා ඔහුගේ පවුලට සාධාරණය ඉටු කරමින් පවත්වන ප්‍රථම ප්‍රසංගය බව පවසා සිටින්නේ සිරි හෙට්ටිආරච්චි මහතායි.

මේ ප්‍රසංගයෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ කලාකරුවන්ගේ ජීවිත යම් තත්ත්වයකට හෝ ඉහළට ගැනීමය. Unforgettable Melodies of Clarence තුළින් ද ක්ලැරන්ස් නාමයට ඔහුගේ ජීවිතයේ දුක සැප බෙදා ගත් බිරිඳට හා දියණියට සාධාරණය ඉටු කිරීමය.

මේ ප්‍රසංගයේ මහාචාර්ය සනත් නන්දසිරි, කීර්ති පැස්කුවෙල්, සුනිල් පෙරේරා, පි‍්‍රයා සූරියසේන, අතුල අධිකාරි, වර්නන් පෙරේරා, නීල් වර්ණකුලසූරිය, ලලිත් පොන්නම්පෙරුම, සමන් ද සිල්වා, ඉසුරු ජයරත්න, චලක චමුපති පෙරේරා, ලාංකිකා පෙරේරා, මැණික් චන්ද්‍රිකා, චාන්දනී හෙට්ටිආරච්චි, ඩැල්රින් සූබි යන ගායක ගායිකාවෝ ගායනයෙන් එක් වෙති. සංගීතය සපයන්නේ Super Golden Chimes හි ක්ලැරන්ස් සමග සිටි අවසන් සාමාජිකයන් වන ජෙරල් වික්‍රමසූරිය හා සුනිල් වීරරත්න සමග එක්වගොඩ නැගු Rhythm of Clarence සංගීත කණ්ඩායමයි. මෙම ප්‍රසංගය ලෝ වැසි ක්ලැරන්ස් රසිකයන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.