වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




උණ ගැනෙන්න වැදිලා

උණ ගැනෙන්න වැදිලා

හිරු නාළිකාවේ විකාශය වූ ගැමුණු මහරජ ටෙලි සිතුවමේ කළු මැණිකට රඟපෑ ඩිල්ෂානි පෙරේරා දවසක්දා ෂූටිං ගිහිින් ඇවිත් සද්ද නැතුවම කාමරේට වැදුණලු. ඇය ටික වේලාවක් යනකම් කාමරයෙන් එළියට එහෙමත් ආවේ නැතිලු. ගෙදර අයටත් ඒක ප්‍රශ්නයක්. එදා ඩිල්ෂානිට මඳ උණ ගතියකුත් ඇවිල්ලා. අම්මත් පොඩ්ඩක් බය වෙලා. බැලින්නම් මොකද දන්නවද වෙලා තියෙන්නේ. එදා අංගම් සටන් දර්ශනයක් තිබිලා තියෙනවා. ඩිල්ෂානිට ඒ අතරතුරදී පහරවල් කිහිපයක් ඇත්තටම වැදිලා. මේ හින්දා තමයි ඇයට එදා උණ ගැණිලා තියෙන්නේ. කොහොම හරි දවස් කිහිපයකට පස්සේ ඇය යථා තත්ත්වයට ඇවිල්ලා. එදා ඉඳලා ඩිල්ෂානි සටන් දර්ශන තියෙද්දි පෙර සූදානමකින් පසුවලු යන්නේ.