වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

 


චිත්‍රපට සංස්ථාවට

අන්තර්ජාතික වශයෙන් කීර්තියක් දිනා ඇති ඉරානීය චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ඇති අවස්ථා ඉතා අල්ප වේ. කලකට ඉහතදී ආසියානු සිනමා කේන්ද්‍රය මඟින් ඉරානීය සිනමා උලෙළ සංවිධානය කළත් දැන් එවැන්නක් සිදු වෙන්නේ නැහැ. ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් වී එවැන්නක් සිදු කරන්නේ නම් මැනවි.

රුවින්ද කොල්ලුරේ

හයිලෙවල් පාර

මීගොඩ


සොඳුරු

නිවේදකයා

ජාතික ගුවන්විදුලිය මෙරටට දායාද කළ සම්පත් බොහෝය. ඒ අතර අද කා අතරත් ජනප්‍රිය සොඳුරු නිවේදක ප්‍රසන්න චන්දන බණ්ඩාර විශේෂ චරිතයකි. ඔහුගේ හඬ ප්‍රියමනාපය. මහත්මා ගතිගුණ ඇති සොඳුරු නිවේදකයාණෙනි, ඔබට සුබ අනාගතයක්.

සමන් ගාල්ලගේ

කැටපල

ගණේගොඩ


වස්සානේ ප්‍රේමය

සාර්ථකයි

හිරු රූපවාහිනියෙන් විකාශය කළ ‘වස්සානේ ප්‍රේමය‘ ටෙලි නාට්‍යයේ අවසානය සාර්ථකයි. එහි රංගනයෙන් දායක වූ සියලුම දෙනාටත් අධ්‍යක්ෂවරයා ඇතුළු නිර්මාණ කණ්ඩායමටත් උණුසුම් සුබ පැතුම්.

යූ. ජී පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය


නව පරපුරේ

දක්ෂයා

නදීක ගුරුගේ අපේ රටේ නව පරපුරේ දක්ෂ සංගීතවේදියෙක්. ‘මහරජ ගැමුණු‘ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඔහු ඒ බව මනාව ඔප්පුකර පෙන් වූවා. පසුගිය සරසවිය සම්මාන උලෙළේදී ඔහු ලද සම්මානය එයට කදිම නිදසුනයි.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


සරිගම

සතුටු සාගරය

ළමා මනසට සතුටු සාගරයක් බඳු ‘සරිගම‘ සිනමාපටය මෑතක බිහි වූ කාලෝචිත ආදර්ශවත් නිර්මාණයකි.

සුනිල් චන්ද්‍රෙස්කර

යාගොඩමුල්ල


නපුරුයි - හොඳයි

මේනකා පීරිස් ඔබ මෙරට රංගන ක්ෂේත්‍රෙයේ කැපී පෙනන රංගනයක් ශිල්පිනියක්. මේ දක්වා ඔබ නිරූපණය කළ ටෙලි රංගනයන් ඉතාම අගෙයි. ඒ සියල්ලටම වඩා ‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ රංගනය ඉතා විශිෂ්ටයි. ඔබ නපුරු වගේම හොඳයි.

එස්. සගායම්

උඩපේරාදෙණිය

පේරාදෙණිය


දූ දරුවෝ

නැවතත් ඕනෑ

ජාතික රූපවාහිනියෙන් විකාශය කළ ‘දූ දරුවෝ‘ ටෙලි නාට්‍යය අප ඉතා ආසාවෙන් නැරඹු ටෙලි නිර්මාණයක්. නැවතත් එය විකාශය කරන්නේ නම් ජාතික රූපවාහිනියට අප ස්තූති වන්නෙමු.

පාලක සමන් පෙරේරා

මිල්ලගහවත්ත පාර

හැඳල


චිත්‍රා කුමාරිට

සුබ පැතුම්

ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි පත්තප්පෙරුම ප්‍රථම රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උලෙළ් සම්මානනීය වීම පිළිබඳ අපගේ සුබපැතුම්.

වියානි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව


‘අම්මයි මමයි‘ වැඩසටහන

සෙනසුරාදා උදෑසන දෙරණ නාලිකාවෙන් විකාශය කෙරෙන ‘අම්මයි මමයි‘ වැඩසටහන ඉතාමත් කාලෝචිත වැඩසටහනකි. දෙමාපියන්ට ආදරය නොකරන මහමඟ දමා යන දරුවන්ට පාඩමකි. අතිශය සංවේදී ‘අම්මයි මමයි‘ වැඩසටහන වෙනුවෙන් දෙරණට මල් මිටක්.

රංජනී අමරසිංහ

වරාගොඩ

කැලණිය


විමුක්තිට

ශ්‍රී ලාංකීය සිනමා අධ්‍යක්ෂවරයකු වන විමුක්ති ජයසුන්දර විසින් බෙංගාලි බසින් ‘චත්‍රක්‘ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් අපගේ ගෞරවය.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල


ආලෝකෝ

උදපාදි

බුදු දහමත්, සිංහල රජ පෙළපතත් යා කරමින් නිර්මාණය කළ ‘ආලෝකෝ උදපාදි‘ ඓතිහාසික වළගම්බා රජ සමය ප්‍රබල උත්ප්‍රාසයකින් ගෙන හැර දක්වයි. වළගම්බා රජුත්, චෝල නායකයාත් අතර සිදුවන අවසන් සයන තාත්විකයි. දර්ශන් ධර්මරාජ්, උද්දික ප්‍රේමරත්න, බුද්ධදාස විතානාරච්චි, රොෂාන් රවීන්ද්‍ර, මේනකා මධුවන්ති ආදි නළු නිළියන් සියල්ලගේම රංගනය විශිෂ්ටයි.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද

මොරටුව


සිංහල සිනමාවේ

බලාපොරොත්තුව

සිරි පැරකුම් සිනමා පටයෙන් සිංහල රිදී තිරයට පිවිසි මුල්ම රංගනයේදී පවා ආධුනික බව නොදැක් වූ යොවුන් රංගන ශිලපී සොනාලි ෆොන්සේකාගේ අනාගත සිනමා ජීවිතය සාර්ථක වේවායි පතමි. ඔබ සිංහල සිනමාව වෙනුවෙන් සුවිශේෂ කාර්යයක් ඉටු කරනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.

අතුල රම්‍යසිරි

පානදුර


නොබියව

කතා කරන

බැලුම් ගල

සුවහසක් ශ්‍රාවකයන් රස විඳීන සමාජයේ අවිචාර බොහෝ අසාධාරණයන්ට එරෙහිව නොබියව කතා කරන ‘නෙත් බැලුම් ගල‘ නෙත් එෆ් එම් ගුවන්විදුලි සේවයෙන් බිහි වූ සමාජ සංශෝධන කාලීන වැඩසටහනකි. එයට ප්‍රථම ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ සම්මානනීය වීම අගයකොට සළකමි. එම වැඩසටහන වෙනුවෙන් දායක වන සියලුම දෙනාට අපගේ ස්තූතිය.

චන්ද්‍රකාන්ති පියතුංග

කැලණිය


ඔබ තවමත්

අප අතර

සිටියා

නම්

අපේ රටේ ජනප්‍රිය සිනමාව ඉදිරියට ගෙන එන්නට ප්‍රවීණ සංගීතඥ සරත් දසනායක සංගීත නිර්මාණයෙන් දායක වෙමින් කළ මෙහෙවර විශිෂ්ටයි. ‘නිල්ල සොයා‘, ‘කස්තුරි සුවඳ‘, ‘මල් කැකුළු, ‘ආශා දෑසින්‘, ‘මිහිදුම් සිහින‘, ‘මධු සිහින‘, ‘දිනුම‘, ‘සටන‘, ‘සදහටම ඔබ මගේ‘ වැනි චිත්‍රපටවල අපූරු ගීත අප අදටත් ආසාවෙන් රස විඳීනවා. ඔබ තවමත් අප අතර සිටියා නම්.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව


සාරංග

ඒ ඔබම ද

සාරංග දිසාසේකරගේ රංගන දිවියේ මා දුටු අමතක නොවන චරිතය නම් ‘කළු කුරුල්ලා‘ හි සුදු උක්කුංගේ චරිතය යි. සැබැවින්ම ඒ සාරංග දැයි සැක සිතුණි. මෙතෙක් එවැනි රංගනයක් කිසිම ටෙලි නිර්මාණයකින් නොදුටුවෙමි. ඇත්තෙන්ම සරංග ඔබේ රංගනය විශිෂ්ටයි.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

අංගම්පිටිය

වයික්කාල