වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ෆෝන් ඩොක්ටර්

ෆෝන් ඩොක්ටර්

මේ කියන්න හදන්නේ වෛද්‍යවරු වුණු ගායකයකු සහ නිළියකගේ කතා දෙකක්. මේ දෙන්නම එකම වෘත්තිකයෝ හින්දා ඒ කතා යුවළ එකට ගන්න හිතුවා. ගායකයා තමයි ප්‍රදීප් රංගන. ඔහු වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නේ ගමේ ඉස්පිරිතාලේ. එයා තමන්ගේ රාජකාරි කරන්න යද්දී මතක් කරලා ෆෝන් එක ගෙදර අමතක කරලා එනවලු. ෆෝන් එක කවදාවත් ඉස්පිරිතාලේ අරගෙන යන්නේ නැතිලු. ඔහුගේ වයිෆ් තමයි ප්‍රදීප්ගේ දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්නේ. ඇත්තෙන්ම ප්‍රදීප් අපේ වෛද්‍යවරුන්ට ආදර්ශයක්. අනෙක් කතාව අයෝමි ශානිකාගේ. ඇය ආයුර්වේද වෛද්‍යවරියක්. අයෝමි ඉන්නේ නුවර. ඒත් ඇගේ ක්ෂේත්‍රයේ පිරිස ඉන්නේ කොළඹ. මේ හේතුවෙන් ඇයට තම යාළුවන්ගේ වෛද්‍ය ගැටලු විසඳන්න වෙන්නේ නුවර ඉඳන්. ඇගේ යාළුවෝ නිරන්තරයෙන් දුරකතන ඇමතුම් දී අර ලෙඩේට බෙහෙත මොකක්ද මේ ලෙඩේට බෙහෙත මොනවද කිය කිය අහනවලු. අයෝමිත් ඉතින් ලෝභ නැතුව දුරකතනයෙන්ම බෙහෙත් කියනවලු. මේ හේතුවෙන් අයෝමිට නමක් පටබැඳිලලු තියෙන්නේ ෆෝන් දොස්තර කියලා.