වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




SMB Model Bank

රත්නපුර නිව් ඉම්පීරියල් සිනමා ශාලාවට එදා පැමිණි සියල්ලන්ගේම සිත් තුළ පැවතියේ මහත් වූ බලාපොරොත්තුවකි. ඒ කෙදිනක හෝ රංගන ලොව ජය කෙහෙළි නැංවීමයි. සරසවිය මොඩ්ල් බෑන්ක් රත්නපුරයට ගෙන ඒම පිළිබඳ ඔවුන් අපට අපරිමිතව ස්තූති කළහ. එදින මුලින්ම පැමිණ සිටි අයගෙන් වැඩි දෙනෙකු ළමෝ වීම ද විශේෂත්වයකි.

ජිත්ම දිල්රුවන්

SMBRP 11

සිංහයා සිනමාපටයේ ළමා චරිතයක් නිරූපණය කළ ජිත්ම කලුඅරලියා ආදී නාට්‍ය කිහිපයකම රඟපා රංගන අත්දැකීම් ලබාගත් අයෙක්. ඔහුගේ වයස අවුරුදු දහසයයි. රත්නපුරයේ පදිංචිවසිටින ජිත්ම සිවදාසන්ගේ චිත්‍රපටවලට දායකවීමටයි කැමැත්තෙන් ඉන්නෙ.

යෙනු රුසිත්

SMBRP 11

යෙනු රුසිත් භවන්ත වඩාත් කැමැති සිනමාපටයකින් කලඑළියට එන්න. චිත්‍රපටයක ඕනෑම චරිතයක් නිරූපණය කරන්නට ඔහු කැමැත්තෙන් ඉන්නවා. කවදාහරි නිර්මාණකරුවකු ලෙසට කටයුතු කරන්නටත් ඔහු අපේක්ෂා කරනවා. යෙනුගෙ ගම කහංගම. ඕනෑ අධ්‍යක්ෂවරයකු යටතේ රඟපාන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා.

දිලුසර නිලුපුල්

SMBRP 11

දිලුසර නිලුපුල් කුමාරතුංග වයස අවුරුදු දහයයි. ළමා නළුවකු ලෙසට කටයුතු කරන්නයි ඔහුගෙ අපේක්ෂාව. රත්නපුර ධර්මපාල මහ විදුහලෙන් තමයි දිලුසර සිප්සතර හදාරන්නෙ. ඔහුට තවමත් රංගන හැකියාව ඉදිරිපත් කිරීමට අවස්ථා ලැබී නැහැ. ආචාර්ය සෝමරත්න දිසානායකගේ නිර්මාණයකින් කලඑළියට පැමිණීමට දිලුසර අපේක්ෂා කරනවා.

සෝමා එච්. පතිරණ

SMBRP 11

සරසවිය නරඹන ඔබට සෝමා එච්. පතිරණ යන නම අමතක වන්නට විදිහක් නැහැ. සරසවිය ප්‍රතිචාර තීරය හා නිබඳව එක්වන ඇය සරසවිය මොඩල් බෑන්ක් සඳහාද පැමිණියා. කහවත්තේ තමයි ඇය පදිංචිව සිටින්නෙ. වැඩිහිටි චරිත නිරූපණයේ යෙදෙන්නත් ඇය කැමැත්තෙන් පසුවනවා.