වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනස දකින්න

වෙනස දකින්න

ලබන සතියේ සිට මේ පින්තූරේ ඉන්න විදිහට අමිත්ත වීරසිංහව අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහු දැනට තියෙන මේ කොණ්ඩය එහෙම් පිටින්ම කපා ඉවත් කිරීම. අමිත්ත වගේ නළුවකුට කොණ්ඩෙ තට්ටෙ ගානවා කියලා කියන්නේ සැහෙන පාඩුවක්. මොකද කොණ්ඩෙ වැවෙනකම් වැඩිය රඟපාන්න චරිත ලැබෙන්නේ නැහැනෙ. එහෙත් ඒ ගැන හිතන්නෙ නැතුව අමිත්ත කොණ්ඩෙ කපනවා. ඒ දේවින්ද කෝන්ගහගේ ගේ නවතම චිත්‍රපටය වෙනුවෙන්. දෙවතාවක් නොසිතා තමන් ඒ තීරණය ගත් බව අමිත්ත කිව්වා. ලබන සතියේ සිට අපට දැකගන්න හැකිවේවි තට්ට අමිත්තව.