වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




තව පොඩ්ඩෙන් ඉවරයි

තව පොඩ්ඩෙන් ඉවරයි

උසාවිය නිහඬයි සිනමාපටය සමඟින් ඔබ හමුවට ආ බිබීෂණ කුරේරා මේ දිනවල ප්‍රේමය නම් සිනමාපටයෙහි මානසික පීඩාවට පත් වූ රෝගියකු හැටියට චරිතයක් නිරූපණය කරනවා. එය ඔහුගේ රංගන ජීවිතයේ ලැබූ සුවිශේෂි අවස්ථාවක් ලෙසට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම බිබීෂණ එම චරිතය රඟන්න ගිහින් බිහිසුණු අත්දැකීමකට මුහුණ පෑවා. ඔහුගේම වචනවලින් කියනවා නම් සිද්ධ වුණේ මෙවැන්නක්.

මෙහි රූපගත කිරීම් තිබුණේ ඇත්තම මානසික රෝහලක. එහි රෝගීන් විශාල ප්‍රමාණයක් හිටියා. මං එතනට ගිහින් මගේ දර්ශනය රූගත කරනකම් ටිකක් එහෙ මෙහෙ ඇවිද්දා. ඔන්න එතකොට මට පේනවා එක්තරා පුද්ගලයෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා. මමත් ඉතින් ඔහු දිහා බලලා හිනා වුණා. මෙන්න ඒ මනුස්සයා ලොකු කළු ගලකුත් උස්සගෙන මගේ දිහාවට දුවගෙන එනවා. මට හොඳටම බය හිතුණා. ෂුවර් එකටම මේ එන්නේ මට ගහන්න. මං ක්ෂණිකව දුවන්න ගත්තා. එකොටම එතන හිටපු රෝගීන් කිහිප දෙනෙක් දුවගෙන ඇවිත් මාව බේර ගත්තා. නැත්නම් හරිම ජංජාලයක් තමයි පේන්නේ. මට ඔය සිදුවීම කවදාවත් අමතක වෙන්නේ නැහැ