වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

SMBWE 16
ඔෂාන් යාපා

ඔෂාන් යාපා අමරසේකර සරසවිය මණ්ඩපයට ගොඩ වෙද්දීත් වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම කෙටි චිත්‍රපට නිර්මාණයටත් ඔෂාන් දක්ෂයි. ඔහුගේ පදිංචිය වැලිගම. අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න විතානගේ වගේ අධ්‍යක්ෂවරුන් යටතේ රඟපාන්නයි ඔහු කැමැති.

SMBWE 17
චතුර පීරිස්

චතුර පීරිස්ට නම් රංගන අත්දැකීම් නැහැ. ඔහු හා හා පුරා කියලා දායක වෙන්නට කැමැති වෙළෙඳ දැන්වීම්වලට. අහුංගල්ලේ පදිංචි චතුර, අශෝක හඳගම යටතේ රඟපාන්න කැමැතියි කිව්වා.

SMBWE 18
චතුර ශ්‍රී ගමගේ

චතුර ශ්‍රී ගමගේ මේ වන විට වෙළෙඳ දැන්වීම්වලට රංගනයෙන් දායක වී තිබෙනවා. ඔහුගේ පදිංචිය බද්දේගම. ටෙලි නාට්‍යවලට වගේම සිනමාවටත් එකතුවීමට චතුර කැමැතියි. සෝමරත්න දිසානායක තමයි ඔහු ප්‍රිය කරන අධ්‍යක්ෂ.