වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සර්පයකුගේ මහිලාවංශය

සර්පයකුගේ මහිලාවංශය

කේ. කේ. සමන් කුමාර අලුතින් ග්‍රන්ථයක් ලියලා. එකේ නම මහිලාවංශය. දන්නවනෙ ඉතින් කේ. කේ. සමන්කුමාර කියන්නේ කවුද කියලා. ඔහු ගත් කතුවරයෙක්, දේශකයෙක්, විචාරකයෙක් වගේම වෙනස් මතධාරියෙක්. ඔහුට ආදරේට කියන්නේ සර්පයා කියලා. ඉතාම අහිංසක මිනිසෙක් වුවත් සර්පයා කියන්නේ ඔහුගේ මුල්ම ග්‍රන්ථයේ නම සර්පයෙකු සමඟ සටන් වැද හින්දා. ඔහුගේ මහිලාවංශයත් අමුතු පොතක්. මේකෙ තියෙන්නේ කාන්තාවන් ගැන. ඒත් මේ පොත එක පාරටම අතට ගත් කෙනෙකුට ඒකේ නම නම් කියාගන්න බැරිවෙනවා. ඒ ඊට අමුතුම ෆොන්ට් එකක් යොදාගෙන තිබෙන නිසා. කෙසේ වෙතත් මහිලාවංශය ආන්දෝලනාත්මක කෘතියක් වේ යැයි බොහෝ දෙනෙකු මත පළ කරනවා.