වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ සන්දියේ විසන්ධි වෙන්නේ ඇයි

ඒ සන්දියේ විසන්ධි වෙන්නේ ඇයි

ගාමින්ද ප්‍රියවිරාජ් හෙවත් අප ආදර පොඩි මල්ලිගේ ජංගම දුරකතනයට නිතර නිතර දුරකතන ඇමතුම් එනවා. ඔහු ඉතින් ඒවාට තැනක් නොතැනක් බලන්නෙ නැතුව පිළිතුරු දෙනවා. මේ ළඟකදී ඉඳලා තිඹිරිගස්යාය පැත්තේ ඉන්න කොට එන දුරකතන ඇමතුම් මඳ වේලාවකට විසංධි වෙනවලු. ගාමින්දට පුදුමයිලු. වරක් දෙවරක් නෙවෙයි කිහිප අවස්ථාවකදීම එහෙම වෙලා. වාහනයකදී වුවත් ගමන් කරද්දී ඒ හරියේදී දුරකතන ඇමතුමක් ආවොත් නිතැතින්ම ටික වේලාවකට විසන්ධි වෙනවලු. ගාමින්ද පොඩි පර්යේෂණයක් පවත්වන්නට හදන්නේ මේ ගැන.