වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




නටලාම කෙට්ටු වෙලා

නටලාම කෙට්ටු වෙලා

අසංග පෙරේරා කලකට ඉහතදී බෝලෙ වගේ මහතයි. දැන් කෙට්ටුයි. මේ පළවෙන්නේ ඔහු මහත කාලයේ ගත්ත ඡයාරූපයක්. හැබැයි දැන් උන්නායින් පංගුවයි. අසංග මෙහෙම කෙට්ටු වෙලා තියෙන්නේ ජීම් එකකට ගිහිල්ලා එහෙම නෙවෙයි. ඔහු අඩුම තරමේ උදේට උදේට දුවන්නේවත් නැහැ. දන්නවද අසංග කෙට්ටු වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඔහු නටලා තමයි කෙට්ටු වෙලා තියෙන්නේ. මේ දවස්වල හිරු මෙගාස්ටාර් නැමැති රියැලිටි වැඩසටහනේ රිහසල් යනවා. අසංගත් මේකෙ ඒක කණ්ඩායමක් නියෝජනය කරනවා. ඉතින් ජීවිතේ කිසිම දිනක නොනටපු අසංගටත් නටන්න වෙලා. ඔය පාර්ටියකට දෙකකට ගියාම පොඩ් නර්ථන පාරක් දැම්මට අසංග වෘත්තීය මට්ටමෙන් නර්තන අංගයකට සහභාගි වෙලා නැහැ. මෙගා ස්ටාර් නිසා අසංගට නටන්නත් වුණාලු. සමහරු පුදුමත් වෙනවලු අසංග වේදිකාවේ නටනවා කියපුවාම. මෙහෙම නටලා තමයි අසංග කෙට්ටු වෙලා තියෙන්නේ.