වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ආයෙත් එනවා

ආයෙත් එනවා

සුගත් සමරකෝන් අසූව දශකයේ අතිශය ජනප්‍රිය වූ වේදිකා නාට්‍ය ගණනාවක්ම නිර්මාණය කළා. ඒ අතරින් දේශපාලුවා විශේෂයිි. එය වැඩි දෙනෙකුගේ අවධානයට පාත්‍ර වුණේ එකල තිබූ දේශපාලන වාතාවරණය ප්‍රහසනාත්මකව එයින් ඉදිරිපත් කිරීමයි. කෙසේ වෙතත් එම තේමාව අදටත් වලංගුයි. ඒ හින්දා වෙන්න ඇති සුගත් දේශපාලුවා නව නිෂ්පාදනයක් ලෙසින් යළි වේදිකාවට ගෙන ඒමට සුගත් අදහස් කරලා තියෙන්නේ. ප්‍රසන්න මුහන්දිරම් දේශපාලුවා නිෂ්පාදන කරනවා. එහි ප්‍රධාන චරිතය මවන්නේ පාලිත සිල්වා. පාලිත සමඟ සනෝජා බිබිලේ, ආරියසේන ගමගේ, ප්‍රසන්න මුහන්දිරම්, සමන්ත වීරකෝන්, සංජය සමරකෝන්, චන්දු ඉඹුලාන, වසන්ති සෙනරත් ආදීහු දේශපාලුවා නව නිෂ්පාදනයේ රංගනයේ යෙදෙනවා. ළඟදීම සුගත්ගේ නව දේශපාලුවා වේදිකා ගතවීමට නියමිතයි.