වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




කලාකරුවන්ට සම්මාන

කලාකරුවන්ට සම්මාන

ශ්‍රී සුමන අභයදාන සංගමයේ දසවැනි සංවත්සරය වෙනුවෙන් කලාකරුවන් කිහිප දෙනෙකුට සම්මාන ප්‍රදානයක් සිදු කෙරිණ. එහිදී ප්‍රවීණ නිළි අනුලා කරුණාතිලක අතින් රංජිත් පීරිස් මෙසේ සම්මානනීය විය. එම සංගමයේ සභාපති මීහගවෙල සුමන ශාන්ත හිමියන් ද පසෙක වෙති.


සුනිල් මිහිඳුකුලගේ වැඩිමහල් පුතු යුගදිවියට

ප්‍රවීණ සිනමා ලේඛකයකු වන සුනිල් මිහිඳුකුලගේ වැඩිමහල් පුත් (සීමාසහිත මිල්කෝ සමාගමේ සේවයේ නියුතු) සචින් මිහිඳුකුල පසුගියදා යුගදිවියට පිවිසුණේය. ඔහුගේ අතගත් මනාලිය වූයේ (මහනුවර අකුරණ මහජය බැංකුවේ සේවයේ නියුතු) රසිකා වික්‍රමසූරිය යි.