වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




25 වැනි උපන් දින සාදයෙන් සති තුනකට පසු අවසන් ගමන් ගිය කවිෂා

25 වැනි උපන් දින සාදයෙන් සති තුනකට පසු අවසන් ගමන් ගිය කවිෂා

මේ ලියවෙන්නේ කවිෂා අයේෂානි නැමැති නව පරපුරේ රංගන ශිල්පිනිය පිළිබඳ ලියන අවසන් සටහනයි. මෙතරම් ඉක්මනින් මෙවන් වූ සටහනක් ඇය වෙනුවෙන් තැබීමට අප කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත. නමුත් සංවේගයෙන් එවැන්නක් ලිවීමට සිදු වී තිබේ. ඒ කවිෂා මේ වන විටත් සියල්ලන්ගෙන් සමුගෙන සියලු දේ අතැර සදහටම නික්ම ගොස් ඇති හෙයිනි.

කවිෂා අයේෂානි කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ නිවේදිකාවක ලෙසිනි. සිරස නාළිකාවේ විකාශය වූ දොළොස් මහේ පහන කවිෂා මෙහෙය වූ පළමු වැඩසටහන විය. එයින් තරමක ජනප්‍රියත්වයක් ලද කවිෂාට ඇරැයුම් ලැබෙන්නේ රංගනයටය. සම්පත් ශ්‍රී රෝෂන් කවිෂාට ඉන් පළමු ඇරයුම ලබා දෙන ලදී. ඔහුගේ තරු අහසට ආදරෙයි කවිෂා රඟපෑ පළමු ටෙලි සිතුවම විය. අනතුරුව කෝරළේ මහත්තයා ධ්ධ් වාසුලිකන්ද, සිහින සක්මන, අඟුරු සිත්තම් ආදී ටෙලි සිතුවම් ගණනාවකට එකතු වන කවිෂා ක්‍රම ක්‍රමයෙන් තම ජනප්‍රියත්වය ඉහළ දමා ගන්නට සමත් විය. කෝරළේ මහත්තයා ධ්ධ් වැනි ටෙලි සිතුවමේ මුතුගේ චරිතයෙන් ඇය වඩාත් ප්‍රේක්ෂකයාට සමීප විය.

මාතලේ ප්‍රදේශයේ උපත ලැබූ කවිෂා පාසල් හතරකින් අධ්‍යාපනය හැදෑරීය. මුවන්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය, නෙළුවා කන්ද මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ වලල විද්‍යාලය සහ මාතලේ විජය විද්‍යාලය ඇය ඉගෙන ගත් පාසල් අතර වේ. 1991 සැප්තැම්බර් මස 25 උපත ලද කවිෂා මිය ගියේ ඇයගේ විසිපස් වැනි උපන් දිනය සමරා හරියටම සති තුනකිනි.

පසුගිය සෙනසුරදා එනම් ඔක්තෝබර් මස 15 වැනිදා කවිෂා සිටියේ විවේක සුවයෙනි. එදින සවස ඇයට සහභාගී විය යුතු සාදයක් විය. එහෙයින් දහවල වෙද්දී කවිෂා ඊට සැරසී යා යුතු ඇඳුමක් පිළියෙල කර ගත්තාය. මේ යන්නේ තමන්ගේ අවසන් උත්සවය බව කවිෂා සිහිනෙකින්වත් සිතන්න නැතුව ඇත. රාත්‍රියේ පෙරයම සාදයට පැමිණි කවිෂා ඉන් පිටත් වූයේ මැදියම ද ඉක්මවා හෝරා කිහිපයක් ගත වූ තැනය. ඒ වන විටත් සිහින් සිරිපොද වර්ෂාවක් ඇද හැලෙමින් තිබිණි. කවිෂා නවාතැන් ගෙන සිටියේ නුගේගොඩ ප්‍රදේශයේ ඇඹුල්දෙණියේය. එහෙයින් ඇය නුගේගොඩ ජුබිලි කණුව හරහා ගමන් කොට තිබිණ. නමුත් වැඩිදුර යන්නට ඇයට හැකියාව ලැබුණේ නැත. කවිෂාගේ පාලනයෙන් ගිලිහුන ඇයගේ රථය පාරේ කොනක නවත්වා තිබූ බස් රථයක ගැටුණේ හාත්පස සිසාරා මහ හඬක් නංවමිනි. මිරිහාන පොලීසිය පවසන පරිදි කවිෂා අනතුර සිදු වූ මොහොතෙහිම ජීවිතයෙන් සමුගෙන තිබිණ.

කවිෂා පසුගිය මස 25 වැනිදා සිය මිත්‍රයන් පිරිවරා ඇයගේ 25 වැනි උපන් දිනය මහත් වූ උත්සවාකාරයෙන් සැමරීය. ඒ කොළඹ සීනෝර් හෝටලයේදීය. එහිදි ඇයගේ සමීපතමයින් සියල්ලම පැමිණ සිටීම කවිෂාගේ සතුටට හේතු කාරණා විය. ඉන් හරියටම සති තුනක් ගතවෙද්දී ඒ හිත මිතුරන් නැවතත් කවිෂා වෙනුවෙන් හදකම්පිතව එක් විය. ඒ ඇයට අවසන් ගෞරවය දැක්වීම උදෙසාය. දෛවය කොතරම් අපට සරදම් කරන්නේද යැයි විටෙක සිතේ. ජීවය නම් තණ අග පිණි බිඳු වැනිය. ඇත්තෙන්ම කවිෂාගේ මරණය එය තවත් අපට පසක් කරලීය.



රංගනය ඔස්සේ දිගු ගමනක් යාමට අපේක්ෂා කරන ඇය ඔෂිනි ඇල්ලේග්‍රා. ඉතාලියේ උපන් ඔෂිනිගේ මව්පියන් දිගු කලක සිට පදිංචිව සිටින්නේ ද ඉතාලියේ. ඇය මේ වන විට ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක මෝස්තර නිරූපණය පිළිබඳ හැදෑරීමක් ද සිදු කරනවා. ඔෂිනි රංගනයට පිවිසෙන්නේ මියුසික් වීඩියෝවක් හරහා. එයට අවස්්ථාව ලබා දෙන්නේ රන්ජන් රාමනායකයි. නිරෝෂා විරාජිනි සහ කසුන් කල්හාර එම ගීතය ගායනා කරනු ලබනවා. ළඟදිම ඒ හරහා ඔෂනිගේ රැඟුම් දැකිය හැකියි.