වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ සෙවූ ආදරය මමයි

ඔබ සෙවූ ආදරය මමයි

ෆ්‍රැන්ජිපැණි - නව යෞවනයේ තුන්කොන් සබැඳියාවක් තුළින් දළුලන තහනම් ආදරයක් වටා ගෙතුණ කතාන්දරයක්.

‘අරලිය මලට තියෙන්නෙ පෙති පහයිනෙ’
‘පෙති හයේ අරලිය මලුත් පිපෙනව‘

බ්‍රසීලයේ 2015 රියෝ ජාත්‍යන්තර සමකාමී සිනමා උලෙළේ විශිෂ්ටතම සිනමා කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලබන ෆ්‍රැන්ජිපැණි චිත්‍රපටය සිනමා උලෙළවල් 24 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්මාන ලැබීමට හා සම්මානවලට නිර්දේශවීමට වරම් ලබා ඇත.

සිනමාවට කෝඩුකාර ශිල්පීන් රැසකගේ දායකත්වය ලැබූ ෆ්‍රැන්ජිපැණි චිත්‍රපටය එසේ ජාත්‍යන්තර සිනමා උලෙළවල් 24 කදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සුවිශේෂත්වයකි.

සයපෙති කුසුම (ෆ්‍රැන්ජිපැණි)

තිරපිටපත, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - විසාකේස චන්ද්‍රසේකරම්

නිෂ්පාදනය - හැව්ලොක් ආට්ස්

බෙදා හැරීම - සුනිල් ටී. ෆිල්ම්ස්

කැමරා අධ්‍යක්ෂණය - කුලරුවන් ගමගේ

සංස්කරණය - සිතුම් සමරජීව

කලා අධ්‍යක්ෂණය - අරුණ මැදකුඹුර

අංග රචනාව - ප්‍රියන්ත එස්. වන්නිනායක

නිෂ්පාදන කළමනාකරණය - ෂර්ලි සමරසිංහ

සහාය අධ්‍යක්ෂණය - ශාන්ත පීරිස්

ගී රචනා සහ ගී තනු නිර්මාණ - විසාකේස චන්ද්‍රසේකරම්

රංගනය

චමත් - දසුන් පතිරණ

නලීන් - ජෙහාන් ශ්‍රී කාන්ත් අප්පුහාමි

සරසී - යශෝධා රසඳුනී

ෂෙහාන් - භූමි නරේන්ද්‍රන්

සෝභිත තෙර - රුවන් මලිත් පීරිස්

සරසිගේ මව - කුමුදු කුමාරසිංහ

චමත්ගේ මව - ගංගා ජීවනී වැලිවත්ත

චමත්ගේ සොයුරු - අන්ජන ප්‍රේමරත්න

චමත්ගේ පියා - නිෂාන්ත ලෝරන්ස්

ගුරුවරිය - නිල්මිණි බුවනෙක

ජාත්‍යන්තර සම්මාන

විශිෂ්ටතම විදේශීය සිනමා කෘතිය

2015 රියෝ ජාත්‍යන්තර සමකාමී සිනමා උළෙල විශිෂ්ටතා සම්මානය

2014 කැනඩා ජාත්‍යන්තර සිනමා උලෙළ

ජූරියේ විශේෂ සඳහන

2014 බර්ලින් ජාත්‍යන්තර සිනමා සම්මාන

කුළුඳුල් අධ්‍යක්ෂක

2014 ජකාර්තා ජගත් ජාත්‍යන්තර

සිනමා උලෙළ

දසුන් පතිරණ - ප්‍රධාන නළුවා

2014 ඇමරිකන් ඉන්ඩී සිනමා උලෙළ

යශෝධා රසඳුනී - සහාය නිළිය

2014 ඇමරිකන් ඉන්ඩී සිනමා උලෙළ

ජාත්‍යන්තර සම්මාන නිර්දේශ

විශිෂ්ටතම විදේශීය කෘතිය

2014 මැඩ්රිඩ් ජාත්‍යන්තර උලෙළ විශිෂ්ටතම විදේශීය අධ්‍යක්ෂක

2014 මැඩ්රිඩ් ජාත්‍යන්තර උලෙළ කුළුඳුල් අධ්‍යක්ෂක

2015 යාපන ජාත්‍යන්තර සිනමා උලෙළ

 

චමත් (දසුන් පතිරණ) හා සරසි (යශෝධා රසඳුනී) පිටිසර ගම්මානයක නිද්‍රාශීලි වපසරියක දී ඔවුන්ගේ සරාගී හැඟීම් දැනීම් වටහා ගනිමින් ඔවුන්ගේ යෞවන අපේක්ෂාවන් සොයමින් සිටින අතර වාරයේ ගමට අලුතින් පැමිණෙන නලින් (ජෙහාන් ශ්‍රී කාන්ත්) ඔවුන්ගේ අවධානය හා ආකර්ෂණය තමා වෙත ඇද ගනී. මුලින් මිතුරු දමකින් බැඳෙන ඔවුන් තිදෙනා තුන් කොන් ප්‍රේමයකට අවතීර්ණ වෙද්දී ඔවුන් වටා ඇති සමාජීය පැතුම් හා ප්‍රයෝගික උවමනාවන් ඔවුන්ව තල්ලු කරනු ලබන්නේ විවාහ මංගල උත්සව හරහා ඇති කෙරෙන සාම්ප්‍රදායික දරු පවුලක් ගොඩ නැඟීම වෙතය. චමත්, නලීන් හා සරසි මෙසේ ආදරය, මිත්‍රත්වය සහ රාගික හැඟීම් අතරේ දෝලනය වෙද්දී ඔවුන්ගේ ප්‍රේම ත්‍රිකෝණය දෙදරා යයි. පස් වසරකට පසු ඔවුන් යළි හමු වන්නේ සම්මත හෝ අසම්මත වුවත් - එකිනෙකා වෙත ඇති වෙන ආකර්ෂණයෙන් බිහිවෙන ආදරය එකම හැඟීමක්, දැනීමක් විඳීමක් වටහා ගනිමිනි.

නිල් ගගන පුරා අනන්තයේ
ඝන මේඝ වලා විනිවිද විදිනා
උතුරනා රිදී එළිය සේ
නුඹ සෙවූ ආදරය මමයි
ආදරය යනු මමයි
ආදරය මමයි

විසාකේස චන්ද්‍රසේකරම්

ලංකාවේ මානව හිමිකම් නීතිඥවරයකු ලෙසත් ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් ප්‍රාන්ත ආණ්ඩුවේ උපදේශකවරයකු ලෙසත් කටයුතු කරන විසාකේස ඕස්ට්‍රේලියා ජාතික සරසවියෙන් ආචාර්ය උපාධියත් ලබා තිබෙනවා. එහෙත් ලංකාවේ බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ වේදිකා නාට්‍යකරුවකු සහ නවකතා රචකයකු හැටියටයි. ඉංග්‍රීසි හා සිංහල භාෂාවෙන් නාට්‍ය කෘති කිහිපයක්ම ලියා අධ්‍යක්ෂණය කළ විසාකේස ඔහුගේ ‘තහනම් අඩවිය’(Forbidden Area)  නාට්‍යයට ග්‍රේෂන් සම්මානයද, රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද, යෞවන සම්මාන රැසක් ද දිනා ගත්තේය. Tigers Don’t Confess ඔහුගේ පළමු නවකථාව වන අතර, ඔහුගේ දෙවන නවකතාව වන ‘රජ සහ ඝාතකයා’ සහ The King and the Assassin 2015 ෆෙයාවේ සම්මානයට නිර්දේශ විය.