වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




පිය සෙනෙහස සොයා

පිය සෙනෙහස සොයා

පූජා උමාශංකර් පසුගියදා ඉන්දියාව බලා පිටත් වුණා. ඒ ඇයගේ පියා හදිසියේම රෝගීවීම හේතුවෙන්. කෙතරම් කාර්යබහුල වුණත් ඒ සියලු වැඩ පසෙකලා පූජා ඉන්දියාවේ සිටින සිය පියාගේ සුවදුක් බැලීමට යාම පිළිබඳව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කතා කළේ ප්‍රශංසා මුඛයෙන්. පූජා පසුගිය දිනවල චිත්‍රපට ගණනාවකම රඟපෑවා. ඇයට එක දිගට චිත්‍රපට රාශියක් ලැබුණේ ඒ වගකීම හොඳින් ඉටුකරන නිසාමයි. රංගනය නිසා තරමක් විඩාබර වූ ජීවිතයට පූජාට මඳ විවේකයක් ලැබුණෙත් මේ ඉන්දියා ගමන නිසාමයි. කෙසේ වෙතත් තව නොබෝ දිනකින්ම පූජා යළිත් ලංකාවට පැමිණීමට නියමිතයි.