වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ඇඩ්‍රස් නෑ - ගීත මංගල්‍යය

ඇඩ්‍රස් නෑ - ගීත මංගල්‍යය

ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ තෙවැනි සිනමා කෘතිය වන ඇඩ්‍රස් නෑ හි ගීත ත්‍රිත්වය පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ පැවැති කෙටි උත්සවයකින් අනතුරුව ජනගත කෙරිණ. ජැක්සන් විසින් එම මොහොත හඳුන්වා දී තිබුණේ ඇඩ්‍රස් නෑ සිංදු මංගල්ලය ලෙසිනි. සිනමාපටයෙහි ගීත රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීත අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහ සහ එම ගීත ගැයූ නෙලූ අධිකාරි, නිරෝෂා විරාජිනි ඇතුළු කලා සහෘදයන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. එම ගීත නිල වශයෙන් අන්තර්ජාලයට එක්කිරීම ද එදින සිදු විය.