වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

මගේ වම් අත

තිරගත වූ දිනය - 2002 සැප්තැම්බර් 03
ඉදිරිපත් කිරීම - සෙලි චිත්‍රපට
නිෂ්පාදනය - ලින්ටන් සේමගේ, හර්ෂ කල්දේරා
කතාව, තිර නාටකය, දෙබස්, අධ්‍යක්ෂණය - ලින්ටන් සේමගේ
සහාය අධ්‍යක්ෂණය - දමින්ද ඩී. මඩවල
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල
කැමරා සහාය - දිනේෂ් කුමාර සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - ගයනි ගිසංතිකා සතරසිංහ
කලා අධ්‍යක්ෂණය - සුජීව පරණහේවා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, ආර්. එම්. සිරිසේන, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - චෙන්නායි
චිත්‍රාගාර සේවා සහ සංස්කරණ මැදිරිය - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය
නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න
නිෂ්පාදන සැලසුම් - ෂර්ලි පී. අල්විස්
නිශ්චල ඡායාරූප - ජනක් මායාදුන්න
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රදීප් රත්නායක
නාමාවලිය - ප්‍රේම් දිසානායක
රේඛීය නිෂ්පාදනය - ශාන්ත අත්තනායක
කැමරා උපකරණ - ෆිල්ම් ලොකේෂන්සර්විස්
ධාවන කාලය - විනාඩි 85 - 35 ර්ර් - වර්ණ
ප්‍රදර්ශනය - සී, ඊ. එල්. මණ්ඩලය
නළු නිළියන් - ලින්ටන් සේමගේ, දිල්හානි අශෝකමාලා, ගයනි ගිසන්තිකා, සෞම්‍ය ලියනගේ, ගිරිරාජ් කෞෂල්‍ය, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, චමිලා පීරිස්, සීතා කුමාරි, අංජුලා රාජපක්ෂ, දනුෂ්ක චතුරංග, මාලි ජයවීරගේ, සැනට් දික්කුකඹුර, දිමුතු දේවප්‍රිය

සත්කම්පා

තිරගත වූ දිනය - 2002 ඔක්තෝබර් 28
ඉදිරිපත් කිරීම - ශාන් ෆිල්ම්ස්
නිෂ්පාදනය - රෝහණ ගුණරත්න
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රරත්න මාපිටිගම
සහාය අධ්‍යක්ෂණය - වී. සිවගුරුනාදන් (රූගත කිරීම්) ලෙස්ලි සිරිවර්ධන, රවීන්ද්‍ර මාපිටිගම
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
කැමරා සහාය - සුනිල් ජයවීර, බන්දුසේන, යාපා ජයවර්ධන, බෙනඩික්
සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - රත්නපාල හපුආරච්චි
අංග රචනය හා නිශ්චල ඡායාරූප - වසන්ත විට්ටච්චි
කලා අධ්‍යක්ෂණය හා නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය
දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය සංගිතය පටිගත කිරීම - ටොරානා ශබ්දාගාරය
ශබ්ද ප්‍රයෝග - ජෝර්ජ් මනතුංග සැකසුම - සරසවි චිත්‍රාගාරය- දළුගම - කැලණිය
නිෂ්පාදන කළමනාකරණය - ජගත් චන්ද්‍රසිරි
සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ
කවි ගායනය - හේරත් බණ්ඩාර
නළු නිළියන් - සොමී රත්නායක, සබීතා පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, ඩබ්. ජයසිරි, මැණිකේ අත්තනායක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ග්‍රේස් ආරියවිමල්, ප්‍රසන්න ෆොන්සේකා, දමිතා සළුවඩන, වසන්ත විට්ටච්චි, මාලිනී ලියනගේ, රවීන්ද්‍ර මාපිටිගම, උපුල් ගුණවර්ධන, උපසේන සුභසිංහ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, රෝහණ ගුණරත්න, ගිහානි අමරසේන, ගුණපාල කරුණාපතිරණ, නිල්මිණි ලියනගේ, බුද්ධදාස ජයසූරිය, සුනිල් ශාන්ත

සුරපුරට කන්‍යාවියක්

තිරගත වූ දිනය - 2002 ඔක්තෝබර් 28
ඉදිරිපත් කිරීම - යාසින් චිත්‍රපට
නිෂ්පාදනය - සුරේන් යාසීන්
කතාව, දෙබස්, අධ්‍යක්ෂණය - මාරියෝ ජයතුංග
තිර රචනය සහ ගීත ප්‍රබන්ධය - මහින්ද කේ. ප්‍රේමසිරි
සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය සහ නිශ්චල ඡායාරූප - නිමල් නාකන්දල
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - තරංග රුක්මල්වල
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්. ජී. පොඩිරත්න, විමල් රණවක, ජගත් චාමින්ද, ආනන්ද වික්‍රමරත්න, කුමාරසිරි ද සිල්වා, කේ. වී. නන්ද කුමාර
දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග
සැකසුම - සරසවි චිත්‍රාගාරය - දළුගම වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - එච්. ඒ. ඇල්බට්, චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන
රසායනාගාර කටයුතු සහ පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
ගීත - නුවන් ගුණවර්ධන, උරේෂා රවිහාරි
නළු නිළියන් - දිල්හානි ඒකනායක, සුරේෂ් ගමගේ, වීණා ජයකොඩි, ශ්‍රීනාත් මද්දුමගේ, ගයනා සුදර්ශනී, ජී. ආර්. පෙරේරා, තලතා ගුණසේකර, ප්‍රමිලා කුරුප්පු, සුරේනි සෙනරත්, ප්‍රියන්ත විජේකෝන්, මැණිකේ අත්තනායක, මානෙල් වානගුරු, රවීන්ද්‍ර යසස්, මියුරි සමරසිංහ, නන්ද වික්‍රමගේ, සරත් දික්කුඹුර, චතුර පෙරේරා
ප්‍රදර්ශනය - එල්. එෆ්. ඩී. මණ්ඩලය

සොමි බෝයිස්

තිරගත වූ දිනය -
නිෂ්පාදනය - සුපර් හිට්ස් ෆිල්ම් ප්‍රයිවට් ලිමිටඩ්
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ඒ. ඒ. ජුනයිඩීන් ස
හාය අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ්
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - පී. එම්. නන්ද කුමාර්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ආර්. කේ සිරිසේන, ආනන්ද වික්‍රමරත්න
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
කැමරා උපකරණ - නිමලවීර ෆිල්ම්ස්
නිෂ්පාදන සංවිධානය - එන්. උදය කුමාර
ධාවන කාලය - පැය 2 දිග අඩි 12000 - පිටපත් 21
නිෂ්පාදන කළමනාකරණය - ලාල් දිසානායක සහාය ඩබ්. ඩී. අනුරාධ
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, චන්ද්‍රදාස ප්‍රනාන්දු
ගීත හා ගායන ශිල්පීන් - ග්‍රේෂන් ආනන්ද, සංගීත් වික්‍රමසිංහ, ලෙලුම් රත්නායක
මා අඳුරේ තනි වී සිටිනා - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි
නැව ගිලුනත් බෑන් චූන් - ග්‍රේෂන් ආනන්ද, සංගීත් වික්‍රමසිංහ, කලාවතී, සූරිය කුමාර් මුත්තලගේ
ආල පනේ අපේ වැඩේ - කලාවතී, සංගීත් වික්‍රමසිංහ, ලෙලුම් රත්නායක ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් - බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, සනත් ගුණතිලක, රෙක්ස් කොඩිප්පිලි, සැන්ඩෝ හැරිස්, රජිත හිරාන් (පිං පොං), එම්. වී. බාලන්, බර්ටි ගුණතිලක, සවින්දි සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, ටිරෝන් මයිකල්, සුනිල් බමුණුආරච්චි, රාජු, බන්දුල ප්‍රතාප්, ප්‍රේමදාස විතානගේ, දමිතා සළුවඩන, අනුරාධා උදයංගනී, රෝසි ප්‍රනාන්දු, චන්ද්‍රිකා පෙරේරා, ලක්ෂ්මි සෙනෙවිරත්න, ශාන්ති ලෙව්දෙනිය, කේ. වී. සුදාකරි, වීර පුෂ්පනාදන්, එස්. පිරවින්, එස්. සරවනා, ක්‍රිෂාන්ති කවින්, රේණුකා මායාදුන්න, ආශා ඩිලානි, සප්නා රසාංගි, දිල්හානි නාගහවත්ත, තක්ෂිලා පූජනී

අග්නිදාහය

තිරගත වූ දිනය - 2002 දෙසැම්බර් 13
ඉදිරිපත් කිරීම - සොයන්නෝ චිත්‍රපට
නිෂ්පාදන අනුග්‍රහය - ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවර්ධන අරමුදල
කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ජයන්ත චන්ද්‍රසිරි
සහාය අධ්‍යක්ෂණය - නිමල් ප්‍රැන්සිස්, ලසන්ත උඩුකුඹුර
කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා
කැමරා සහාය - බ්‍රයන් රත්නසේකර, අනුර කොඩිතුවක්කු, ඩබ්ලිව්. එස්. චාමර
සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ සහාය - අජිත් රාමනායක
අංග රචනය - සමරසිරි කදනගේ සහාය - රොෂාන් රවීන්ද්‍ර කුමාර
කලා අධ්‍යක්ෂණය - ජගත් ඉඹුල්පේ
කලා අධ්‍යක්ෂණ සහාය - මේනක බණ්ඩාර, ශාන්ත වීරසූරිය, ලක්මිණි අමරදේව
ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක
ශබ්ද පටිගත කිරීම - සුජිත් පෙරේරා, එච්. කේ. කල්යානන්ද
ශබ්ද ප්‍රයෝග - එච්. ඊ. පොඩිරත්න, අනුර විතානගේ ර
සායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් චිත්‍රාගාරය, මදුරාසිය
නිෂ්පාදන කළමනාකරණය - අරුණි මුතුමාලි
නිෂ්පාදන සහාය - ඩී. ජයසේකර
නිශ්චල ඡායාරූප - සරත් සේනාපති
අංකිත හඬකැවීම් - සම්පත් ජයසිංහ, කාලිංග පෙරේරා
අංකිත ශබ්ද සංයෝජනය - නිලේජ් තෝමස් (ඉන්දියාව)
අංකිත සංස්කරණ හා ශබ්ද කැවීම, සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - ටී. වී. ටී. චිත්‍රාගාරය (ද වීඩියෝ ටීම්)
කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය- රුචිර පෙරේරා
ආලෝකකරණ සහාය - රෝහණ ප්‍රේමචන්ද්‍ර, කේ. සෝමරත්න, නිහාල් මල්ලවආරච්චි, එස්. ඒ. ස්ටැන්ලි, ආර්ටි රත්නම්, ඩී. පියල්, ඩබ්. කුසුම්සිරි, නිහාල් ධර්මසේන ක්‍රේන් ක්‍රියාකරවීම - බී. ඩී. ජයසිරි, ආර්. පී. මුණසිංහ, නිලන්ත ප්‍රදීප්, එම්. ටියුඩර් පෙරේරා
යුද සරඹ පුහුණුව - පාලිත ගලප්පත්ති
සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඔගී ශබ්දාගාරය)
ග්‍රැෆික් නිර්මාණය - ගයාන් ගුණසේකර
කාර්මික උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්, ද වීඩියෝ ටීම්
ප්‍රවාහන සේවා - ඩී. රංජිත්, දිනේෂ් කුමාර
අඛණ්ඩතා නිරීක්ෂණය - චතුරානි පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ගායනය - සමන්ත පෙරේරා, දේශක සම්පත්
ගීතය - ලූලු කයියා කන්දේ ගාලා
නළු නිළියන් - ජැක්සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, කමල් අද්දරආරච්චි, සනත් ගුණතිලක, බුද්ධදාස විතානආරච්චි, බන්දුල විතානගේ, මාලි ජයවීර, ගාමිණී ජයලත්, ලසන්ත උඩුකුඹුර, නිර්මලා විජේසේකර, දිමුතු චින්තන, අනුර රත්නායක, හිමාල් තක්ෂිලා විතානගේ, මයික් ප්‍රනාන්දු, රාජා ගනේෂන්, නෝමන් පලිහවඩන, පාලිත ගලප්පත්ති, එච්. කේ. කල්යානන්ද, සනත් චන්ද්‍රසේකර, අතුල බණ්ඩාර, දයාරත්න සිරිවර්ධන, මල්කාන්ති රණසිංහ, මුදිතා විජේතුංග, සෝමා රණසිංහ, වජිරා කොඩිතුවක්කු, මාධිකා බැබිලේ, ආරාධනා ගීතාංජලී, ෂෙහලින් දෙනිපිටිය, නිලූ හෙට්ටිහේවා, කනිෂ්ක ගුණසිංහ, කාන්ති රොඩ්රිගෝ, රෝහණ විමල් පතිරණ

අරුමෝසම් වැහි

තිරගත වූ දිනය - 2002 දෙසැම්බර් 20
ඉදිරිපත් කිරීම - දූතරංග චිත්‍රපට
නිෂ්පාදනය - ප්‍රියන්ත කොළඹගේ (ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවර්ධන අරමුදල අනුග්‍රහයෙනි)
අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කොළඹගේ
කතාව, දෙබස්, තිර රචනය - ජයන්ත කොළඹගේ
සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, ගීතසාර රාජපක්ෂ, වසන්ත පුෂ්පකුමාර
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ කැමරා සහාය - සුනිල් ජයවීර, අනුරාධ ජයසූරිය
ආලෝකකරණ සහාය - ඒ. ලක්ෂ්මන් ප්‍රියන්ත, ජී. ජී. දුමින්ද, අකිල බණ්ඩාර, ඩබ්ලිව්. ඒ. ඩී. රවීන්, යූ. එම්. සුමනදාස
සංස්කරණය - ස්්ටැන්ලි ද අල්විස්
අංග රචනය - සමරසිරි කඳනගේ සහාය - ප්‍රියන්ත දිසානායක
කලා අධ්‍යක්ෂණය - අතුල සුල්තානාගොඩ, සංඛ වීරසේකර
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා
නර්තන ශිල්පීන් - ගයානි කංචනා, සුමිතා නෙළුම් පෙරේරා, සුරේඛා මෙන්ඩිස්, අයන්ත මහේෂ්, යුරේක සම්පත්, එස්. පී. එස්. ග්‍රේබියෙල්
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන
අතිරේක ශබ්ද - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) සංගීතය පටිගත කිරිම - විමලසිරි ගමගේ (සොනික් ශබ්දාගාරය)
දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය
කැමරා උපකරණ සැපයුම - සිනෙසෙන් පුද්ගලික ආයතනය
පසු නිෂ්පාදන කටයුතු හා සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන් නිශ්චල ඡායාරූප - චමින්ද උපසේන
නාමාවලිය - අශෝක පද්මසිරි
සංගීත අධ්‍යක්ෂණය - සමන්ත පෙරේරා (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
ගීත ප්‍රබන්ධය - නිලාර් එම්. කාසිම් ගීත හා ගායන ශිල්පීන් -
පුන්කලස හඬයි - අමරසිරි පීරිස්
දිගට දිගේ දිගැත්තියෝ -

නළු නිළියන් - ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, නුවන්ගි ලියනගේ (හඳුන්වාදීම), අචල ප්‍රියංකර, රජින්ත බණ්ඩාර යටවර, තිළිණ දිසානායක, අමල් උදයංග හේමචන්ද්‍ර, දිනකර සමරකෝන්, ධනුෂ්ක චතුරංග, ප්‍රදීප් නිශාන්ත හේවගේ, සැන්ටින් ගුණවර්ධන, අජිත් ලොකුගේ, සැනට් දික්කුඹුර, දිමුතු චින්තක, සරණපාල ජයසුරිය, ජයන්ත විදානආරච්චි, වසන්ත විට්ටච්චි, ඥානාංග ගුණවර්ධන, වසන්ත පුෂ්පකුමාර, එස්. රාජගුරු, බර්ටි නිහාල් සුසිරිපාල, ගුණදාස මධුරසිංහ, ඩබ්ලිව්. ආර්. ජයසිරි, සමන්ත පෙරේරා, ජයතිස්ස අතුලසිරි, එරික් ප්‍රසන්න මදනායක, අතුල බණ්ඩාර, අතුල ඒකනායක, ජනිතා කුමාරි, ලලන්ති පෙරේරා, ගුණසේන විජේසිංහ, ඉන්ද්‍රානි එදිරිසිංහ, ඒ. අබේකෝන්

සර්කස් ශිල්පීන් - ජයලංකා සර්කස් කණ්ඩායම සුනිල් ශාන්ත, ජයන්ත විදානආරච්චි, ආර්. පී. රුවන්, ඉඳුනිල් කුමාර, ලංකා කුමාරි

සරාගී

තිරගත වූ දිනය - 2002 දෙසැම්බර් 22
ඉදිරිපත් කිරීම - එස්. පී. එම්. චිත්‍රපට
නිෂ්පාදනය හා සහාය අධ්‍යක්ෂණය - ජූඩ් ආර්. මුත්තයියා
කතාව, දෙබස් තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර. එම්. එස්. අලිමාන්, ගාමිණී කොස්තා
කලා අධ්‍යක්ෂණය - ප්‍රෑන්ක් කුලකුලසූරිය
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර
නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර, නිතුලාලේ
ශබ්ද පරිපාලනය - බර්ට්‍රම් රොඩ්රිගෝ
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ
රසායනාගර සහාය - නිමල් පෙරේරා, එච්. ඒ. ඇල්බට්, සුමිත් දිසානායක, චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්
පසුබිම් හඬ - මෙලනි අශෝකා
ගීත පටිගත කිරීම - සිතුමිණ ශබ්දාගාරය
පසුබිම් සංගීතය - නිනෝ ලියෝන්
ගීත ප්‍රබන්ධය - ලීලානන්ද ආර්. ගුණවර්ධන
පිටපත් මුද්‍රණය සහ රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස්
ධාවන කාලය - පැය 1 වි. 45
පිටපත් ප්‍රමාණය - 12
නළු නිළියන් - අරවින්ද ඉරුගල් බණ්ඩාර, සුදත් දොඩංගොඩ, ලක්ෂ්මන් ආරච්චිගේ, ගාමිණී කුමාර, නිලූ හෙට්ටිහේවා, සරත් ද මැල්, මධුලතා, රොෂිනි ප්‍රනාන්දු, ජූඩ් මුත්තයියා, ලක්ෂ්මන් අමරදිවාකර, සුරංග පියවර්ධන, සුරංග පුෂ්පකුමාර, මධු ජයවීර, ප්‍රසංග ද සිල්වා, වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්පකුමාර, ජයන්ත ප්‍රනාන්දු, ගංගා ධම්මික, ජානකී ද සිල්වා, නීතා ජයවීර