වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




මූණු පොතේ – ලාරා නැතේ

මූණු පොතේ – ලාරා නැතේ

වර්තාමානයේ හොර, බොරු, වංචා ලෝකයේ හැම තැනම වාගේ සිදු වෙනවා. පසුගියදා මේ ගැන කතා කළේ 2000 වසරේ විශ්ව රූ රැජන ලාරා දත්තා. 2003 වසරේ Andaaz චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය මේ දිනවල Singh is Bliing  චිත්‍රපටයෙන් අපට දකින්න ලැබෙනවා. මේ දිනවල ලැබෙන උණුසුම් ප්‍රතිචාර සමඟින් ලාරා දත්තා සිය ආදරණීය රසික රසිකාවන්ට පණිවුඩයක් දෙනවා.

එනම් ඇය මුහුණු පොත හෙවත් ‘ෆේස් බුක්’ සමාජ ජාලය තුළ නොමැති බවයි. නමුත් මේ වන විටත් කවුරුන් හෝ ඇයගේ නමින් ෆේස් බුක් ගිණුමක් නිර්මාණය කරලා. ලාරා සිය රසික රසිකාවන්ට පවසන්නේ තමන්ගේ නමින් තිබෙන එම ෆේස් බුක් ගිණුම සමඟ සම්බන්ධ නොවන ලෙසයි.

සුපිරි ටෙනිස් ක්‍රීඩක මහේෂ් භූපති සමඟ විවාහ වී සිටින ලාරාට සහිරා නම් දියණියක්ද සිටිනවා. ලාරා තම වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේ විශේෂ අවස්ථා බෙදාහදා ගන්නේ ටිවිටර් ගිණුමෙන්. මීට පෙරත් බොලිවුඩයේ මෙවැනි වංචාවන් වූ බවට චෝදනා නැගුණේ සුපිරි නළු අමිතාබ් වගේම සල්මන් ඛාන්ගෙන්.