වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

නිහාල්ට පිහිට වෙමු

කුලැත්තියෝ හැදූ දක්‍ෂ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවන බව මාධ්‍ය තුළින් දුටිමි. ඔහුට ඉක්මන් සුවය පතමි. එමෙන්ම ආර්ථික වශයෙන් ඉහළින් වැජඹෙන නළු නිළියනි, ඔහුට පිහිට වන ලෙසද ආයාචනා කරමි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

මාමාම එපා

පි‍්‍රයන්ත සෙනෙවිරත්න කුඩා දරුවන් අතර වඩාත් ප්‍රසිද්ධ බෙනා මාමා ලෙසයි. ඒ බෙනා මාමා තව ටික කාලෙකදි තවත් මාමෙක් වුණා. ඔහු විවිධ දක්‍ෂතා තිබෙන කෙනෙක්. එහෙම කෙනෙක් හැමදාම මාමාව කරන්න එපා කියා අධ්‍යක්‍ෂවරුන්ට මතක් කරන්න කැමතියි.
 

සුසිලා පතිරාජ

පුබුදුගම, උස්වැටකෙයියාව

ලංකාවේ පොප් රජු

වරෙක සංගීතවේදී කේමදාස මාටර් පැවසුවේ ලංකාවේ සිටින පොප් ගායකයා සී. ටී. ප්‍රනාන්දු කියාය. ඒ ඔහුගේ බටහිර ශෛලිය නිසා විය හැකිය. නමුත් සී. ටී. නැළවිලි ගී, මවු ගුණ ගී, ළමා ගී, සොබා සෞන්දර්ය ගීත, දේශාභිමානී ගීත ආදී හැම වර්ගයේම ගීත ගයා ඇත. මේ වන විට එෆ්. එම්. නාළිකාවල ඔහුගේ ගීත නොඇසුනත් රසිකයන් අතර එම ගීත ඉතාම ජනපි‍්‍රය යැයි මතක් කරමු.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

සුමිතුරු සිරිට ආසිරි

කලා ලොවේ අප කාගේත් සුමිතුරා සිරි කහවලයන්ට සමස්ත අප පාඨක සැමගේ රසික ප්‍රතිචාර මෙසේ පුද කරමු.
 

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

අප කලකිරවන්න එපා

සෑම ඉරිදාවකම පස්වරු 1.00 සිට 2.00 දක්වා අසන්නන්ගේ ඉල්ලීම් ප්‍රචාරය වුණා. දැන් දැන් එම ගීත නියමිත කාලසටහන අනුව ප්‍රචාරය වන්නේ නැහැ. ශ්‍රාවකයන් කලකිරීමට ඉඩ නොදී නියමිත කාලසටහනට අනුව ප්‍රචාරය කරන්න.
 

වියානි ගුණවර්ධන, වයානි ගුණවර්ධන, ශීලා වැන්ඩලර්ලන්

පල්ලිය පාර, වෙන්නප්පුව

නාටක මාරයි හරිම ජොලි

‘දෙරණ නාළිකාවේ රාත්‍රි 9.30 ට විකාශය කරවන ‘නාටක මාරයි නවය හමාරයි’ විනෝදාත්මක වැඩසටහන හරිම ජොලියි කියලා කියන්න පුළුවන්.
 

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල

තටාකය පාර, කෑගල්ල

වසන්ත, සුරේශ් වෑයටම තුති

සටන් නළුවකු ලෙස වඩාත් ප්‍රකට වසන්ත කුමාරවිල පළමුවරට චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට පෙළඹීම කිව නොහැකි තරමේ සතුටකි. ඔබේ රඟපෑම් ඉතාමත් සාර්ථකයි. එවැනි අයකුගේ නිෂ්පාදනයක් නිරායාශයෙන්ම සාර්ථක වෙනවා නොඅනුමානයි. ඔබගේ නිෂ්පාදනය හා සුදේශ් වසන්ත පීරිස් ගේ අධ්‍යක්‍ෂණය රන් සයුරක්ම වේවා.
 

සෝමා එච්. පතිරණ

පන්සල පාර, කහවත්ත.

සුරාජ් ගේ මන බඳනා නැටුම...

රූ සඳ රෑ ප්‍රසංගය පසුගිය දා රාත්‍රි ජාතික රූපවාහිනියෙන් විකාශය කිරීම ගැන පළමුකොට ස්තුතිය පුද කරමි. චන්ද්‍රලේඛා ගේ ගීතයකට බුදවත්ත රංගායතනයේ නෘත්‍යාංගනාවන් සමඟ සුරාජ් මාපා ගෙන ආ නැටුම නම් ඉතාම ජවසම්පන්නයි. අලංකාරයි. වින්ඩි ගුණතිලක හා රයිනි ගුණතිලක ගෙන ආ ගැයුම් අගෙයි. චන්න උපුලී රංගායතනය ගෙන ආ පසුබිම් නැටුම් ද ඉතා අලංකාරයි. මන්චි නිර්මාතෘට රූකාන්ත ගැයූ ‘පියාණනී’ ගීතය අපූරුයි. කැලුම් ශ්‍රීමාල්ගේ කථනය හෘදයාංගමයි.
 

රෝෂිණී ගෝමස්

මොරටුව, කටුබැද්ද

ගුවන් විදුලියේ ‘ජෝති ගී’ ජනපි‍්‍රයයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය ඔස්සේ සෑම සිකුරාදාවකම සවස 4.00 ට ප්‍රචාරය වන ‘මා කැමති ජෝති ගී’ ඉතාම ජනපි‍්‍රය වැඩසටහනකි. නිතර අසන්නට නොලැබෙන ගීත, අසන්නට ලැබෙන එකම වැඩසටහනකි. මෙය ඉදිරිපත් කරන නිවේදක දෙපළට අපේ උණුසම් සුබ පැතුම්
 

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා, ඥානාකුමාරි පෙරේරා

කළුබෝවිල

‘කුටු කුටු මාමා’ හරිම ලස්සනයි

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘කුටු කුටු මාමා’ ටෙලි නාට්‍යය හරිම ලස්සනයි. එහි අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර විජේරත්න නළු නිළියන්ව ඉතා දක්‍ෂ ලෙස මෙහෙයවා තිබෙනවා. ඔබ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙකි.
 

ටී. සගායම්

පේරාදෙණිය

S.M.S.

බිමල් ජයකොඩි අයියාගේ රඟපෑම් හරිම ලස්සනයි. මම අයියාට සුබ පතනවා.
 

පැතුම්

කරන්දෙණිය

සැප්ැම්බර් 19 වැනි දින කොළඹ දී පැවැත් වූ ANKIT TIVARI live in concert හරිම ලස්සනයි. මිහිපිට සුරදූතයකු හා සමානයි.
 

නිලූකා

අවිස්සාවේල්ල

එම්. එස්. පුනාන්දු කලාකරුවාගේ ගීත ටික රැක ගැනීමට ඔහුගේ පුත් සරත් ප්‍රනාන්දු විසින් එම්. ජී. ධනුෂ්කට විරුද්ධව ගත් පියවර ඉතාම අගෙයි.
 

පී. වයි. අනුලාවතී

අව්ස්සාවේල්ල

ස්වප්නා හා මේ ආදරයයි ටෙලි නාට්‍යවල සුරාජ්, ස්වප්නා, රමන්, එෂිතා අපට හොඳ ආදර්ශයක්. මේ වගේ එකිනෙකා තේරුම් ගත්තු ආදරවන්තයන් ඉන්නවා නම් කොයි තරම් අපූරුද?
 

(නම සඳහන් වී නැත)

සිරස නාළිකාවේ විකාශය වන ‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍යය සියලු දෙනාටම ආදරශවත් කතාවක්. ඉදිරියටත් එවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවායි පතිමි.
 

පවිත්‍රා

බෙලිඅත්ත

රංගනයෙන් ඉදිරියට යන්න කැමැති අයට ‘සරසවිය’ තුළින් රංගනයට අවස්ථාවක් ලබා දීමට වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නේ නම් මහඟු උපකාරයකි.
 

ඉෂාර
මහව

ඔල්ගා කල්පනී, අපේ කාලයේ සන්ධ්‍යා කුමාරිය ඔයයි. නිහතමානීව දුර ගමනක් යාමට මාගේ සුබ පැතුම්.
 

නීටා මර්සලීන්

වරාගොඩ, කැලණිය

එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා අහලා තිබ්බට ඒ වගේ අය ලංකාවේ ඉන්නවා කියලා ඇහුවමයි. එම්. ජී. ධනුෂ්ක වගේ ඉඳගෙන එයා වගේ කරපු වැඩේ නම් හරිම කැතයි.
 

ආනන්ද

උඩුගම්පොල

සුජාතා ඩ්‍රාමා එකේ චනුකට ඇක්ට් කරන අයියගේ ඇක්ටිං මරු, සුපිරියි.
 

ලක්මාල්

ගම්පහ

මේනක, නෙහාරා රට හැර යාම දුකක් තමයි. නමුත් ඒ ගැන දුක් වෙන්නෙ මොකටද? ලංකාවේ තව නළු නිළියො නැද්ද?
 

සාගරිකා

කුඩාගම, අවිස්සාවේල්ල

ඔබේ රඟපෑම් හරිම තාත්විකයි. රංගන දිවියට පනස් වසරක් සපිරූ මියුරි සමරසිංහට මාගේ සුබ පැතුම්.
 

එච්. පතිරණ

කහවත්ත

රදීෂ් වැන්දබෝනා අයියා, ඔයා මියුසික් කරපු ‘අනන්තයේ තරු කුමරා ගීතය නම් මරු. අපේ සුබ පැතුම් ඔයාට.
 

අනුර

මහරගම

X file ටෙලි නාට්‍යය නැවත රූපවාහිනියෙන් විකාශය කරනවානම් අගයමි.
 

සඳුනි

යාගොඩ

සේනානායක වේරලියද්ද, ශිහාන් මිහිරංග වැනි ගායකයන්ගෙ ගීත නිර්මාණ කළ සජිත් වී. චතුරංග අයියේ ඔබගේ පද රචනා නියමයි.
 

සනත්

ගම්පහ

0773124377
ප්‍රතිචාර සඳහා නවතම අංකයක්