වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සහායට ස්ටැලෝන්

සහායට ස්ටැලෝන්

මේ දිනවල ප්‍රභූ දේවා අධ්‍යක්ෂණය කළ ‘සිංග් ඊස් බ්ලින්ග්’ චිත්‍රපටය තිරගතවීමත් සමඟ එහි ප්‍රධාන නළු ආක්ෂේ කුමාර්ට වැඩි අවධානයක් යොමු වෙලා. මේ අතරේ රඟපාන්න වැඩියෙන්ම කැමැති කවුරුන් සමඟදැයි, ඔහුගෙන් එක් රසිකයෙක් විමසලා. ආක්ෂේගේ පිළිතුර වෙලා තියෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු සිල්වෙස්ටර් ස්ටෙලෝන්.

ආක්ෂේට ස්ටැලෝන් සමඟින් රඟපාන්න අවස්ථාවක් ලැබුණේ 2009 වසරේදීයි. ඒ ෂබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ Kabakkht Ishq චිත්‍රපටයේදීයි. ආක්ෂේ ලද මෙම අවස්ථාව ගොඩක් වටිනවා කියලයි ඔහු කියන්නේ. ආයෙමත් ඒවගේ අවස්ථාවක් ලැබෙනවා නම් මොන තරම් හොඳද කියලා ඔහු පවසවා.