|
ඒ දවස්වල තාරාවෝ ඉගිළුණේ නෑ, දිව්වලු
හොඳ නාට්‍යයක් දුවන්න ගත්තම එහෙම තමයි. සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස වුණත් ඒ වර්ගයේ නාට්‍යයක්. නළු නිළියන්ට, අනෙක් ශිල්පීන්ට විවේකයක්, නිවාඩුවක් ඇත්තෙම නෑ වගේ. එක දිගටම දර්ශන. ඒ වගේමයි මේ දර්ශන පෙන්නන්න යෙදිච්ච ස්ථාන. එක රැයක වැලිමඩ නම් ඊළඟ දවසේ ගාල්ල නැත්නම් හලාවත. තාරාවෝ ඉගිලෙති නාට්‍ය ශාලා දින වකවානු එක්ක පත්තරේ දැන්වීම් යනකොට මට නම් හිතුණේ තාරාවෝ ඉගිලුණේ නෑ කඩාගෙන දිව්වා කියලා. ඔන්න ඔහොම දුවගෙන යන කාලෙ 81 ඔක්තෝබර් විතර ලූෂන්වයි, බන්දුල විතානගේවයි ගුවන් විදුලියෙන් රූපවාහිනියට අනුයුක්ත කිරීමෙන් පස්සේ රූපවාහිනී වැඩසටහන් ගැන පුහුණුවකට මැලේසියාවට යවන්න තීරණය කරලා. තාරාවෝ දිවිල්ල පටන් ගත් ගමන් රටින් පිට යන්න සිද්ධ වුණාම ලූෂන්ට කර කියා ගන්න දෙයක් නැති වුණා. නාට්‍යයේ සංවිධාන කටයුතු කාට බාර දීලා යන්න ද කියලා හිතාගන්න බැරිව. ඒ වෙන කොට දර්ශන විශාල ගණනක් බාර අරගෙන. නාට්‍යය නතර කරන්නත් බෑ. සංවිධාන කටයුතු කියන්නේ බෙල්ල ගහලා යන ජොබ් ඒකක්. එක පැත්තකින් නාට්‍ය කණ්ඩායම, අනිත් පැත්තෙන් ඕර්ගනයිසර්ස්ලා, ප්‍රේක්ෂකයෝ, ඊළඟට මුදල් ගනුදෙනු, ට්‍රාන්ස්පෝට්, පබ්ලිසිටි , නළු නිළියන්ගේ සුබසාධන කටයුතු, විශේෂයෙන් දින දෙක තුන එක දිගට යන කොට කෑම බීම, ගැළපෙන නවාතැන් පහසුව වගේ දේවල්.
ලූෂන්, අනු වෙහෙසකර දර්ශන දෙකකට පස්සේ විශේෂයෙන් ඊළඟ දවසෙත් දර්ශන තිරගත වෙනවා නම් කණ්ඩායමට පුංචි විවේකයක්, ආස්වාදයක් ඕනෑමයි. රාත්‍රී කෑම හා ඒ සම්බන්ධ අවශ්‍ය අනෙක් දේ. සංවිධායකවරු ඒ දේවල් විශේෂයෙන් සැර පාන ගැන උනන්දුවක් ඇත්නම් ඒ සංවිධාන කටයුත්තත් පැවරුණේ මට. බණ්ඩාරවෙල දර්ශන ඉවර වෙලා සංවිධායකවරු අපිව රාත්‍රී කෑමට ඔවුන් සංවිධානය කරලා තිබුණු ළඟ පාත නිවසකට ගෙන ගියා. නාට්‍ය නරඹන්න ඇවිත් හිටපු නගරයේ ප්‍රභූන් අතර නුගේගොඩ උඩහමුල්ල පදිංචි වෙලා හිටපු මගේ පාසල් සමයේ පරණ මිත්‍රයෙක් වුණු කෝසල හෙට්ටිආරච්චි වැවිලිකරුවත් (Plahter) හිටියා. රාත්‍රී ආහාර ගන්න නිවසට කෝසලත් මාත් එක්ක එකතු වුණා. බීම කෙසේ වෙතත් රාත්‍රී ආහාරය දැක්කම මට තරු විසි වුණා. මම මගේ සමීපතම සගයා ජයශ්‍රී චන්ද්‍රජිත් එක්ක පැත්තකට ගිහින් කතා කළේ අපට පිළියෙල කරලා තිබුණු රබර් වුණු නූඩ්ල්ස් කෑම කරුණාවෙන් ප්‍රතික්ෂේප කරලා නගරයට ගිහින් සුදුසු ආහාරයක් ගමු කියලා. නාට්‍ය කණ්ඩායම එකඟයි මගේ තීරණයට. දැන් තරමක් රෑ වෙලා, බණ්ඩාරවෙල කොතනින් ද ඒ රෑයාමේ කෑම හොයා ගන්නේ? කෝසල මිත්‍රයාට මගෙත්, නාට්‍ය කණ්ඩායමෙත් තත්ත්වෙ තේරුණා. බුද්ධි අපි යමු මගේ එස්ටේට් එකට. යෝජනාව කෝසලගෙන්. බණ්ඩාරවෙල නගරයෙන් ඈත තේ වත්තක් මැද කෝසලගේ බංගලාව. උණුසුම් කළ කාමර, සුව පහසු ඇඳන්, කණ්ඩායමේ කාටවත් වෙහෙසක් මහන්සියක් නෑ වගේ. කෝසලගේ බංගලාවේ අප්පුලාට ඒ රෑ බරටම වැඩ. සීතලක ලකුණක්වත් නෑ. රෑ මැදියම වෙනකල් අවදියෙන් ක්ලැරනට් වාදනය කරපු මිස්කින් පපාගෙ වාදනයට. රාත්‍රිය සුන්දරයි කියන්නේ කාලෙකට අමතක නොවන සුන්දර රැයක්. උණු උණුවේ මේසෙට ආපු සම්බා හාලේ බත, පොල් සම්බෝල, කුකුළු මස් කරිය, තාරාවෝ ටිකට ගෙනාවේ කියා ලියා නිම කරන්න බැරි සැනසිල්ලක්, සතුටක්. හොඳ රසිකයෙක්, මිත්‍රයෙක්, කෝසල නිසා එදා රෑ බෙරිවුනු නුඩ්ලස් භෝජනයෙන් ගැළ වුණා. සංවිධායක මට ෆුල් ක්‍රෙඩිට්. රට ඉඳලා ආපු ලූෂන්ගේ පළවෙනි යෝජනාව බැරි ද බුද්ධි දිගටම ඕර්ගනයිසින් වැඩේ කරගෙන යන්න? ඒක නම් කරන්න බෑ. ලූෂන් වෙනුවෙන් මම ඕර්ගනයිසර් වැඩේ බාර ගත්තේ නාට්‍යයට තිබුණු ආදරෙත් අපේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න පුළුවන් කියන විශ්වාසෙත් නිසා. දැන් ඉතින් මගේ ජොබ් එක ඉවරයි.
|