වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




රන් දම්වැල් ස්වාධීන රූපවාහිනියේ

රන් දම්වැල් ස්වාධීන රූපවාහිනියේ

මුතු කිරිල්ලී, අමන්දා, හිම කඳු ආදී ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ලිලන්ත කුමාරසිරිගේ නවතම ටෙලි සිතුවම රන්දම්වැල් ලබන මස 01 වැනිදා එනම් එන සඳුදා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 9.30 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ. බුද්ධදාස විතානාරච්චි, ඩබ්ලිව්. ජයසිරි, මේනක රාජපක්‍ෂ, මල්කාන්ති ජයසිංහ, තිසුරි යුවනිකා, සරත් කරුණාරත්න, වත්සලා රණසිංහ, කිෂානි අලංකි, බර්ටි නිහාල් සුසිරිපාල, සෝමසිරි අලකොලංග, ශෂිරංග වික්‍රමසේකර, අතුල ජයසිංහ, චරිත් සේනානායක, සත්සර සවන්, රුක්ෂානා දිසානායක, රුමලි චමත්කා වරකාගොඩ, ගාමිණී සෝමරත්න මෙහි චරිත නිරූපණයේ යෙදෙති.

රන්දම්වැල් සුසිල නිෂ්පාදන වෙනුවෙන් සන්ධ්‍යා මෙන්ඩිස් ගේ නිෂ්පාදනයකි. අරුණ ප්‍රේමරත්නගේ රචනයකි. ඉන්දික ලක්මාල්ගේ කැමැරා අධ්‍යක්‍ෂණයකි. තිලංක නිරංජන් බණ්ඩාර සංස්කරණ ශිල්පියාය. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්‍ෂණයකි. ජනක අකුරම්බොඩ කලා අධ්‍යක්‍ෂණයෙන් ද, අරවින්ද අධිකාරි අංග රචනයෙන් ද, හේෂාන් මියුරංග කෝදාගොඩ සහාය අධ්‍යක්‍ෂණයෙන් ද, තුසිත් නිරෝෂන් සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, සජිත් වී. චතුරංග ගී පද රචනයෙන් ද, සිදත් උපුල් ගුණවර්ධන සහ ජනක සම්පත් තඹරවිල නිෂ්පාදන කළමනාකරණයෙන් ද මේ සඳහා එක්වෙති.