වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රසන්න ඉන්දියාවේදී උසාවිය නිහඬ කරයි

ප්‍රසන්න ඉන්දියාවේදී උසාවිය නිහඬ කරයි

මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ පුවතක් පාදක කර ගනිමින් ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද අර්ධ වෘත්තාන්ත සිනමා නිර්මාණයක් වන ‘උසාවිය නිහඬයි’  (Slent in the court)  මංගල දැක්ම ඊයේ නව දිල්ලියේ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. අපේ රටේ සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගත් මෙම සිනමාපටය අපේ අධිකරණ ක්‍රමය සමාජ සාධාරණත්වය ඉටුකිරීමට කොතෙක් දුරට සමත් වී ඇත්දැයි ප්‍රශ්න කරනු ලබන චිත්‍රපටයකි.

ප්‍රසන්න විතානගේ සමඟ ඔහුගේ බොහෝ චිත්‍රපට සඳහා දායක වූ සම්මානනීය සිනමා ශිල්පීන් වූ කැමරා අධ්‍යක්‍ෂණය එම්. ඩී. මහින්දපාල, සංස්කරණ ශිල්පි ශි‍්‍රකර් ප්‍රසාද්, ශබ්ද ශිල්පී තපස්නායක්ගේ සයිලන්ට් ඉන්ද කෝට් සඳහා දායකව සිටිති. සංගීත අධ්‍යක්‍ෂණය දකුණු ඉන්දියාවේ යොවුන් සංගීතඥ කේ ගෙනි. දමින්ද මඩවල මෙහි සහාය අධ්‍යක්‍ෂවරයාය.

සයිලන්ට් ඉන්ද කෝට් නිෂ්පාදනය ප්‍රසන්න විතානගේ සමඟ එච්. ඩී. ප්‍රේමසිරි ගෙනි.

ප්‍රසන්න නිර්මාණය කරන ලද ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සමිමානය අංජලී පතිල් දිනා ගත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ ගින්දරී චිත්‍රපටයෙන් පසු කොළඹ රීගල් ඇතුළු සිනමාහල් වල තිරගත වීමට නියමිතය.