වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




දිරිය මාතා දොරට වැඩුම

දිරිය මාතා දොරට වැඩුම

සරසවිය සම්මාන දිනූ චිත්‍රපට නිෂ්පාදිකා මිලිනා සුමතිපාල මහත්මියගේ අසූවන ජන්ම දින උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනි දින පැවැත්විණි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද, කලාකරුවෝ හා ඇගේ දූ දරුවෝ සහ පවුලේ ඥාතීහු ද එක්ව සිටියහ.

මෙම උළෙලේ දී කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාස සූරීන් විසින් රචිත ‘මිලිනා’ චරිතාපදානය සහ ඉන්දු පෙරේරා විසින් රචිත ‘දිරිය මාතා’ යන කෘති ජනාධිපතිතුමා අතින් මිලිනා සුමතිපාල මහත්මිය වෙත පිළිගන්වන ලදී.

ගඟ අද්දර, දුවට මවක මිස, උප්පල වණ්ණා සම්මානනීය චිත්‍රපට සහ තිරගත වීමට නියමිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන ‘පත්තිනි’ චිත්‍රපටය ද මිලිනා සුමතිපාල නිෂ්පාදනය කළ චිත්‍රපට වේ.