වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අපි නොදන්න චෙස්

අපි නොදන්න චෙස්

කත්‍රිනා හොඳ චෙස් ක්‍රීඩිකාවක්ලු. ඒක ඇයගේ රසික රසිකාවන් දැනගෙන නොසිටි කතාවක්. අමීර් මේ බව පැවසුවේ මහාරාෂ්ට්‍ර චෙස් තරගාවලියේ තෙවන අදියරේ සමාරම්භක උළෙලට සහභාගි වෙමින්. “මට ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම චෙස් ක්‍රීඩා කරන්න කැමැතියි”. ඒවගේම අමීර් සමඟ ඩූම් – 3 චිත්‍රපටයේ චරිත නිරූපණය කළ කත්‍රිනා කායිෆ් චෙස් ක්‍රීඩාවට හොඳ තරගකාරියක බවත් එහිදී ඔහු පැවසුවා. “ඇය හොඳ ක්‍රීඩිකාවක් තව ටිකෙන් මම ඇයට පරදිනවා” අමීර් පැවසුවේ ඉතා බැරෑරුම් විදියට.

අමීර් මෙම තරගාවලියේදී ඉන්දීය චෙස් සූරයෙකු වන විශ්වනාදන් ආනන්ද් (විශී) සමඟින් චෙස් ක්‍රීඩා කළා. එහි ඡායාරූප වගේම වීඩියෝපටත් අන්තර්ජාලයේ දැක්වුණා.

අමීර් සිනමාවේදීත් ක්‍රීඩාවට බොහොම සමීප චරිතයක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමීප වුණේ ‘ලගාන්’ චිත්‍රපටයෙන්. ඊළඟට ඔහු මල්ලවපොර සූරයෙකු වන්නට නියමිතයි. ඒ ‘ධන්ගාල්’ චිත්‍රපටයෙන්. මේ දිනවල අමීර් ඒ වෙනුවෙන් සිරුර සකසා ගනිමින් සිටින්නේ. දැන් ඔහුගේ කිලෝ ග්‍රෑම් 95ක් දක්වා වර්ධනය කරගෙන. ඒ මල්ලවපොර සූරයාගේ චරිතය වෙනුවෙන්. අනාගතයේදී චෙස් ක්‍රීඩාව ගැන පදනම් වූ චිත්‍රපටයක් වෙත අමීර්ගේ අවධානය යොමු වෙලා තිබෙන බවත් ආරංචියි.

චෙස් ක්‍රීඩාව මත ලියවුණු හොඳ තිරරචනයක් ලැබුණොත් එයින් චිත්‍රපටයක් නිර්මාණය කරන්න උනන්දුවක් තමන්ට තියෙන බව අමීර් මෙම චෙස් තරගාවලියේදී පැවසුවා.