වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවේගය 12 දා
ජනපි‍්‍රය සිනමාවට නව හැරවුම් ලක්ෂයක්- හේමාල් - උදාරි – ජැක්සන් එක්වෙති

ප්‍රවේගය 12 දා

සිංහල සිනමාවේ ජනපි‍්‍රය සිනමා ශෛලිය අලුත් මාවතකට යොමු කළ හැකි නවතම චිත්‍රපටයක් ලබන 12 වැනිදා සිට ඊ. ඒ. පී. සිනමා මණ්ඩලයේ තිරගත වනු ඇත. ඒ ප්‍රවේගයයි.

ඩොනල්ඩ් ජයන්ත සහ එස්. සරොව් අධ්‍යක්‍ෂණය කළ එය හේමාල් රණසිංහ, උදාරි, සනත් ගුණතිලක, ජැක්සන් ඇන්තනී, ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, මහේන්ද්‍ර පෙරේරා, මොරීන් චාරුනී ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් හැඩ ගන්වති.

මෙය ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ගේ නිෂ්පාදනයකි. ඉන්දික උදාරලංකා අංග රචනයෙන් ද, මංජුල අයගම කලා අධ්‍යක්‍ෂණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද, භාතිය සහ සන්තුෂ් සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද ප්‍රවේගය සඳහා එකතු වී සිටිති.